කොමර්ෂල් බැංකුවේ අනුග‍්‍රහයෙන් වවුනියා චෙස් තරගාවලිය සාර්ථකව පැවැත්වෙයි

Vavuniya Chess Championship 2023 (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුවේ අනුග‍්‍රහයෙන් වවුනියාව දිස්ත‍්‍රික් අන්තර් පාසල් චෙස් ශූරතාවලිය 2023, පසුගියදා සාර්ථක දින දෙකක් සහ වට හතක් පුරාවට සිසුන් 600කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී. එහිදී සිසුන් තම උපාය මාර්ගික දක්‍ෂතාවයන් ඉතාමත් කැපී පෙනෙන ලෙස ප‍්‍ර‍්‍රදර්ශනය කළහ. ශ‍්‍රී ලංකා චෙස් සම්මේලනයට අනුබද්ධ යාපනය දිස්ත‍්‍රික් චෙස් සංගමයේ හවුල්කාරීත්වයෙන්, වවුනියාව උතුර හා දකුණ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහයෝගිත්වයෙන් සංවිධානය කරන ලද මෙම තරගාවලිය, මෙම කලාපයේ එවැනි ඉසව්වක් සඳහා මෙතෙක් ඉහළම සහභාගිත්වය වාර්තා කළ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

තරගාවලිය වවුනියාවේ සයිවප‍්‍රගාස කාන්තා විද්‍යාලයේදී සහ සයිවප‍්‍රගාස ප‍්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වුණු අතර, එක් එක් ක‍්‍රීඩාවෙන් ලබාගත් ලකුණු අනුව යාපනය සහ වවුනියාව චෙස් සංගමයේ විනිශ්චයකරුවන් 20 දෙනෙකු විසින් ජයග‍්‍රාහකයින් තෝරා ගන්නා ලදී. සහභාගීවන්නන් වයස අවුරුදු 10න් පහළ, 12න් පහළ, 14න් පහළ සහ 16න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරග වැදුණි. තරගාවලියේ දක්‍ෂතා දක්වන ක‍්‍රීඩකයන් සඳහා වෙන, වෙනම ත්‍යාග ප‍්‍රදානය කෙරෙන අතර, එක් එක් වයස් කාණ්ඩයේ හොඳම ජයග‍්‍රහාකයින් තිදෙනාට කුසලාන, මුදල් ත්‍යාග සහ සහතිකපත්ද පිරිනැමීමට නියමිතය. එසේම කාණ්ඩවල හොඳම ජයග‍්‍රාහකයින් 10 දෙනොටද සහතිකපත් පිරිනැමෙයි. මීට අමතරව ඉහළම දක්‍ෂතා දක්වන පාසල්වලට පිළිවෙලින් රුපියල් 10,000, 7,500 සහ 5,000 බැගින් පාසල් ත්‍යාගද පිරිනැමෙයි. මෙම දක්‍ෂ චෙස් ක‍්‍රීඩකයින්ගේ ජයග‍්‍රහණයන් සැමරීමේ වැදගත් අවස්ථාවක් නිර්මාණය කරමින්, ශූරතාවලියේ සම්මාන උළෙල ජුලි මාසයේදී පැවැත්වීමට නියමිතය.

දින දෙකේදීම 100%කට ආසන්න සහභාගිත්වයක් දක්නට ලැබුණු අතර, සිසුන් සහ දෙමාපියන් ඉමහත් උනන්දුවක් දක්වමින් තම කාලය කැප කළ බැව් බැංකුව ප‍්‍රකාශ කරයි. ශූරතාවලිය වවුනියා විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටී. මංගලේෂ්වරන් මහතා විසින් ආරම්භ කරන ලදී. වවුනියාව දකුණ – අතිරේක අධ්‍යාපන අධ්‍යක්‍ෂ, වවුනියාව උතුර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සහ යාපනය දිස්ත‍්‍රික් චෙස් සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව