කොමර්ෂල් බැංකුවෙන් නව කෘෂිකාර්මික භාවිතයන් ප්‍රචලිත කිරීමට වවුනියාවේ කෘෂි නවීකරණ වැඩසටහනක්

Agri Modernisation Fair (LBN)

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ප්‍රමුඛ සමාගම් එක් කර ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් වවුනියාව ප්‍රදේශයේ දී ගොවීන් සඳහා පැවැත්වු කෘෂි නවීකරණ වැඩසටහනක් තුළින් නවීන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම සහ එම ගොවීන් අතර සුහුරු කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීම ද සිදු විය.

හේලීස්, ඇග්ස්ටාර්, ජෝන් ඩියර්, ඩීමෝ, CIC සහ බ්‍රවුන්ස් යන සමාගම් මෙන් ම ගොවිජන නිෂ්පාදන මධ්‍යස්ථානයේ ඩ්‍රෝන ඒකකයේ නියෝජිතයින් ද දවස පුරා පැවති මෙම වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහනට වවුනියාව කෘෂිකර්ම විද්‍යාලයේ සිසු සිසුවියන්, පුදුක්කුලම් මහා විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන්, සස්තිරිකූලන්කුලම් ප්‍රදේශයේ හා ඒ අවට ගොවි සමිතිවල සාමාජිකයින් හා ව්‍යවසායකයින් ද සහභාගී විය.
 



 

ගොවීන් මුහුණ දෙන බාධක හා අභියෝග අවම කළ හැකි විසඳුම් හඳුන්වා දීම සඳහා මෙම කෘෂි නවීකරණ වැඩසටහන කදිම වේදිකාවක් වූ බව බැංකුව පවසයි. මෙම වැඩසටහනට නවීන ගොවිතැන හා සම්බන්ධ ආර්ථිකමය කරුණු පිළිබඳව වූ දේශන සැසියක් ද ඇතුලත් විය. එහිදී සම්පත් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම, පිරිවැය අඩු කිරීම හා ලාභ වැඩි කර ගැනීම පිළිබඳ ප්‍රායෝගික කරුණු ඉදිරිපත් කරමින් ඒ සඳහා තිරසාර භාවිතයන් සහ නවීන තාක්ෂණය යොදා ගන්නේ කෙසේද යන්න දැනුවත් කරන ලදී.

පොහොර, වල්නාශක සහ කෘමිනාශක යෙදීමේදී ඩ්‍රෝන යානා භාවිතය පිළිබඳ වූ ප්‍රායෝගික සැසියක් ඇතුළුව වී වගාව සඳහා යොදා ගන්නා නවීන කෘෂිකාර්මික ක්‍රමවේද, මෙහිදී ආවරණය කරන ලද මාතෘකා අතර විය.

මෙම වැඩසටහනේ දී ගොවීන්ට තම ජීවනෝපාය පවත්වා ගැනීම වඩ වඩාත් දුෂ්කර කරන, දේශගුණික විපර්යාස වල දිනෙන් දින වැඩි වන බලපෑම්, ශ්‍රම හිඟය, හා ගොවිතැන සඳහා භාවිතා වන යෙදවුම් වල ඉහළ යන පිරිවැය වැනි අභියෝගවලට මුහුණ දීම සඳහා ක්‍රියාත්මක කළ හැකි දැනට පවතින විසඳුම් පෙන්වා දෙන ලදී. “ජාතික ආර්ථිකය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බැංකුවක් ලෙස මෙම බාධක ජය ගැනීම සඳහා ගොවීන්ට සහාය වීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු,” යනුවෙන් බැංකුව පැවසීය.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව