කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් හිමියන් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මිලදීගැනීම් වලට වට්ටම් සහ දීමනා

Online promo - Glomark, PickMe & Keells

 




 

 

නවතම ඒකාබද්ධතාවය මගින් ග්ලෝමාක් සහ කීල්ස් සුපිරි වෙළඳසැල් මෙන්ම PickMe වෙතින් වට්ටම්

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් PickMe Food App එක මගින් glomark.lk වෙබ් අඩවියෙන් නැවුම් එළවළු, පළතුරු, මාළු සහ ආහාර මිලදී ගැනීමේදී 25%ක් දක්වා වට්ටම් සහ අනිකුත් ප‍්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව හිමිවී තිබේ. කොමර්ෂල් බැංකුව මෙම පාර්ශවකරුවන් සමග ඇතිකර ගෙන තිබෙන නවතම ඒකාබද්ධතාවය මේ සඳහා හේතුවී ඇත.

සෑම සෙනසුරාදාවකම ලබාදෙන මෙම දීමනාව මගින් ආවරණය වන භාණ්ඩ ග්ලෝමාක් සුපිරි වෙළඳසැල් වෙබ් අඩවියෙන් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පතක් මගින් ගෙවීම් කර ලබාගැනීමේදී මෙම 25% ක වට්ටම හිමිවන බවත් මෙහිදී බිල්පත් වටිනාකම රුපියල් 2500 ක් ඉක්මවා තිබිය යුතු බව බැංකුව සඳහන් කරයි. මෙම දීමනාව 2021 ජූලි මාසය අවසන් වනතුරු ලබාදෙන අතර පාරිභෝගිකයින්ට රුපියල් 1500 ක් දක්වා වට්ටමක් ලබාගැනීමට මෙහිදී අවස්ථාව හිමිවේ.

මීට අමතරව, සෑම බදාදා දිනයකම උදෑසන 10.00 සිට පස්වරු 6.00 දක්වා  ග්ලෝමාක් වෙතින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රෙඩිට් කාඞ්පතක් මගින් මිලදීගැනීම් කරන පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සම්පූර්ණ බිල්පත සඳහා රුපියල් 2000 ක උපරිමයක් දක්වා 20% ක වට්ටමක් ලබාදීමටද කොමර්ෂල් බැංකුව කටයුතු කර තිබේ. මෙම වට්ටම හිමිවන්නේ සමස්ත අවම බිල්පත් වටිනාකම රුපියල් 5000 ක් සහ එය ඉක්මවන පාරිභෝගිකයින්ට වන අතර එය 2021 ජුනි මාසය අවසන් වනතුරු බලපැවැත්වෙනු ඇත. මෙහිදී, වට්ටම හිමිවන්නේ එකම භාණ්ඩ තුනක හෝ කිලෝ 03 ක උපරිමයකට යටත්ව බව බැංකුව සඳහන් කරයි.

මේ අතර, කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් හිමියන් PickMe app එක මගින් 2021 ජුනි 30 වනදා දක්වා ලියාපදිංචි කාඞ්පත් මගින් අවම වශයෙන් රුපියල් 2000 ක් වැයකර ආහාර මිලදී ගැනීමේදී ඇනවුම් පහක් දක්වා සම්පූර්ණ බිල්පත් වටිනාකමින් රුපියල් 400 ක් අඩුකර ගැනීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී තිබේ. බැංකුව සඳහන් කරන්නේ PickMe app එකේ ලියාපදිංචි වී තිබෙන කාඞ්පත් හිමියන්ට මිලදී ගැනීම සිදුකරන අවස්ථාවේදී ඇප් එකේ දිස්වන ප‍්‍රවර්ධන කේතය ඇතුළත් කිරීම මගින් මෙම ප‍්‍රතිලාභය ලබාගත හැකි බවයි.

එසේම, කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් Keellssuper.com හෝ Keells mobile app තුළින් සිය ලියාපදිංචි කාඞ්පත් භාවිතා කරමින් භාණ්ඩ මිලදීගැනීමේදී 2021 ජුනි 30 වනදා දක්වා සමස්ත බිල්පතෙන් භාණ්ඩ බෙදාහැරීමේ ගාස්තුව තුන් වතාවක් කපා දමන අතර ඒ සඳහා එක් වරකදී අවම වශයෙන් රුපියල් 3500 ක භාණ්ඩ මිලදීගත යුතුබව බැංකුව පවසයි.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව