කොමර්ෂල් බැංකුවෙන් මාරවිල සහ වෙන්නප්පුව ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට දැනුම

Dirishakthi seminar - Wennappuwa

කොමර්ෂල් බැංකුව තවත් ප්‍රධාන ආයතන කිහිපයක් සමඟ එක්ව ක්‍රියාත්මක කළ තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් මගින් මාරවිල සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන් 100 කට ආසන්න පිරිසක් ප්‍රතිලාභ ලැබීය.

කොමර්ෂල් බැංකුවේ ‘දිරිශක්ති’ තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස සංවිධානය කරන ලද මෙම වැඩමුළුව මගින් ඔවුන්ගේ තාක්ෂණික හා මූල්‍ය සාක්ෂරතාවය ඇතුළු අනෙකුත් ව්‍යවසායකත්ව කුසලතා වැඩි දියුණු කිරීමට අවශ්‍ය දැනුම ලබා දෙන ලදී. තවද මෙහිදී ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය ඇතුළු තවත් අදාළ කරුණු හා තම ව්‍යාපාර වර්ධනය කර ගැනීමට ඔවුන්ට ලබාගත හැකි බැංකු නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳව ද දැනුවත් කරන ලදී.

 


 

මෙම වැඩසටහනේ සම්පත් දායකයින් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රධාන අංශ මෙන්ම කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය අංශය හා ක්ෂුද්‍ර මූල්‍ය ඒකකය (AMFU) මෙන්ම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.

වැඩසටහනේ ප්‍රධාන අරමුණු වූයේ මූල්‍ය හා ව්‍යවසායකත්ව කුසලතා වැඩි දියුණු කිරීම, මූල්‍ය සම්පාදනය සඳහා ප්‍රවේශය වැඩි කිරීම, තීරණ ගැනීමේ හැකියාව සවිබල ගැන්වීම හා අවසන සමස්ත ප්‍රජා සංවර්ධනයට දායක වීමයි.

මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ උතුරු කොළඹ ප්‍රාදේශීය කළමණාකරු අනුර තෙන්නකෝන් මහතා, මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශිය කළමණාකරු අරුණ විජේසිරි මහතා, වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධනය සඳහා සහකාර අධ්‍යක්ෂිකා චමිලා සුදර්ශි මහත්මිය සමඟ කොමර්ෂල් බැංකුවේ තවත් නියෝජිතයින් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.

මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ කොමර්ෂල් බැංකුවේ වෙන්නප්පුව, නාත්තන්ඩිය සහ මාරවිල ශාඛාවල සහභාගීත්වයෙන් බැංකුවේ මාරවිල කෘෂිකර්ම හා ක්ෂුද්‍ර මූල්‍ය ඒකකය විසිනි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + eighteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව