කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා, Eco Spindles සමඟ එක් වෙමින් ලෝක පරිසරය දිනය නිමිති කර ගනිමින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ PET ප්ලාස්ටික් එකතු කිරීම අරඹයි

SL Parliament images (final) 1

ලෝක පරිසර දිනයට සමගාමීව කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සමාගම විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ PET ප්ලාස්ටික් ඉවත දැමීමේ ඒකක පිහිටුවීමට කටයුතු කළ කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම, අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් පාරිසරික වගකීම හා තිරසාරභාවය සඳහා වන කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමට සමත් විය.




වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ සහ පාරිසරික, ස්වාභාවික සම්පත් හා තිරසාර සංවර්ධන  ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන්ගේ මැදිහත්වීම තුළින් ආරම්භ කළ මෙම පරිසර හිතකාමී ව්‍යාපෘතිය හරිත අනාගතයක් වෙනුවෙන් තවත් සුවිසල් පියවරක් වනු නිසැකය.

මේ වන විටත් රට පුරා PET ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන් 500කට වැඩි ප්‍රමාණයක් පිහිටුවා ඇති CCBSL, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළද එම බඳුන් පිහිටුවීම තුළින් PET ප්ලාස්ටික් එකතු කිරීමේ හා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ උපාය මාර්ගයන් තවදුරටත් ඉදිරියට ගෙන යාමට කටයුතු කරනු ඇත. මෙම එක් එකතු කිරීමේ බඳුනක කිලෝ ග්‍රෑම් 50ක PET ප්ලාස්ටික් ධාරිතාවක් එකතු කිරීමේ හැකියාව නිසාවෙන් පාරිසරික තිරසාරත්වය හා ප්ලාස්ටිත් ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් ලබා දීමේ හැකියාවද CCBSL වෙත උදා වේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතා “අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහන සමස්ත රටටම ඉතා වැදගත් වනවා. සාමාන්‍යයෙන් වසරකට PET ප්ලාස්ටික් මෙටි්‍රක් ටොන් 1,600ක පමණ ප්‍රමාණයක් පරිසරයට එකතු වනවා. එහෙත් ඉන් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොදා ගන්නේ මෙටි්‍රක් ටොන් 400ක් පමණයි. වගකීම් විරහිත ආකාරයෙන් පරිසරයට එකතු කරන මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් පුද්ගලික අංශයේ ආයතනවල මැදිහත් වීම ඉතා ප්‍රශසංනීයයි. එම මැදිහත් වීම යටතේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ PET ප්ලාස්ටික් කළමනාකරණය වෙනුවෙන් වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව මගේ ස්තුතිය පුද කර සිටිනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

CCBSL සමඟ වන සහයෝගීතාව යටතේ PET ප්ලාස්ටික් එකතු කිරීම හා ප්‍රතිචක්‍රීයකරණය සිදු කිරීමේ වගකීම Eco-Spindles වෙත පැවරී ඇත. එහිදී හොරණ පිහිටි සිය නවීනතම පහසුකම් තුළින් එකතු කළ ප්ලාස්ටික් කාර්යක්ෂමව සැකසීම සිදු කරන Eco-Spindles මෙම ප්ලාස්ටික් සිය කර්මාන්ත ශාලාව වෙත ප්‍රවාහනය කරනු ලබන්නේ ඉලෙක්ටි්‍රක් රථ වාහන මඟින් වීම තවත් විශේෂත්වයකි. එය රට තුළ කාබන් විමෝචනය ශුන්‍ය තත්වයට ගෙන ඒම වෙනුවෙන් දායකත්වය සැපයීමක් ලෙසද මෙහිදී අගය කළ යුතුය.

මෙහිදී අදහස් දැක්වූ CCBSL කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදිප් පාන්ඩේ මහතා සඳහන් කර සිටියේ “ප්ලාස්ටික් කසල එකතු කිරීමේ හා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් වන අපගේ අඛණ්ඩ කැපවීම තුළින් අපගේ ප්‍රජාව තුළ අර්ථවත් වෙනසක් ඇති කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. එසේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ වන මෙම සහයෝගීතාව තුළින් පාරිසරික තිරසාරසාරත්වය උදෙසා අපගේ අප්‍රතිහත කැපවීම මනාව ප්‍රදර්ශනය වනවා. මේ ආකරයේ සුවිශේෂී සහයෝගීතාවයන් තුළින් සුපිරිසිදු, හරිතවත් අනාගතයක් ශ්‍රී ලාංකිකයින්ට උදා කර දීමේ අපගේ අරමුණු තවදුරටත් සාක්ෂාත් කර ගැනීමට අපි කටයුතු කරනවා.” යනුවෙනි.

මෙම උපාය මාර්ගික සහයෝගීතාව තුළින්  ප්‍රජාවන් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා වූ පුද්ගලික හා රාජ්‍ය අංශයේ ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල අංශ 125 ක පමණ සහයෝගීතාවන් තුළින් ක්‍රියාත්මක කොකා- කෝලා හි “නැවත ජීවය දෙමු (Give Back Life)” ව්‍යාපෘතිය තව දුරටත් ඉදිරියට ගෙන යනු ඇත. එම වැඩසටහන යටතේ මේ වන විට ප්ලාස්ටික් PET බෝතල් මිලියන 36කට වැඩි ප්‍රමාණයක් එකතු කොට තිබීම විශේෂත්වයකි. ඒ සඳහා කසල එකතු කිරීමේ බඳුන් 540 ක්, පෙර සැකසුම් මධ්‍යස්ථාන (Material Recovery Facilities (MRFs) 9ක් සහ එකතු කිරීමේ මධ්‍යස්ථාන 27ක් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට ඔවුන් කටයුතු කොට ඇත. තවද වගකිවයුතු ආයතන 120කගේ පමණ අනුදැනුම යටතේ ප්ලාස්ටික් එකතු කිරීම, ප්‍රතිචක්‍රීයකරණය, දැනුවත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ තරුණියන් 2500ක් පමණ පිරිසක් සම්බන්ධ කර ගැනීමටද ඔවුන් කටයුතු කර ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව