කොමර්ෂල් බැංකුවේ ‘ටේ‍්‍රඩ් ක්ලබ්’ වෙතින් ආනයන හා අපනයනකරුවන් සවිබල ගැන්වීමට සම්මන්ත්‍රණයක්

Trade Club event - May 2024 (LBN)

දේශීය ආනයන හා අපනයනකරුවන් සවිබල ගැන්වීම සඳහා පිහිටුවන ලද වේදිකාවක් වන  කොමර්ෂල් බැංකුවේ, ‘ටේ‍්‍රඩ් ක්ලබ්’ (Trade Club)  විසින් මෑතකදී බැංකුවේ ගැනුම්කරුවන් 100 කට අධික පිරිසකගේ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට අන්තර් ක්‍රියාකාරී සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. ආනයන හා අපනයන ක්ෂේත්‍රයන්හි නිරත එම ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා සහ ගැටලු  සාකච්ඡා කිරීම එහිදී සිදුවිය. “ආර්ථික වර්ධනයට සහාය දැක්වීම” යන තේමාව යටතේ මරීනෝ බීච් හෝටල් පරිශ්‍රයේදී මෙය පැවැත්විණි. ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජික මහාචාර්ය ප්‍රියංග දුනසිංහ මහතාගේ දැනුම හා අත්දැකීම් පැමිණි පිරිසට මහත් ප්‍රතිලාභයක් වූ අතර වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නලින්ද විජේරත්න මහතා, දේශීය ආදායම් දෙපාර්තමේන්තු කොමසාරිස් ප්‍රදීප් සිල්වා මහතා හා ඩීසල් හා මෝටර් ඉංජිනේරු සමාගමේ (ඩීමෝ) විධායක අධ්‍යක්ෂ/ ප‍්‍රධාන මූල්‍ය නිලධාරි සුරේෂ් ගුණරත්න මහතා ද සම්පත් දායකයින් ලෙස මෙම අවස්ථාවට සහභාගි වූහ. වර්තමානයේ රටෙහි ආර්ථික හා වෙළඳ පරිසරය, වෙළඳ පාරිභෝගිකයින් සඳහා වන වාණිජ දෙපාර්තමේන්තුවේ සේවා, විදේශ වෙළෙඳ මෙහෙයුම් හරහා ලබාගත හැකි ප්‍රතිලාභ, ආනයන හා අපනයනකරුවන් වෙනුවෙන් බදු ප්‍රතිලාභ හා නිදහස් කිරීම් වැනි මාතෘකා මෙහිදී ආවරණය කරන ලදී. ඊට අමතරව මෝටර් රථ කර්මාන්තයෙන් ඔබ්බට ගිය සාර්ථක ව්‍යාපාරයක ප්‍රගතිය පිළිබඳ ඉදිරිපත් කිරීමක්ද සම්මන්ත්‍රණයේ කොටසක් විය. කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ආයතනික බැංකුකරණ තමාරා බර්නාඩ් මෙනවිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – භාණ්ඩාගාර අසේල විජේසිරිවර්ධන මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ මිතිලා ශාමිනී මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වූහ. සංසඳය අවසානයේ සම්පත් දායකයින් හා බැංකු නියෝජිතයින්ගෙන් සැදුම්ලත් සාකච්ඡා මණ්ඩපය හරහා ප්‍රශ්න ඇසීමට පැමිණ සිටින්නට අවස්ථාව අවස්ථාව සැලසුණි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව