කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර ජාලයෙන් උත්සව සමයේ වාර්තාගත මුදල් ලබා ගැනීමක්

ATM record - Apr 2021

 




 

 

  • දිනකදී සාමාන්‍යයෙන් රුපියල් බිලියන 78 බැගින් දින 15ක් තුළදී රුපියල් බිලියන 41.748ක් ලබාගෙන
  • අපේ‍්‍රල් 9 සහ 10 දෙදින පමණක් ලබාගත් මුදල රුපියල් බිලියන 82ක්

කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM) ජාලය මගින් අපේ‍්‍රල් 9 සහ 10 දෙදින වාර්තාගත රුපියල් බිලියන 8.818ක මුදලක් නිකුත් කර ඇති අතර පැය 24ක් තුළ මුදා හරින ලද මුදල් ප‍්‍රමාණය සඳහා නව වාර්තාවක් පිහිටුවා ඇත.

බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර ජාලය විසින් අපේ‍්‍රල් 9 වන දින රුපියල් බිලියන 4.498ක මුදලක් සහ ඊට පසු දින රුපියල් බිලියන 4.320ක මුදලක් මුදාහැර ඇති බව බැංකුව නිවේදනය කර ඇත.

සමස්ත වශයෙන් 2021 අපේ‍්‍රල් මස 1 වන දින සිට 15 වන දින දක්වා කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර වලින් රුපියල් බිලියන 41.748ක මුදලක් ලබාගෙන තිබූ අතර මෙම ජාලය මෙරට වැසියන්ගේ දෛනික ජීවිතයට දක්වන වැදගත්කම සහ එහි විශ්වාසනීයත්වය මෙන්ම ශක්තිමත්භාවය මෙමගින් පෙන්නුම් කරයි. මෙම දින 15න් දින 7කදී දිනකට රුපියල් බිලියන 2කට අධික මුදල් ප‍්‍රමාණයක් බැගින් ලබාගෙන ඇති අතර දින 5කදී දිනකට රුපියල් බිලියන 3කට අධික මුදල් ලබාගෙන ඇති බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

මේ අනුව ටෙලර් යන්ත‍්‍ර ජාලය සතු යන්ත‍්‍ර 890ක් ඔස්සේ අදාළ දින 15 තුළදී සමස්ත වශයෙන්  ගනුදෙනු මිලියන 2.434ක් සිදුකොට ඇති අතර එක් දිනක් තුළ සාමාන්‍යයෙන් සිදු කොට ඇති ගනුදෙනු සංඛ්‍යාව 168,988කි. අපේ‍්‍රල් 9 වන දින පමණක් සිදු කොට ඇති ගනුදෙනු සංඛ්‍යාව 233,990ක් වූ අතර එය පැයකට ගනුදෙනු 9,749ක්, එසේත් නැත්නම් විනාඩියකට ගනුදෙනු 162ක් විය.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 890 ක් පවත්වාගෙන යයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව