කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් හිමියන්ට මේ නත්තල් සමයේදී 50% ක් දක්වා වට්ටම්

Seasonal Card Offers Dec 2020
  • ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳසැල් 2000 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වෙයි
  • ගේදොර උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා මාස 60 ක් දක්වා පහසු ගෙවීමේ සැලසුම්

මෙවර නත්තල් සාප්පු සවාරියේ යෙදෙන කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් හිමි ගනුදෙනුකරුවන්ට දිවයින පුරා පිහිටි ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳසැල් 2000 කට වැඩි සංඛ්‍යාවක් වෙතින් 50% ක් දක්වා වට්ටම් සහ පහසු ගෙවීමේ සැලසුම් ලබාගැනීමේ අවස්ථාව බැංකුව විසින් උදාකර දී තිබේ.

මෙම දැවැන්ත වට්ටම් ලබාදීමේ වැඩසටහන යටතේ ගේදොර උපකරණ, රෙදිපිළිවල සිට ජනපි‍්‍රය හෝටල්වල නිවාඩු ගතකිරීම, විදේශීය විනෝදාස්වාද සහ සාප්පු සවාරි අවස්ථා දක්වා පුළුල් පරාසයක විහිදුණු වට්ටම් මාලාවක් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව විසින් ලබාදෙනු ඇත. මෙහිදී, විශේෂ දීමනාවන් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් වෙනුවෙන් දෙසැම්බර් මාසය අවසානය දක්වාම ලබාදෙන අතර බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් මගින් මිලදීගැනීම් කිරීමේදී මාස 60 ක් දක්වා පහසුගෙවීම් සැලසුම් ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

මෙම සහන ඇඟලූම් සහ විලාසිතා, ලෙදර් සහ සපත්තු, ආයිත්තම්, ආභරණ, අත් ඔරලෝසු, ලයිෆ්ස්ටයිල් නිෂ්පාදන, ඇස්කන්නාඩි, සැලෝන්, අන්තර්ජාල සාප්පු වෙබ් අඩවි සහ සුපිරි වෙළෙඳසැල් සඳහා ලබාදෙන බව බැංකුව පවසයි. එසේම, ප‍්‍රමුඛතම සන්නාම 20 ක් වෙතින් ඉලෙක්ට්‍රොනික ගේදොර උපකරණ සහ ගෘහ භාණ්ඩ මිලදීගැනීමේදීත් දිවයින පුරා පිහිටි සංචාරක නියෝජිතායතන සහ සමාගම් 36 ක් වෙතින් විදේශීය නිවාඩු අවස්ථා මිලදී ගැනීමේදීත් පහසුගෙවීමේ සැලසුම් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

 




 

සියළුම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් වට්ටම් දෙසැම්බර් 01 වනදා සිට ක‍්‍රියාත්මක වන අතර 2020 දෙසැම්බර් මාසය අවසන් වනතුරු නිශ්චිත දිනයන් සහ කාල පරාසයක් තුළ මේවා ක‍්‍රියාත්මක වේ.

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් මගින් වසර පුරාම පුළුල්ව විහිදුණු සේවා මාලාවක් ඇතුළත් වන ලෙස ප‍්‍රවර්ධන වැඩසටහන් සිදුකරයි. සිය Max Loyalty Rewards වැඩසටහන මගින් ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් යන දෙපිරිසටම ප‍්‍රතිලාභ ලබාදුන් පළමු බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි. මීට පෙර, සාම්ප‍්‍රදායික වශයෙන් ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා පමණක් ලබාදුන් ප‍්‍රවර්ධන වට්ටම් ඩෙබිට් කාඞ්පත් සඳහාත් ලබාදුන් පුරෝගාමී බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන කාඞ්පත් ලෙස කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් සැලකෙන අතර සමස්තයක් ලෙස ගත්විට මෙරට වෙළඳපොළ ප‍්‍රමුඛස්ථානය ගැනීමට කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් හා ඩෙබිට් කාඞ් සමත්ව තිබේ. බැංකුව විසින් Visa සහ Mastercard මෙන්ම UnionPay සන්නාම යටතේ Classic, Gold සහ Platinum මට්ටමින් ණයපත් නිකුත් කරන අතර ඉහළ පාරිභෝගික කාණ්ඩය සඳහා Visa Signature, World Mastercard සහ Visa Infinite මෙන්ම UnionPay Asia Prestige Diamond සහ UnionPay Asia Prestige Platinum කාඞ්පත් නිකුත් කරයි. මෙම කාඞ්පත් ‘Tap & Go’ NFC තාක්ෂණයෙන් යුක්ත වන අතර ඉතාමත් ශක්තිමත් NFC Point-of-Sale (POS) ජාලයක සහාය මේ සඳහා හිමිවේ.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව