
වසර කිහිපයකට පසුව අලුත් වාහන මෙරටට පැමිණීමත් සමඟ කොමර්ෂල් බැංකුව විසින් වාහන ගැනුම්කරුවන්ගේ අපේක්ෂාවන් සඵල කරමින් සීමිත කාලයක් සඳහා ආකර්ෂණීය ලීසිං පැකේජයක් හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත.
2025 වර්ෂයේ මැයි 31 වන දිනයට පෙර ලබා ගන්නා ලීසිං පහසුකම් සඳහා විශේෂ පොලී අනුපාත, විශේෂයෙන් සකස් කළ ගෙවීම් සැලසුම්, පළමු වසරේ රක්ෂණ වාරික සඳහා වට්ටම්, රුපියල් 10,000 ක අවම ගාස්තුවක් සහිත ණයවර ලිපි සඳහා කොමිස් ගාස්තු වලින් 50% ක නිදහස් කිරීමක් සහ සම්බන්ධ වීමේ ගාස්තුව සහ පළමු වසරේ වාර්ෂික ගාස්තුව නිදහස් කරන ලද නොමිලේ ලබාදෙන ක්‍රෙඩිට් කාඩ්පතක් මෙම පැකේජයට අයත් වේ. ඊට අමතරව බැංකුව මඟින් ණයවර ලිපි විවෘත කිරීමටත් අවස්ථාව සකසා දී තිබේ.
ගනුදෙනුකරුවන්ට කඩිනමින් සහ කරදරයකින් තොරව ලීසිං පහසුකම් සඳහා අනුමැතිය ලබා දීම සහ වාහන අමතර කොටස් සඳහා විශේෂ වට්ටම් ලබා දීම ද මෙම පැකේජයේ කොටසක් බව බැංකුව පවසයි. මෙම විශේෂ ප්රතිලාභ අදාළ වන්නේ ලියාපදිංචි නොකළ වාහනවල ලීසිං සඳහායි.
කොමර්ෂල් බැංකුව විසින් වාහන කල්බදු සඳහා වසර හතක ලීසිං පහසුකමක් සඳහා සෑම රුපියල් 100,000 කටම රුපියල් 1,598 ක අඩු වාරිකයක් ලබා දෙයි.
කොමර්ෂල් බැංකුවේ ලීසිං ගනුදෙනුකරුවන් සඳහා බැංකුවේ සුපර් ලීසිං සහ හයිබි්රඩ් ලීසිං පහසුකම් මඟින් තනි පුද්ගල ආදායමට ගැලපෙන පරිදි සකස් කළ ලීසිං විකල්ප තෝරා ගැනීමේ අවස්ථාව හිමිවේ.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.