කුරුවිට සමූපකාර සමිතිය සිය සාමාජිකයන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් රක්ෂණ පහසුකම් ලබා ගනී

Co-op Kuruwita Press Release Image(1)

 




 

 

සිය සාමාජිකයන්ගේ හෙට දවස වෙනුවෙන් නව රක්ෂණ ක‍්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා සී/ස කුරුවිට සමූපකාර සමිතිය ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සමඟ එක් විය. එහි සමාරම්භක අවස්ථාව පසුගියදා කුරුවිට සමූපකාර සමිති උත්සව ශාලාවේදී සංකේතාත්මකව සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා කුරුවිට සමූපකාර සමිතියේ සභාපති මහින්ද ගුණරත්න මහතා සහ සාමාන්‍යාධිකාරී එස්. කරුණාරත්න මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහ සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ ආයතනික විකල්ප නාලිකා කළමනාකරු, චමිල හේවගේ මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

ප‍්‍රජාව සමඟ හිඳිමින් විවිධ අංශයන් ඔස්සේ ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට කැපවන කුරුවිට සමූපකාර සමිතියෙහි සමාජ සත්කාරක වැඩසටහනෙහි සුවිශේෂී පියවරක් ලෙස මෙම රක්ෂණ ක‍්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කර ඇත. විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රජාව මුහුණ දෙනු ලබන අනපේක්ෂිත අවදානම් කළමනාකරණය කරගැනීම වෙනුවෙන් කුරුවිට සමූපකාර සමිතිය මගින් මෙම රක්ෂණ ක‍්‍රම වේදය හඳුන්වා දෙනු ලැබීය. එහිදී සමූපකාර සාමාජිකයන් වෙනුවෙන් නම්‍යශීලී මෙන්ම ලොව පිළිගත් රක්ෂණාවරණයක් තුළින් ඉහළම ප‍්‍රතිලාභ හිමිකර දීම වෙනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් සමඟ එක් වීමට කුරුවිට සමූපකාර සමිතිය පියවර ගනු ලැබීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ කුරුවිට සමූපකාර සමිතියේ සභාපති මහින්ද ගුණරත්න මහතා ‘‘අපි නිරන්තරයෙන් අපගේ සමූපකාර සමිතියේ සාමාජිකයන්ගේ ජීවන තත්වය නගා සිටුවීම වෙනුවෙන් කටයුතු කරනවා. විශේෂයෙන් එකා සැමටත් – සැම එකාටත් යන සමූපකාර තේමාව අරුත් ගන්වමින් සෑමවිටම සමිති සාමාජිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමටත් ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමටත් අප අඛණ්ඩව කටයුතු කරනවා. එසේම සමාජ සත්කාරක වැඩසටහන් හරහා සමූපකාරය තුළින් ඉටු විය යුතු සේවාවන් ග‍්‍රාමීය ජනතාව වෙත නොපිරිහෙලා ලබා දීමටත් අපි කටයුතු කරනවා. එහි තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස සමිති සාමාජිකයන් වෙනුවෙන් ජීවිත රක්ෂණ ක‍්‍රමයක් හඳුන්වා සඳහන් කළ හැකියි. ඒ තුළින් ග‍්‍රාමීය ප‍්‍රජාව මුහුණ දෙන අනපේක්ෂිත අවදානම් තත්වයන්හිදී ඒවා කළමනාකරණය කර ගැනීමට විශාල සහනයක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා’’ යනුවෙන් පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ ‘‘අපගේ සාමාජිකයන් හට හොඳම ප‍්‍රතිලාභ හිමි කර දීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් සමඟ එක්වීමට ලැබීම පිළිබඳව ඉතා සතුටුයි. සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම අපගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පහසු හා නම්‍යශීලී රක්ෂණාවරණයක් හිමිකර දීමට කටයුතු කර තිබෙනවා. එය මෙරට සමූපකාර ක්ෂේත‍්‍රයේ ඉදිරි පියවරක් ලෙසද සඳහන් කළ හැකියි ’’යනුවෙනි.

මෙම රක්ෂණාවරණය තුළින් සමූපකාර සමිති සාමාජිකයන් වෙත හදිසි මරණයකදී සැලකිය යුතු රක්ෂණාවරණයක් හිමි වන අතර ඊට අමතරව රෝහල් ගතවීමකදී රක්ෂණ පහසුකම් සලසා ගැනීමේ අවස්ථාවද හිමි වේ. තවද අසාධ්‍ය රෝගාබාධ ආවරණයක්ද මෙම රක්ෂණාවරණය තුළින් ලබා දීම හේතුවෙන් මෙය කුරුවිට සමූපකාර සමිතියේ සාර්ථක සමාජ සත්කාරක පියවරක් ලෙසද පෙන්වා දිය හැකිය.

මෙම සුවිශේෂී රක්ෂණාවරණය පිළිබඳව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ විධායක උප සභාපති/ප‍්‍රධාන බෙදාහැරීමේ නිලධාරී (ආයතනික විකල්ප නාලිකා) පියුමාල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ ‘‘ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා වන අපගේ ප‍්‍රයත්නයෙහි ඉදිරි පියවරක් ලෙස සමූපකාර සමිති සාමාජිකයන්ට ගැලපෙන රක්ෂණාවරණයක් හඳුන්වා දීම වෙනුවෙන් කුරුවිට සමූපකාර සමිතිය සමඟ එක් වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. අපගේ සේවාවන් ග‍්‍රාමීය ජනතාව වෙත ගෙන යාමටත් එම සේවාවන් පිළිබ`දව ග‍්‍රාමීය ජනතාවට වැඩි අවබෝධයක් ලබා දීමටත් මේ තුළින් අවස්ථාව උදා වෙනවා’’. යනුවෙනි.

මෙරට ග‍්‍රාමීය ජනතාවට සමීප සේවාවක් වන සමූපකාර සේවාව හරහා කුරුවිට සමූපකාර සමිතිය විසින් විවිධ සමාජ සත්කාරක වැඩසටහන් දියත් කොට ඇති අතර ඒ තුළින් පුද්ගල සංවර්ධනයට මෙන්ම භෞතික සංවර්ධනයටද සුවිසල් දායකත්වයක් දැක්වීමට කුරුවිට සමූපකාර සමිතිය සමත්ව ඇත. සමූපකාර සමිතිය හා සම්බන්ධ සාමාජිකයන් දිරි ගන්වමින් ග‍්‍රාමීය සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට කටයුතු කර ඇති කුරුවිට සමූපකාර සමිතිය රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රමුඛතම සමූපකාර සමිතියක් බවට පත්ව ඇත්තේ අනාගතයට ගැලපෙන සේවාවන් රැසක් සමාජයට දායාද කිරීම තුළිනි. 1972 වසරේදී ආරම්භ වූ කුරුවිට සමූපකාර සමිතිය සතුව මේ වන විට 38,000ක පමණ සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින අතර ඉදිරියේදී තවදුරටත් සාමාජික සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමටද අපේක්ෂිතය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව