කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු සිත්තම්’ චිත්‍ර තරගාවලියේදී ළමා කලාකරුවන් 135කට අධික සංඛ්‍යාවක් සම්මාන ලබයි

Arunalu Siththam 2023 winners (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන දීපව්‍යාප්ත ළමා චිත්‍ර තරගාවලිය වන ‘අරුණළු සිත්තම්’හි සිව්වන සංස්කරණය පසුගියදා සමාප්තියට පත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ සහ විදේශීය රටවල් කිහිපයක වෙසෙන ළමා කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණාත්මක ප්‍රකාශනයන් වෙනුවෙන් රුපියල් මිලියන 03ක (ලක්ෂ 30ක) මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමිණි.

වයස අවුරුදු 4 – 16ත් අතර ළමුන් සඳහා වූ මෙම තරගය, බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම වන ‘අරුණළු’ ගිණුම යටතේ පවත්වනු ලැබීය. මෙම තරගය ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ටද විවෘත විය.

වයස් කාණ්ඩ පහක් යටතේ චිත්‍ර නිර්මාණ 12,000කට වැඩි ප්‍රමාණයක් www.arunalusiththam.lk වෙබ් අඩෙවිය වෙත ඇතුළත් කර තිබිණි. කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ජයවර්ධනපුර ‘අපේ ගම’ පරිශ්‍රයේ පැවැත්වූ සම්මාන ප්‍රදානෝත්සවයට සහ ප්‍රදර්ශනයට අරුණළු සිත්තම් ජයග්‍රාහකයින් 137 දෙනෙකුට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආරාධනය කර තිබිණි. ප්‍රදර්ශනය සඳහා චිත්‍ර නිර්මාණ 274ක් ඇතුළත්ව තිබුණු අතර, 2021 සහ 2022 තරඟවල ජයග්‍රාහී නිර්මාණ එහිදී ප්‍රදර්ශනය කරන ලදී.

මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් කරන ලද චිත්‍ර නිර්මාණ විනිශ්චය කිරීම, මහාචාර්ය සුසිරිපාල මාලිම්බොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලයකට පැවරිණි.

දේශීය පෙර පාසල් කාණ්ඩයේ ලාබාලතම ජයග්‍රාහකයින් 25 දෙනාට රුපියල් 10,000 බැගින් මුදල් ත්‍යාගයක් සහ සහතිකපත් මෙහිදී ප්‍රදානය කරන ලදී. මෙම කාණ්ඩයේම තවත් සහභාගීවූවන් 50 දෙනෙකුට කුසලතා සහතික පිරිනැමිණි. මෙයට අමතරව අනෙක් කාණ්ඩ හතරෙහි පළමු ස්ථාන ලබාගත් ජයග්‍රාහකයින්ට රුපියල් 100,000 බැගින් මුදල් ත්‍යාග පිරිනමන ලදී. එසේම එම කාණ්ඩවල දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත් ජයග්‍රාහකයින්ට පිළිවෙලින් රුපියල් 75,000 සහ රුපියල් 50,000 බැගින් ත්‍යාග මුදල් පිරිනැමිණි. ඔවුන් සියල්ලන්ටම සහතිකපත්ද පිරිනැමිණි. මේ අතර දේශීය පශ්චාත් ප්‍රාථමික, ප්‍රාථමික, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන සෑම කාණ්ඩයකම තරගකරුවන් 25 දෙනෙකුට රුපියල් 10,000 බැගින් මුදල් ත්‍යාග සහ සහතිකපත්ද පිරිනැමිණි. එසේම මෙම කාණ්ඩ හතර අතරින් තෝරාගත් තරගකරුවන් 50 දෙනෙකුට කුසලතා සහතික පත්ද ප්‍රදානය කෙරිණි.

විදේශගත වී සිටින ශ්‍රී ලාංකික දරුවන් සඳහා හඳුන්වා දුන් නව කාණ්ඩයේ ජයග්‍රාහකයින් දෙදෙනෙකුට රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමුණු බැව්ද බැංකුව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව