කොකා-කෝලා ශ්‍රී ලංකා SLIM Kantar People’s Awards 2023 හිදී සම්මානයට පාත‍්‍ර වෙයි

Image 02 - Beverage Brand of The Year Award (LBN)

 



 

 

වසර 60කට අධික කාලයක් මෙරට ජනතාවගේ නොමඳ ආදරය දිනා ගත් ප‍්‍රමුඛතම බීම වර්ග සන්නාමයක් වන කොකා-කෝලා ශ්‍රී ලංකා, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM)  විසින් පවත්වන ලද SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘‘වසරේ සිසිල් බීම සන්නාමය” සහ ‘‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය” යන ගෞරවනීය සම්මානවලින් පිදුම් ලැබීය. ලබා ගත් මෙම ජයග‍්‍රහණයන්වල සුවිශේෂීත්වය වන්නේ 2022 වසරේදී මෙන්ම මේ වසරේදී ද අඛණ්ඩව මෙම සම්මානයන්ට පාත‍්‍ර වී තිබීමයි.

පසුගිය මාස 18ක කාලය පුරාවට කොකා-කෝලා සන්නාමය අලෙවිකරණ නවෝත්පාදනයන් සහ මුලපිරීම් වල ඉදිරියෙන්ම සිටී. ශ‍්‍රී ලාංකීය පේ‍්‍රක්ෂකයින්ගේ නොමඳ ආදරය දිනාගත් නැවුම් ඩිජිටල් අත්දැකීම් ද මෙයට ඇතුළත්ය. Daraz හා Kapruka වැනි ප‍්‍රමුඛ පෙළේ ඊ-වාණිජ්‍ය වේදිකාවල ද Keels, Cargills, Glomark, Spar, Laughs වැනි ප‍්‍රමුඛ පෙළේ online පාරිභෝගික සිල්ලර වෙළෙඳසැල් ජාලයන්හි සහ Uber සහ PickMe වැනි බෙදාහැරීමේ හවුල්කරුවන් ඔස්සේද සිය නිෂ්පාදන ඉදිරියෙන්ම සිටීම ගැන කොකා-කෝලා ශ්‍රී ලංකා ආඩම්බර වේ.

මීට අමතරව, කොකා-කෝලා ශ්‍රී ලංකා Pizza Hut හා McDonalds වැනි විවිධ ආහාරාපාන එක් කර නිර්මාණය කරනු ලබන food combos සඳහා ප‍්‍රමුඛ පෙළේ ක්ෂණික ආහාර ජාලයන් සමඟ ද අත්වැල් බැඳගනිමින් ඒවා පාරිභෝගිකයින්ට අන්තර්ජාලය හරහා පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ඇත. සිය සන්නාමයේ ඩිජිටල් ක‍්‍රියාකාරීත්වය ප‍්‍රබලතම සාධකයක් වන අතර පාරිභෝගිකයන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට සිය ඩිජිටල් වේදිකාවන් උපරිම ලෙස භාවිත කිරීමට කොකා-කෝලා ශ්‍රී ලංකා කටයුතු කරමින් සිටී.

ලබා ගත් මෙම ජයග‍්‍රහණයන් පිළිබඳව අදහස් දක්වමින් දේශීය වෙළෙඳ ප‍්‍රධානී, කොකා-කෝලා ශ‍්‍රී ලංකා හා මාලදිවයින, අනෝජා රත්නසභාපති මහත්මිය පැවසුවේ ‘‘ මෙම සම්මාන දිනා ගැනීමට ලැබීම සැබවින්ම ගෞරවයක් වගේම මෙය අපගේ සමස්ත කණ්ඩායමේම වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳ කදිම සාක්ෂියක්. අපගේ පාරිභෝගිකයින්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලන තරුණ, නව්‍ය, ප‍්‍රබෝධමත් සහ උද්යෝගිමත් අත්දැකීම් ලබා දීමට අපි නිරන්තරයෙන් කැපවී සිටිනවා.’’ යනුවෙනි.

‘‘ඔබගේ ප‍්‍රියතම සිසිල් බීම සන්නාමය ලෙස කොකා-කෝලා ශ‍්‍රී ලංකා තෝරා ගැනීම ගැන ඔබට ස්තුතියි. මෙම සම්මානයෙන් අපගේ පාරිභෝගිකයින් සමඟ ඇති අපගේ ශක්තිමත් සම්බන්ධතාවය මැනවින් පිළිබිඹු වනවා. ඔවුන් නොමැතිව මෙය කිසිසේත් ජයග‍්‍රහණය කළ නොහැකියි.’’ යනුවෙන් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා හි විකුණුම් සහ වාණිජ අධ්‍යක්ෂ ශමල් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

2007 වසරේ සිට සන්නාම පිළිබඳ මහජනතාවගෙන් ලබා ගන්නා සැබෑ දත්ත මත පදනම් කොටගෙන විද්‍යාත්මක ක‍්‍රමවේදයක් යටතේ ජයග‍්‍රාහකයන් තෝරාගනු ලබන SLIM Kantar People’s Awards ශ‍්‍රී ලාංකීය පාරිභෝගික හා ව්‍යාපාර ආයතනික දෙපාර්ශ්වයේම සුවිශේෂී අවධානයක් දිනාගත් සම්මාන ප‍්‍රදානෝත්සවයකි.

කොකා-කෝලා ශ්‍රී ලංකා සිය පාරිභෝගිකයින්ට නැවුම් සහ නව්‍ය අත්දැකීම් එක් කරමින් ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට අඛණ්ඩව කැපවී කටයුතු කරමින් සිටී.

කොකා-කෝලා ශ්‍රී ලංකා පිළිබඳව

වසර 60කට වැඩි කාලයක් පුරාවට ශ‍්‍රී ලාංකිකයන් ප‍්‍රබෝධමත් කරමින් සිටින කොකා-කෝලා, මෙරට ජනතාවගේ ප‍්‍රියතම බීම වර්ග සහ සන්නාමයන් නිර්මාණය කිරීම සඳහා අඛණ්ඩවම කටයුතු සිදු කරයි. අපගේ සමාගමේ අරමුණ වන්නේ ලෝකයම ප‍්‍රබෝධමත් කරමින් නැවුම් වෙනසක් ඇති කිරීමටයි. අපගේ වටිනා පාරිභෝගිකයින්ට වඩා හොඳ සේවයක් ලබා දීම උදෙසා, අපි දැන් වඩාත් පහසු පැකේජ හා නවෝත්පාදනයන් ලබා දෙමින් අඩු සීනි මට්ටමක් සහිත හා සීනි රහිත බීම වර්ග හඳුන්වා දෙන්නෙමු. 1961 දී කොකා-කෝලා සන්නාමය හඳුන්වා දීමෙන් පසුව, Coke Zero, Sprite, Sprite Zero, Fanta Orange, Fanta Cream Soda, Fanta Portello, Kinley Soda, Lion Tonic, Lion Ginger Beer Kinley water සහ Monster Energy ඇතුළුව විවිධ බීම සන්නාම රැසක් දැන් අප සතුව තිබේ. එමගින් රට පුරා සිටින පාරිභෝගිකයින්ට විවිධාකාර රසවත් සහ විකල්ප පානයක අවශ්‍යතාවය සපයනු ලබයි. නැවත ගොඩනැගීමේ ක‍්‍රියාවලියේදී අපගේ තිරසාර මුලපිරීම් හරහා මිනිසුන්ගේ ජීවිත, ප‍්‍රජාවන් සහ ජාතිය කෙරෙහි සුබවාදී බලපෑමක් ඇති කිරීමට අපි උත්සාහ කරමින් සිටිමු. PET ප්ලාස්ටික් ඇසුරුම් ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම සහ ජලය නැවත පරිසරයට ලබා දීම ආදී වැඩසටහන් මගින් අපගේ පාන වර්ග නිෂ්පාදනයේදී භාවිත කරනු ලබන ජලය ප‍්‍රමාණයට වඩා වැඩි ජලය ප‍්‍රමාණයක් නැවත ලබා දීමට අපට හැකි වූ අතර දේශගුණික ක‍්‍රියාකාරකම් සඳහා සිදු කරනු ලබන මැදිහත් වීම් වෙනුවෙන් 2021 වාර්ෂික සූර්යබල බලශක්ති සම්මාන උළෙලේදී වසරේ Rooftop Solar Project සඳහා වන සම්මානය ද දිනා ගැනීමට අපට හැකි විය. කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් ඇතුළුව අපගේ ප‍්‍රජාවන්ගේ සුබ සාධනය සහතික කිරීමට ද අප කටයුතු කරමු. තවද අපි දේශීය ප‍්‍රජාවන්ට ඔවුන්ගේ ජීවනෝපායන් ඉහළ නංවාලීමට සෘජුව සහ වක‍්‍රව අවස්ථාවන් සලසා දෙමින් ශ‍්‍රී ලංකාවේ දහස් ගණනකට රැකියා ලබා දී තිබෙන අතර රටේ දිස්ත‍්‍රික්ක 25 පුරාවට අපි අපගේ නිෂ්පාදන හරහා 80,000 කට අධික ව්‍යාපාර සංඛ්‍යාවකට සේවා සපයන්නෙමු. මේ පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීමට https://lk.coca-cola.com/en/home ඔස්සේ හෝ LinkedIn  Instagram සහ Facebook හරහා අපව follow කරන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව