කොමර්ෂල් බැංකුවෙන් සියළුම බැංකුකරණ ඇප් පහසුකම් එක්තැන් කරන එක් ඇප් පහසුකමක්

Launch of App Aggregator (1)

කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී තිබෙන බැංකුකරණ ඇප් සියල්ල එක්වර පහසුවෙන් ඩවුන්ලෝඞ් කරගැනීම සඳහා බැංකුව විසින් මේ සියළුම ඇප් පහසුකම් එක්තැන් කරමින් එක් ඒකාබද්ධ ඇප් පහසුකමක් හඳුන්වා දී තිබේ.

මෙම ඒකාබද්ධ ඇප් පහසුකම iOS සහ Android පරිශීලකයින්ට App Store සහ Google Play වෙතින් ලබාගත හැකි අතර ඒ සඳහා කළ යුත්තේ ‘Commercial Bank’ යනුවෙන් සර්ච් කිරීම පමණි.

මෙම ඒකාබද්ධ ඇප් පහසුකම නිසා කොමර්ෂල් බැංකුවේ බැංකුකරණ ඇප් පහසුකම් එකින් එක වෙන වෙනම ඩවුන්ලෝඞ් කරගැනීමට අවශ්‍ය නොවන අතර මේ තුළින් බැංකුව විසින් ගනුදෙනුකරුවන්ට ලබාදෙන ජංගම දුරකතන බැංකුකරණ අත්දැකීම සරල කර තිබේ.

මේ අනුව, කොමර්ෂල් බැංකුවේ මෙම ඒකාබද්ධ බැංකුකරණ ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කර ගැනීම මගින් ‘ComBank Digital’, ComBank ePassbook, ComBank eSlip, ComBank Q+, සහ ComBank Remit Plus යන ඇප් පහසුකම් ලබාගත හැකිබව බැංකුව සඳහන් කරයි. එසේම, බැංකුව විසින් අළුතින් එළිදක්වන ඇප් පහසුකම්ද මෙම ඒකාබද්ධ ඇප් පහසුකම තුළ ස්වයංක‍්‍රීයව යාවත්කාලීන වන බවද බැංකුව පවසයි.

 




 

 

මෙම ඒකාබද්ධ ඇප් පහසුකම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – තොරතුරු තාක්ෂණ, ක‍්‍රිෂාන් ගමගේ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘බැංකුව ලබාදෙන සේවාවන් ඇප් පහසුකම් මගින් ලබාදීම පුළුල් වනවිට මෙම ඒකාබද්ධ ඇප් පහසුකමක අවශ්‍යතාවය ඇතිවුණා. නවීන පාරිභෝගිකයින්ගේ ජීවන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා අපි ඉදිරියටත් තවත් ඩිජිටල් නිෂ්පාදන සහ සේවා ඉදිරියටත් අඛණ්ඩවම හඳුන්වා දෙනවා.’

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 887 ක් පවත්වාගෙන යයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව