කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු සිත්තම්’ වර්ණවත් ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී ජයග‍්‍රාහී ළමා සිත්තරුන් ත්‍යාග දිනයි

Arunalu Siththam awards ceremony (2)

 



 

 

 

කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද ‘අරුණළු සිත්තම්’ ළමා චිත‍්‍ර ප‍්‍රදර්ශනය සඳහා දහතුන් දහසකට අධික නිර්මාණශීලී සිතුවම් දරුවන් විසින් ඉදිරිපත් කර තිබූ අතර ඒ අතරින් වඩාත්ම නිර්මාණශීලී සිතුවම් සඳහා පසුගියදා මුදල් ත්‍යාග සහ සහතිකපත‍්‍ර බැංකුව විසින් පිරිනමන ලදී.

කොමර්ෂල් බැංකුව විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වූ වර්ණවත් ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී තරඟයට වයස් කාණ්ඩ පහක් යටතේ සහභාගී ළමුන් අතරින් වයස් කාණ්ඩ හතරක ඉහළම කුසලතාවය දැක්වූ දරුවන් 12 දෙනෙකුට ත්‍යාග ප‍්‍රදානය කරන ලදී.

අරුණළු සිත්තම් ළමා චිත‍්‍ර තරඟය දෙවන වරටත් පවත්වමින් ‘2021 අරුණළු සිත්තම් ළමා චිත‍්‍ර තරඟය’ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී කොමර්ෂල් බැංකුව ආරම්භ කළ අතර අවුරුදු 4-16 අතර දරුවන්ට වයස් කාණ්ඩ පහක් යටතේ චිත‍්‍ර ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබුණි. මෙහිදී, 2021 නොවැම්බර් 25 වනදාට පෙර චිත‍්‍ර ඉදිරිපත් කළ යුතුවූ අතර කණිෂ්ඨ අංශය යටතේ ‘අපගේ ජීවන රටාව’ සහ ජ්‍යෙෂ්ඨ අංශය යටතේ ‘ස්වභාවධර්මයේ ත්‍යාග’ යන මාතෘකා වලට අදාලව චිත‍්‍ර ඉදිරිපත් කිරීමට උපදෙස් ලබාදී තිබුණි. මෙහිදී පෙර පාසැල් (අවුරුදු 4-5), ප‍්‍රාථමික (අවුරුදු 6-7), පශ්චාත් ප‍්‍රාථමික (අවුරුදු 8-10), කණිෂ්ඨ (අවුරුදු 11-13) සහ ජ්‍යෙෂ්ඨ (14-16) යන වයස් කාණ්ඩ යටතේ චිත‍්‍ර ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලදී. මෙම චිත‍්‍ර තරඟය කොමර්ෂල් බැංකුවේ ගිණුම් හිමි දරුවන්ට මෙන්ම ගිණුම් නොමැති දරුවන්ටද විවෘත වූ අතර කොමර්ෂල් බැංකුවේ ගිණුම් හිමි දරුවන් ජයග‍්‍රහණය කළවිට ඔවුන්ට ලබාදුන් ත්‍යාග දෙගුණ කරමින් විශේෂ මුදල් ත්‍යාග ලබාදීමටද බැංකුව කටයුතු කර තිබුණි.

ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී වැඩිමල් වයස් කාණ්ඩ හතර යටතේ පළමු, දෙවන සහ තුන්වන ස්ථාන දිනාගත් දරුවන්ට ත්‍යාග පිරිනමන ලදී. මෙම ජයග‍්‍රාහකයින්ට පිළිවෙලින් රුපියල් 100,000 ක්, රුපියල් 75,000 ක් සහ රුපියල් 50,000 ක් ලෙස මුදල් ත්‍යාග පිරිනැමූ බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

පෙර පාසැල් අංශය සඳහා ත්‍යාග පිරිනැමීම සිදු නොකළ අතර ඉදිරියේදී මෙම අංශයේ ජයග‍්‍රාහී දරුවන් 25 දෙනෙකුට රුපියල් 10,000 ක් බැගින් මුදල් ත්‍යාග සහ සහතික පත‍්‍ර මෙන්ම එම අංශය යටතේ චිත‍්‍ර තරඟය සඳහා සහභාගී වූ දරුවන් 50 දෙනෙකුට කුසලතා සහතික පත‍්‍ර පිරිනමන බව බැංකුව සඳහන් කරයි. මීට අමතරව, බැංකුව පවසන්නේ අනිකුත් සියළුම අංශවල 25 දෙනෙකුට රුපියල් 10,000 ක් බැගින් මුදල් ත්‍යාගයක් සහ සෑම අංශයකම තවත් 50 දෙනෙකුට කුසලතා සහතිකයක් බැගින් පිරිනමන බවයි.

ත්‍යාග ප‍්‍රදානෝත්සවයට සහභාගී නොවූ අනිකුත් තරඟ කරුවන්ට හිමි සහතික පත‍්‍ර ඔවුන්ට ළඟම කොමර්ෂල් බැංකු ශාඛාවෙන් ලබාගත හැකි බවත් ජයග‍්‍රාහී මුදල් ඔවුන්ගේ ‘අරුණළු’ බැංකු ගිණුම්වලට බැර කරන බවත් කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මෙම තරඟයේ ජයග‍්‍රාහකයින්ට රුපියල් මිලියන 2.5 ක මුදල් ත්‍යාග පිරිනමන බව කොමර්ෂල් බැංකුව වැඩිදුරටත් පවසයි.

මෙම චිත‍්‍ර තරඟයේ විනිශ්චය මණ්ඩලයට දෘශ්‍ය සහ ප‍්‍රසාංගික කලා විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති සහ ශ‍්‍රී ලංකා රාජ්‍ය කලා මණ්ඩලයේ සාමාජික මහාචාර්ය සුසිරිපාල මාලිම්බොඩ මහතා,  වෙළෙඳ ප‍්‍රචාරණ අංශයේ උපදේශනාත්මක නිර්මාණ අධ්‍යක්ෂිකාවක මෙන්ම දෘශ්‍ය සහ ප‍්‍රසාංගික කලා විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක වන දිලීපා අලහකෝන් මහත්මිය, දෘශ්‍ය සහ ප‍්‍රසාංගික කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ප‍්‍රින්ට්මේකින් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී ලාල් ජයසේකර මහතා, වෘත්තීය චිත‍්‍ර ශිල්පියෙකු සහ දෘශ්‍ය සහ ප‍්‍රසාංගික කලා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන සංජය සෙනෙවිරත්න මහතා සහ වයඹ රාජකීය විද්‍යාලයේ චිත‍්‍ර ගුරුවරියක සහ දෘශ්‍ය සහ ප‍්‍රසාංගික කලා විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන ඉනෝකා එදිරිසිංහ මහත්මිය සහභාගී විය.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව