වමේ සිට: බ්‍රවුන්ස් කෘෂි අංශයේ මෙහෙයුම් සේවා කළමනාකාර, ඇන්ටන් පෙරේරා, බ්‍රවුන්ස් කෘෂි අංශයේ ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකාර, චානක චන්ද්‍රසේකර, බ්‍රවුන්ස් කෘෂි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, නියාස් අහමඞ්, බ්‍රවුන්ස් කෘෂි අංශයේ සාමාන්‍යාධිකාරී, සංජය නිශ්ශංක, HNB හි පුද්ගලික මූල්‍ය සේවා ප්‍රධානී, කාංචන කරුණාගම, HNB හි ලීසිං පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර, නිලූක අමරසිංහ, HNB හි ලීසිං පිළිබඳ සහකාර කළමනාකාර, රොෂාන් ද සිල්වා සහ HNB ව්‍යාපාර ප්‍රවර්ධන විධායක ^HNB Leasing)“ මහේෂ් රත්නායක යන මහත්වරු ඡායාරූපයේ වෙති.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රයේ භාවිතයට ගන්නා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ප්රතිලාභ සමඟින් දැරිය හැකි මිලකට විශේෂ ලීසිං පැකේජ ලබා දීමට බ්‍රවුන් සහ සමාගම (Brown & Company PLC) සමඟ අත්වැල් බැඳ ගෙන ඇත.
මෙම හවුල්කාරීත්වය මඟින් ගනුදෙනුකාරභවතුන්ට බ්‍රවුන්ස් TAFE සහ Massey Ferguson ට්‍රැක්ටර්, Yanmar World සහ Sumo හාවෙස්ටර් යන්ත්‍ර සඳහා විශේෂ වට්ටම් සහ පහසුකම් ලබා දෙනු ඇත. HNB හි පුද්ගලික මූල්‍ය සේවා ප්‍රධානී, කාංචන කරුණාගම සහ බ්‍රවුන්ස් ඇග්රිකර්චර් හි සාමාන්‍යාධිකාරී, සංජය නිශ්ශංක යන මහත්වරු මෙම හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම සඳහා පසුගියදා බ්‍රවුන්ස් කෘෂි අංශයේදී පැවති උත්සවයට සහභාගී වූහ.
‘‘අප රටට ආශීර්වාදයක් බඳු බහුලව ඇති ස්වභාවික තත්තවයන් ප්‍රයෝජනයට ගැනීමට නම් ශ්‍රී ලාංකික ගොවි මහතුන් ප්‍රමිතියෙන් යුතු වාහන, කෘෂි යන්ත්‍ර හා උපකරණවලින් සන්නද්ධ විය යුතු වනවා. බ්‍රවුන්ස් සමාගම සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය තුළින් අපගේ විශ්වාසදායක ගනුදෙනුකාරභවතුන්ට ඔවුන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව ඇති බව සහතික කර ගැනීම සඳහා වඩාත් දැරිය හැකි මිල ගණන්, පොළී අනුපාත හා සේවාවන් ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා,’’ යනුවෙන් HNB හි පුද්ගලික මූල්‍ය සේවා ප්‍රධානී, කාංචන කරුණාගම මහතා පැවසුවේය.
මෙම හවුල්කාරීත්වය මඟින් Massey Ferguson සහ බ්‍රවුන්ස් TAFE සන්නාමගත කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ ලීසිං පහසුකම් HNB ලීසිං ගනුදෙනුකාරභවතුන්ට ලබා දෙනු ඇත. එමෙන්ම, ගනුදෙනුකාරභවතුන්ට මෝටර් රථ නිෂ්පාදන, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime බැංකුව ලබා දෙනු ඇති අතර මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.
‘‘වසර 145කට වැඩි කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන, ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් අතරින් එකක් වන බ්‍රවුන් සහ සමාගම උසස් තත්වයේ යන්ත්‍රෝපකරණ මෙන්ම අසමසම අලෙවියෙන් පසු සේවාවක් ද ලබා දෙමින් ක්ෂේත්රයේ විශ්වාසදායී සේවා සපයන්නෙකු බවට පත් වී තිබෙනවා. 1892 දී බ්‍රවුන්ස් කෘෂි අංශය ආරම්භ කළ දා පටන් අවිවාදයෙන් ක්ෂේත්රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන අප සෑම විටම ගනුදෙනුකාරභවතුන් සමඟ ඇති අපගේ සම්බන්ධතාවය අගය කොට සලකනවා. අප HNB සමඟ ඇති කර ගත් මෙම හවුල්කාරීත්වය තුළින් දැරිය හැකි ලීසිං විසඳුම් සහ වෙනත් ප්රතිලාභ රැසක් ලබා දෙමින් අපගේ ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් ලබා දීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි අප දැඩි ලෙස විශ්වාස කරනවා,’’ යනුවෙන් බ්‍රවුන්ස් කෘෂි අංශයේ සාමාන්‍යාධිකාරී, සංජය නිශ්ශංක මහතා පැවසුවේය.
උපාය මාර්ගික විසඳුම් සපයන්නෙකු ලෙස බ්‍රවුන් සහ සමාගම සෑම විටම වෙළෙඳපොළ අවශ්‍යතාවන් හඳුනාගෙන ඒ අනුව සිය නිෂ්පාදන සමූහය ව්‍යාප්ත කර ඇත. ඒ අනුව අද වන විට උපරිම ප්රතිලාභ ලබා දීමට හැකි වන ලෙස සැකසූ නවීන අංගවලින් සමන්විත පුළුල් නිෂ්පාදන පරාසයකින් තෝරා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ඇත.
මෙම ප්‍රවර්ධන කාලය තුළ බ්‍රවුන්ස් සමාගම සියලූම ට්‍රැක්ටර් මාදිලි සඳහා පාරිභෝගිකයින් වෙතටම ගොස් නොමිලේ ලියාපදිංචි කිරීමේ හා රක්ෂණ සේවාවන් ට අමතරව Massey Ferguson ට්‍රැක්ටර් සඳහා මාස 12ක් හෝ පැය 1000ක වගකීමක් සහ බ්‍රවුන්ස් TAFE ට්‍රැක්ටර් සඳහා වසර 2ක් හෝ පැය 2000ක වගකීමක් ද ලබා දෙනු ඇත.