කාන්තාවන් සවිබල ගැන්වීමේ මෙහෙය වෙනුවෙන් කොමර්ෂල් බැංකුවට සම්මානයක්

WIM award 2020 (1)

පසුගියදා කොළඹදී පැවැත්වුණු ‘Top 50 Professional and Career Women Awards’ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සිදුකරන කාර්යභාරය ඇගයීමට ලක් කරන ලදී.

මේ අනුව, කාන්තාවන්ගේ සාර්ථකත්වය උදෙසා කැපවූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ආයතනයක් වන විමෙන් ඉන් මැනේජ්මන්ට් (WIM) ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) සහ  ඕස්ටේ‍්‍රලියා ඒඞ් ඔස්සේ  ඕස්ටේ‍්‍රලියානු රජය සමග ඒකාබද්ධව සංවිධානය කළ 10 වන ‘Top 50 Professional and Career Women’ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් ‘ආයතනයක් විසින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සිදුකළ හොඳම ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය’ ට අදාළ සම්මානය දිනා ගන්නා ලදී.

මෙම විශේෂිත වූ සම්මානය සඳහා කොමර්ෂල් බැංකුව තෝරාගත් පළමු අවස්ථාව මෙය වේ. මෙම සම්මානය කොමර්ෂල් බැංකුවට ප‍්‍රදානය කිරීමට ප‍්‍රධානතම හේතුව වූයේ සාමාන්‍ය ව්‍යාපාරික අවස්ථා වලින් ඔබ්බට ගොස් බැංකුව විසින් කාන්තා ව්‍යවසායිකාවන්ගේ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම සඳහා ඔවුන් වෙනුවෙන්ම පැවැත්වූ වැඩමුළු බව සඳහන් වේ. WIM සමග ඒකාබද්ධ වී බැංකුව විසින් අරමුදල් සැපයූ කාන්තා ව්‍යවසායිකාවන් දැනුවත් කළ මෙවැනි වැඩසටහන් දෙකක් 2020 වසරේදී පොලොන්නරුව දිස්ත‍්‍රික්කය තුළ පවත්වා තිබේ. මෙම එක් වැඩසටහනක් සඳහා කාන්තාවන් 100 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වූ බව බැංකුව සඳහන් කරයි.

 




 

කොමර්ෂල් බැංකුව විසින් මූල්‍ය සහයෝගය ලබාදීමට අමතරව සිය ව්‍යාපාර ක්ෂේත‍්‍රවල ඉදිරියට යාමට අවශ්‍ය දැනුම ලබාදීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ කුසලතා සංවර්ධනය කිරීමේ වැඩසටහන් ඇතුළු මූල්‍ය නොවන සේවාවන් ලබාදීමද නිරන්තරයෙන් සිදුකරයි. බැංකුවේ ක්ෂුද්‍ර ව්‍යාපාරික ගැනුම්කරුවන් අතරින් බහුතරයක් කාන්තාවන් වන අතර සුළු හා මධ්‍යම පරිමාණ අංශයෙන් 50% කට ආසන්න ප‍්‍රමාණයක් කාන්තා ව්‍යවසායිකාවන් සම්බන්ධ ආයතන වලින් සමන්විත වේ.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 887 ක් පවත්වාගෙන යයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව