කොකා-කෝලා, ශ්‍රී ලංකාවේ සෑම විශේෂ අවස්ථාවකදීම සහ උත්සවයකදීම අමතක නොවන රසය

Coca-cola with Kottu advertisement (LBN)

උත්සව හා රසය සමඟින් පැමිණි ගමනක ආරම්භය

කොකා-කෝලා යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පානයක් පමණක්ම නොවේ. එය අපගේ සංස්කෘතියේ කොටසක් බවට පත්වෙමින් සතුට හා ආඩම්බරයේ සංකේතයක් බවට පත්ව ඇත. මැයි 8 වන දිනට යෙදුන ජාතික කොකා-කෝලා දිනයේදී, 1960 ගණන්වල සිට ශ්‍රී ලාංකික උත්සවවල නැතුවම බැරි කොටසක් බවට පත්ව ඇති කොකා-කෝලා අපි සැමරීමට කටයුතු කළෙමු. එය සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ කිරිබත්වල රස බෙදාහදා ගැනීම, ක්‍රිකට් තරඟයක් අතරතුර ඔල්වරසන් දීම හෝ නත්තල් උත්සව සමයේ සතුට සැමරීම හෝ වේවා කොකා-කෝලා සැමවිටම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම හදවතේ විශේෂ තැනක් දිනා ගැනීමට සමත්ව ඇත.
 



 
දේශීය සම්ප්‍රදායන් සමඟින් ගෝලීය රසයන් මුසු කිරීම

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී කොකා-කෝලා සිය ගෝලීය ප්‍රතිරූපය ශ්‍රී ලංකාවේ වර්ණවත් සම්ප්‍රදායන් සමඟ මුසු කර ඇත. කිරිබත් සහ රසකැවිලි සමඟින් කොකා-කෝලා වීදුරුවක් පිළිගන්වනු ලබන එහි අලුත් අවුරුදු වෙළඳ ප්‍රචාරණ දැන්වීම මගින් අලුත් අවුරුදු සමයේදී පවුලේ සතුට, ප්‍රීතිය සහ සංස්කෘතික අභිමානය පිළිබිඹු කළේය. මෙරට බොහොමයක් පවුල්වල කොකා-කෝලා යනු අලුත් අවුරුදු මේසයේ කිරිබත් තරම්ම වැදගත් අංගයක් වේ. මෑත වසරවලදී, සාම්ප්‍රදායික ආහාර සාදන ආකාරය සහ ඒවා පිටුපස ඇති කථා පෙන්වීමෙන් කොකා-කෝලා තවත් ඉදිරියට ගොස් ඇත. ඔවුන්ගේ වෙළඳ දැන්වීම්වල විවිධ වයස් කාණ්ඩවල පවුල් එකට ආහාර පිසින ආකාරය පෙන්වන අතර ජනප්‍රිය ශ්‍රී ලාංකික වීදි ආහාර ඇතුළු සාම්ප්‍රදායික හා නවීන ආහාර අද ජීවන රටාව සමඟින් මුසු වී ඇති ආකාරය ද පෙන්නුම් කරයි.

මීට වසර 12 කට පෙර විකාශනය වූ කොකා-කෝලා හි වඩාත්ම ආදරණීය වෙළඳ දැන්වීමක් වන “ස්තූතියි අම්මා” ශ්‍රී ලංකාවේ පවුල්වල සාමාජිකයන් අතර ඇති ශක්තිමත් බැඳීමට අමතරව එකට එක්ව ආහාර පිසීමේ හා ආහාර භුක්ති විඳීමේ හෘදයාංගම බව අපූරුවට ග්‍රහණය කිරීමට සමත් විය. මෙම වෙළෙඳ දැන්වීම තුළින් ශ්‍රී ලාංකික පවුලක ශක්තිමත් පදනම වන මව පවුලේ සාමාජිකයින් හා එක්ව මුළුතැන්ගෙයක ආහාර පිසිමින් රසවත් ආහාර වේලක් භුක්තිවිඳින ආකාරය පෙන්වයි. එහිදී ඇය විසින් කොකා-කෝලා බෝතලයක් විවෘත කරන විට එය ආහාර වේලට විශේෂ සතුටක් එක් කරනු ලබයි. මෙම දැන්වීම සෑම ශ්‍රී ලාංකික පවුලකම හදවත බඳු මව්වරුන්ට උපහාරයකි.

ශ්‍රී ලාංකීය ප්‍රතිරූපය සහ නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය තවත් ජනප්‍රිය රසවත් ආහාරයක් ලෙස කොත්තු පෙන්වා දිය හැකිය. කොත්තු සමඟ කොකා-කෝලා එක් කිරීම කදිම අදහසක් වූ අතර එය රසයන් වඩාත් තීව්‍ර හා උද්යෝගිමත් කරමින් කොත්තු අත්දැකීම නව මානයකට රැගෙන යනු ලැබීය. අද වන විට බොහෝ දෙනෙකුට සිසිල් කොකා-කෝලා බීම නොමැතිව කොත්තු ආහාරයට ගැනීමට සිතාගත නොහැකිය. වසර දෙකකට පෙර විකාශනය වූ කෝක් සමඟ කොත්තු දැන්වීම මෙය මනාව ග්‍රහණය කරගනිමින් කොකා-කෝලා සමඟ කොත්තු රස විඳීමේ අපූරු කලාව ප්‍රදර්ශනය කළේය. මේ අතර Coke Kottu Beat Party කොත්තුවලට සහ සංගීතයට ඇති ආදරය මුසු කරමින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම අංගයක් බවට පත්ව ඇත. 2023 වසරේදී උමාරියා, වස්ති සහ සෙන්ටිග්‍රේට්ස් ඇතුළු තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය තරු රැසක් සමඟින් ස්ථාන හතක පැවති Coke Kottu Beat Party සඳහා 158,000ක ජනතාවක් සහභාගී වීම විශේෂත්වයකි. 2024 දී ඇල්පිටියේ පැවති Coke Kottu Beat Party සඳහා 35,000 ක් පමණ ජනතාවක් සහභාගී වූ අතර එයට පරිසරය සුරැකීම වෙනුවෙන් වන කොකා-කෝලා ශ්‍රී ලංකා හි කැපවීම ප්‍රදර්ශනය කරන ‘නැවත ජීවයක් දෙමු’ (Give Back Life) ප්‍රදර්ශන කුටිය ඇතුළත් විය.

කොකා-කෝලා ශ්‍රී ලංකාවේ උත්සව අසිරිය තවත් විචිත්‍රත්වයට පත්කරවන අවස්ථාවක් ලෙස නත්තල් උත්සව සමය පෙන්වා දිය හැකිය. මෙහිදී කොකා-කෝලා හි සුප්‍රසිද්ධ නත්තල් ට්‍රක් රථ සියැසින් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදා වූ අතර දීප්තිමත් විදුලි බුබුළු සහ නත්තල් නිවාඩු සැරසිලිවලින් අලංකාරවත් වූ මෙම ට්‍රක් රථ රට පුරා වීදි අලෝකමත් කරමින් සංචාරය කළේය. 1990 දශකය අගභාගයේදී නත්තල් නිවාඩු සමය වෙනුවෙන් නිර්මාණය වූ වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් හරහා මෙම ජනප්‍රිය ට්‍රක්රථ ජනතාවගේ හදවතට සමීප වූ අතර 2023 නත්තල් සමයේදී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණියේය.

 

කොකා-කෝලා, ක්‍රිකට් සහ ජාතික අභිමානය

කොකා-කෝලා සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අතර දිගු ඉතිහාසයක් මෙන්ම දැඩි බැඳීමක් ඇත. 1996 ලෝක කුසලාන ජයග්‍රහණයට සහාය දීමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඇති ආදරය පිළිබිඹු කරන ආදර්ශ පාඨ නිර්මාණය කිරීම දක්වා, කොකා-කෝලා සැමවිටම රසික සිත් ග්‍රහණය කරගනිමින් ක්‍රිකට් තේමාව කරගත් දැන්වීම් රැසක් නිර්මාණය කර ඇත. නිවසේදී හෝ ක්‍රීඩාංගනයේදී ක්‍රිකට් තරග නැරඹීම හෝ වේවා කොකා-කෝලා බෝතලයක් විවෘත කිරීමේ හඬ එම අත්දැකීමේ කොටසකි. වසර ගණනාවක් පුරා කොකා-කෝලා ක්‍රිකට් කෙරෙහි මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ ඇති අසීමිත ආදරය පිළිබිඹු කිරීමට ක්‍රිකට් තේමාව සහිත වෙළඳ දැන්වීම් රැසක් සිය පාරිභෝගිකයින් සමඟ බෙදාහදා ගෙන ඇත. ICC 2023 ලෝක කුසලානය සඳහා නිර්මාණය කරන ලද,”Cricket Magic”, එවැනි එක් වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක් විය. ඒ තුළින් අභියෝග හමුවේ ශ්‍රී ලාංකිකයින් කිසි විටෙකත් අත් නොහරින ජාතියක් බව ඉතා අපූරු ලෙස  ග්‍රහණය කරයි. තවද ශ්‍රී ලාංකිකයෙකු වීමේ සැබෑ අරුත ඉන් පෙන්වයි. දේවල් අසීරු වූ විට ශ්‍රී ලාංකිකයන් ශක්තිමත්ව සිටී, අවසාන තත්පරය දක්වාම ඔවුන් උත්සාහය අත් නොහරිති, කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරති.

කොකා-කෝලා සහ ශ්‍රී ලාංකීය යෞවනය

කොකා-කෝලා සැමවිටම ශ්‍රී ලංකාවේ තරුණ තරුණයින් සමඟ ශක්තිමත් බැඳීමක් පවත්වා ගෙන යයි. ඊට කදිම උදාහරණයක් වන්නේ ක්‍රිකට් හා සංගීතය එකට මුසු කරමින් 2011 දී නිර්මාණය කරන ලද ‘’Brrrrr” වෙළඳ දැන්වීමයි. ඒ සඳහා මෙරට සුපිරි ක්‍රිකට් තරු වූ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සමඟින් ජනප්‍රිය ගායකයින් දෙපළක් වන භාතිය-සන්තුෂ් සහභාගී වූහ. මෙම වෙළඳ දැන්වීම විනෝදයෙන්, ජවයෙන් සහ සංගීතයෙන් රසවත් වී තිබුණු අතර මෙරට තරුණ තරුණයින් අතර ඉතා ජනප්‍රිය විය.

මීට අමතරව, ‘’Share a Coke” මෙරට තරුණ තරුණියන් අතර ඉතා විශාල ජනප්‍රියත්වයක් අත්කරගත් කොකා-කෝලා හි වෙළඳ ප්‍රචාරණ දැන්වීමක් විය. එමගින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ නම හෝ තම ආදරණීයයන්ගේ නම් කොකා-කෝලා බෝතල්වලට ඇතුළත් කිරීමට හැකි විය. මෙම අදහස තරුණ ශ්‍රී ලාංකිකයන් අතර ඉතා ජනප්‍රිය වූ අතර මේ හරහා ඔවුන් ආදරය කරන පුද්ගලයින් සමඟ නැවත සම්බන්ධ වීමට ඔවුන්ව දිරිමත් කළේය.

අපි ජාතික කොකා-කෝලා දිනය සමරන මෙම අවස්ථාවේදී විශේෂයෙන් වසර ගණනාවක් පුරාවට මිනිසුන්ගේ හදවතට සමීප වී ඇති එහි ප්‍රසිද්ධ හා අමතක නොවන වෙළඳ ප්‍රචාරණ දැන්වීම් අපට මතකයි. පවුලේ සාමාජිකයින් සමඟින් එක්ව ආහාර ගන්නා අවස්ථාවල සිට විශේෂ සැමරුම් උත්සව දක්වා එය ශ්‍රී ලංකාවේ ජනතාවගේ එදිනෙදා ජීවිතයට ඉතා සමීපව හිඳිමින් බොහෝ විශේෂ සහ සාමාන්‍ය අවස්ථාවන්හි කොටසක් වී ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව