කොමර්ෂල් බැංකුවට ඉන්දියානු වාණිජ මණ්ඩලයෙන් සම්මාන හයක්

Commercial-Bank

 



 

 

ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce) පසුගියදා කොමර්ෂල් බැංකුව වෙත ගෞරවනීය සම්මාන හයක් පිරිනැමූ අතර බැංකුවේ දේශීය මෙහෙයුම් සඳහා සම්මාන දෙකක් සහ බැංකුවේ බංගලාදේශයේ මෙහෙයුම් සඳහා සම්මාන හතරක් ඒ අතර විය.

කොමර්ෂල් බැංකුවට ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ට හිමි සම්මානය සහ ‘අවදානම් කළමනාකරණය පිළිබඳ හොඳම කාර්ය සාධනය’ යන සම්මානය ද ඉන්දියානු වාණිජ මණ්ඩලය විසින් ප‍්‍රදානය කරනු ලැබීය. එසේම ‘වත්කම් ගුණාත්මකභාවය පිළිබඳ හොඳම කාර්ය සාධනය,’ ‘වර්ධනය මත හොඳම කාර්ය සාධනය,’ ‘අවදානම් කළමනාකරණය පිළිබඳ හොඳම කාර්ය සාධනය’ සහ ‘ලාභදායිතාවයේ හොඳම කාර්ය සාධනය’ උදෙසා බංගලාදේශයේ කොමර්ෂල් බැංකුව වෙත සම්මාන පිරිනමන ලදී.

ජූලි මාසයේ ඉන්දියාවේ ගෝවාහිදී පැවති ඉන්දියානු වාණිජ මණ්ඩලයේ, ආසියානු බැංකු සම්මේලනයේ සම්මාන උළෙලේදී මෙම සම්මාන පිරිනමනු ලැබීය.

ඉන්දියානු වාණිජ මණ්ඩලය විසින් කොමර්ෂල් බැංකුවට ලබාදී ඇති පිළිගැනීම ගැන අදහස් දක්වමින් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප‍්‍රභාගර් මහතා මෙසේ පවසා සිටියේය. ‘බිම්ස්ටෙක් රටවල බැංකු මුහුණ දෙන අභියෝග මෙන්ම, ගනුදෙනුකරුවන්ගේ සහ නියාමකයින්ගේ අපේක්‍ෂාවන් බොහෝ සමානය. මේ නිසා, කලාපීය බැංකු ක්ෂේත‍්‍රයේ කීර්තිමත් පුද්ගලයින්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් ඇගයීමට ලක්වීම විශේෂ වටිනාකමක් ඇති අතර, ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව සඳහා වන සම්මානය මෙන්ම ශ‍්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ අපගේ මෙහෙයුම් සඳහා හොඳම කාර්ය සාධන සම්මාන පහක් දිනා ගැනීමට ලැබීම ගැනද අපි අතිශයින්ම සතුටු වෙමු.’

ආර්ථික වර්ධනය ප‍්‍රවර්ධනය කිරීමේදී බැංකු විසින් ඉටු කරනු ලබන භූමිකාව කෙරෙහි අවධානය යොමු කරමින්, පසුගිය වසංගත සමයේදී සහ යුරෝපයේ පශ්චාත් වසංගත යුධයට පසු මූල්‍ය ප‍්‍රතිපත්ති භාවිත කරමින් ‘වර්ධන එන්ජිමක්’ ලෙස කටයුතු කර තිබීම සහ බැංකු විසින් ගනු ලැබූ හොඳම පරිචයන් සහ නම්‍ය පියවරයන් මෙම සම්මාන සඳහා සලකනු ලැබීය. එසේම ඔවුන්ගේ මෙහෙයුම්වලදී ඔවුන් මුහුණ දුන් විවිධ අභියෝග රැසක් අවධානයට ගත් අතර, ගෙවීම් පද්ධතිවල නව්‍යකරණය, ඩිජිටල් වත්කම් කළමනාකරණය, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, විශාල දත්ත විශ්ලේෂණය, සයිබර් අනුකූලතාව, නියාමන අනුකුලතාව, සංවේදනය, මූල්‍ය සෞඛ්‍යය සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට මගපෙන්වීම සම්මාන සඳහා තක්සේරු කරන ලද අංශ අතර වෙයි.

මෙම සම්මාන ජූරිය බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රබලයින්ගෙන් සමන්විත වූ අතර, කොමර්ෂල් බැංකුවට පිරිනැමූ සම්මාන සඳහා සලකා බලන ලද ප‍්‍රමාණාත්මක සාධක සමහරක් ලෙස, සමස්ත වත්කම්, දළ හා ශුද්ධ අත්තිකාරම්, තැන්පතු, මුළු ආයෝජන, උපයාගත් මුළු පොලී සහ ලාභ වැනි ප‍්‍රධාන මූල්‍ය දර්ශක ඇතුළත් විය. එසේම මෙහෙයුම් වියදම්, දළ ක‍්‍රියාකාරී නොවන වත්කම්, ආයෝජන මත ප‍්‍රතිලාභය, ද්‍රවශීලතා ආවරණ අනුපාතය, ප‍්‍රාග්ධන ප‍්‍රමාණවත් අනුපාතය, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, බලශක්ති කාර්යක්‍ෂමතාව වැඩි කිරීමේ ව්‍යාපෘති, පරිසර දූෂණ පාලන ව්‍යාපෘති, ජල සංරක්‍ෂණ සහ පිරිපහදු ව්‍යාපෘති, අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති, වන පුනර්ජනනීය ව්‍යාපෘති සහ සමාජ සත්කාරක වගකීම් සඳහා වියදම් වැනි අනෙකුත් අංශද අගැයීමට ලක්කරන ලදී.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 957 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 19 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව