කාර්මික සංවර්ධන මණ්ඩලයේ 2024 හරිත කර්මාන්ත සම්මාන උළෙලෙහිදී කොමර්ෂල් බැංකුවට රන් සම්මාන දෙකක්

IDB Green Awards 2024 (LBN)

කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සංවිධානය කරනු ලැබූ හරිත කර්මාන්ත සම්මාන 2024 හිදී කොමර්ෂල් බැංකුවේ තිරසරභාවයේ සාර්ථකත්වය වෙනුවෙන් රන් සම්මාන දෙකක් ඇතුලු‍ ව ත්‍රිත්ව ගෞරව දිනා ගැනීමට බැංකුව සමත් විය.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ කාබන් වලින් තොර තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා බැංකුවේ ධනාත්මක බලපෑම වෙනුවෙන් ‘අඩු කාබන්/දේශගුණයට ඔරොත්තු දෙන නිෂ්පාදන’ සඳහා රන් සම්මානයක් හිමි විය. පුළුල් වපසරියක පාරිභෝගිකයන් ඩිජිටල් බැංකුකරණය වෙත යොමු කිරීමේ සාර්ථකත්වය තුළින් මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම සහ පාරිසරික බලපෑම අවම කිරීම වෙනුවෙන් ‘හරිත ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණය’ සඳහා දෙවන රන් සම්මානය හිමි විය.

 



 

දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය යොමු කිරීම, තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම සහ පරිසර හිතකාමී ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මුලපිරීම්වලට සහ‍ය දැක්වීම සඳහා හරිත මූල්‍යකරණයේ පුරෝගාමී කාර්යභාරය අගයමින් කොමර්ෂල් බැංකුව ‘ව්‍යාපාර සංවර්ධනය’ සඳහා ලෝකඩ සම්මානය ද දිනා ගත්තේය.

කොමර්ෂල් බැංකුවේ කළමණාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ අදහස් දක්වන ලදි. “කොමර්ෂල් බැංකුව විවිධත්වය, ප්‍රවේශය, විනිවිදභාවය සහ සමාජ සමානාත්මතාවය යන මූලධර්ම ඇතුළත් තිරසාරත්ව පිළිවෙත් වලට නිරන්තරයෙන් කැපවී සිටියි. මෙම ක්ෂේත්‍රයේ අපගේ බහුවිධ මුල පිරීම් දැනටමත් සාර්ථක වී ඇති බවත් ජීවනෝපායන් නිර්මාණය කරමින් වඩා අර්ථවත් පැවැත්මක් සඳහා බැංකුව දායක වන බව‍ තහවුරු වෙනවා. මෙම ගමනේ ප්‍රතිඵලවලට මෙම සම්මාන සුදුසු පිළිගැනීමක් වනවා.”

‘අඩු කාබන්/දේශගුණයට ඔරොත්තු දෙන නිෂ්පාදන’ සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය ලබා දුන් රන් සම්මානය, කොමර්ෂල් බැංකුවේ ශාඛා 85ක සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම, මසකට කිලෝ වොට් 239,080 විදුලිය ජනනය කිරීම සහ 2017 සිට 2022 දක්වා විදුලි පරිභෝජනයෙන් ගිගාජූල් 16,404 ක අඩු වීමක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් හිමි විය.

‘හරිත ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණය’ සඳහා පිරිනැමෙන රන් සම්මානය හිමි වූයේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ස්ථානගත වෙමින් පාරිසරික තිරසාරත්වය සහ ආර්ථික වර්ධනය යන අංශ දෙකටම තාක්ෂණය උපයෝගී කර ගැනීමේ සාර්ථකත්වයටයි. බැංකුව 2022 සහ 2023 දී ඩිජිටල් ගණුදෙණුවල පිළිවෙළින් 206% සහ 80% වර්ධනයක් අත්කර ගත් අතර එම වසර දෙක තුළ මිලියනයකට ආසන්න මාර්ගගත ලියාපදිංචි කිරීම් වාර්තා කළේය.

හරිත මූල්‍ය ක්ෂේත්‍රය තුළ කොමර්ෂල් බැංකුව 2023 වර්ෂය අවසානයේ ලබා දී තිබූ හරිත ණය එහි ණය පොතෙන් 2%කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කළේය. ඒ අතරින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ලබා දුන් ණය මුළු අගයෙන් 55% ද දේශගුණික ස්මාර්ට් කෘෂිකර්මාන්තයට ලබා දුන් ණය 16%ක්ද නියෝජනය කළේය.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව