කාන්තාවන්ගේ ගැටලු පිළිබඳව දැනුවත් හා සංවේදී සමාජයක් උදෙසා H.E.R. Foundation මෙහෙවරෙහි වසරක ප්‍රගතිය

02 Image (LBN)

කාන්තාවන්ට පොදු සමාජයේදී මුහුණ දීමට සිදුවන අසීමිත අභියෝග හා දුෂ්කරතා මොනවාද යන්න අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. එම අභියෝග හා දුෂ්කරතා අවම කිරීම සඳහා දායක වීම අප කාගේත් වගකීමකි. එම වගකීමට උරදෙමින් Fems ආරම්භ කරන ලද H.E.R. Foundation වැඩසටහනට මේ වනවිට වසරක කාලයක් සම්පූර්ණ වී ඇත. Help, Empower, සහ Rise යන ප්‍රධාන අංශ තුනක් යටතේ එම පදනමේ මෙහෙවර ක්‍රියාත්මක වේ.

 



 

Fems යනු Hemas Consumer Brands සතු ප්‍රධාන පෙළේ කාන්තා සනීපාරක්ෂක සන්නාමයකි. ශ්‍රී ලංකාව තුළ ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් පවතින ගතානුගතික අදහස් හා ආකල්ප හේතුවෙන් කාන්තාවන්ට ඇතිවන අහිතකර බලපෑම් හොඳින් වටහාගත් Fems, එම ගැටලුවලට පිළියම් යෙදීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවී ය.

WaterAid සහ UNICEF හි දකුණු ආසියානු කලාපීය කාර්යාලය මගින් දකුණු ආසියාවේ පාසල්වල ඔසප් සනීපාරක්ෂා කළමනාකරණය සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යයනයකට අනුව, ශ්‍රී ලංකාවේ පාසල් දැරියන් අතරින් 66% ක්ම වැඩි විය පැමිණෙන තුරු ඔසප් වීම පිළිබඳව දැනුවත්ව සිට නොමැත. එමෙන්ම දෙමාපියන් අතරින් 60% ක් ඔසප් දිනවල තම දියණියන්ට පාසල් යාමට අවසර නොදෙති. ඉතා දීර්ඝ කාලයක් පුරා කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට ඔසප් වීම නමැති ස්වභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිසි අධ්‍යාපනයක් ලැබී නොමැති අතර, තමන්ට අවශ්‍ය ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන මොනවාද යන්න තීරණය කිරීම සම්බන්ධයෙන් විවිධාකාර වූ අභියෝගවලට මුහුණ දීමටත්, සමාජයීය තහංචිවලින් පීඩාවට ලක්වීමටත් ඔවුන්ට සිදු වී ඇත.

ඔසප් වීම සම්බන්ධයෙන් සමාජයේ මෙතරම් දුර්මත පැවතීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නිසි අධ්‍යාපනයක් නොමැති වීම සහ පාරම්පරික පුරුදු වැනි සාධකයි. මෙම සාධක මගින් කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍යයට එල්ල වන බලපෑම සුළුපටු නැත.

මාසිකව ඔසප් වන කාන්තාවන් අතරින් 70% ක් තරම් විශාල ප්‍රතිශතයක් සනීපාරක්ෂක තුවා වැනි නිවැරදි ඔසප් සෞඛ්‍ය නිෂ්පාදන භාවිතා නොකරති. මෙම තත්ත්වය වටහාගෙන 2021 වසරේදී Fems විසින් ‘AYA’  සන්නාමය යටතේ වැඩසටහන් පෙළක් ක්‍රියාවට නංවන ලදි. මෙහිදී ප්‍රධාන වශයෙන්, කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට සහනදායී මිලගණන් යටතේ ඉහළ ප්‍රමිතියෙන් යුත් සනීපාරක්ෂක නිෂ්පාදන භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම සඳහා AYA සනීපාරක්ෂක තුවා හඳුන්වා දීම සිදුවිය.

ඔසප් සෞඛ්‍යය මෙන්ම  ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධයෙන්ද කාන්තාවන් සහ ගැහැනු දරුවන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බව මෙහිදී හඳුනා ගන්නා ලදි. ඒ අනුව වෛද්‍යවරුන්ද සම්බන්ධ කරගනිමින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සැසි දිවයින පුරා සංවිධානය කෙරිණි.

මෙහි ඉදිරි පියවරක් වශයෙන් Fems විසින් 2023 මැයි 28 වන දින H.E.R Foundation ආරම්භ කරන ලදි. මෙහි ප්‍රධාන අංශ තුනෙන් එක් අංශයක් වන ‘Help’ යටතේ, ලාංකීය සමාජයේ ඔසප් සම්බන්ධ ගැටලු අවම කිරීම සඳහා දැනුවත් කිරීම් සිදුකෙරේ.  ‘Empower’ අංශය යටතේ පාසල් සහ රැකියා ස්ථාන තුළදී පහසුවෙන් සනීපාරක්ෂක නිෂ්පාදන ලබාගැනීමට අවස්ථාව සලසා දෙමින් ඒ සම්බන්ධ සමාජයීය දුර්මත පිටුදැකීමට උත්සාහ කරනු ලබයි. ‘Rise’ හරහා සිදුකෙරෙනුයේ කාන්තාවන් විසින් විවිධ ක්ෂේත්‍ර තුළ අත්කරගෙන ඇති ජයග්‍රහණ පෙන්වා දෙමින්, අනාගත පරම්පරාවන්ද සාර්ථකත්වය උදෙසා දිරිගැන්වීම ය.

මීට අමතරව කාන්තාවන්ට හා ගැහැනු දරුවන්ට පහසුවෙන් ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන ලබාගනිමින් තම දෛනික කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යෑම සඳහා  අත්වැලක් වීමට,  පාසල්, රැකියා ස්ථාන සහ අවන්හල් වැනි ස්ථානවල සනීපාරක්ෂක තුවා ලබාගත හැකි ඒකක ස්ථාපනය කිරීමටද H.E.R Foundation කටයුතු කළේ ය.

‘Empower’ අංශය යටතේ පදනම විසින් මෑතකදී ක්‍රියාවට නංවන ලද එක් වැඩසටහනක් වන්නේ, 0765654661 අංකය ඔස්සේ ‘Fio by Fems’ නමින් ස්වයංක්‍රීය WhatsApp Chatbot සේවාවක් හඳුන්වා දීම ය. ඔසප් වීම සම්බන්ධ කරුණු විවෘතව සාකච්ඡා කිරීම සඳහා සුරක්ෂිත පදනමක් ලෙස භාවිතා කළ හැකි මෙම සේවාව හරහා යොමුකරනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනුයේ සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසිනි.

ඔසප් වීම සම්බන්ධයෙන් පවතින දුර්මත හා තහංචි බිඳ දැමීමේ ප්‍රයත්නය ඉදිරියට ගෙන යෑමක් වශයෙන් පදනම විසින් පාසල් සිසුවියන්, වැවිලි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවා නියුතු කාන්තාවන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් දැනුවත් කිරීම සඳහා වූ වැඩසටහන් සංවිධානය කරමින් සිටී. මේ අතරින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් තමන් ලද දැනුම තම ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙතද ලබාදීමට කටයුතු කරන අතර එමගින් ඔසප් වීම සම්බන්ධ නිවැරදි කරුණු වඩාත් පුළුල් සමාජ පරාසයක් වෙත සන්නිවේදනය වේ. මේ වනවිට පදනම විසින් යහපත් ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් කාන්තාවන් හා ගැහැනු දරුවන් 250,000 කට අධික පිරිසක් දැනුවත් කර ඇත.

මීට ආතරව H.E.R Foundation තවත් ගැටලුවක් හඳුනාගෙන තිබේ. එනම් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ සිටින කාන්තා රැඳවියන්ට අත්‍යවශ්‍ය සනීපාරක්ෂක නිෂ්පාදන ලබාගැනීම දුෂ්කර වීම ය. මීට පිළියමක් ලෙස මෙන්ම, නිසි සනීපාරක්ෂක පුරුදු අනුගමනය කිරීම සඳහා සියලු දෙනාට ඇති අයිතිය තහවුරු කිරීමක් වශයෙන්, බන්ධනාගාර වෙත මාස්පතා සනීපාරක්ෂක නිෂ්පාදන බෙදාදීමේ වැඩසටහනක් පදනම විසින් ආරම්භ කරන ලදි. මෙය කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුන්ගේ සනීපාරක්ෂාව සහ ගරුත්වය රැක ගැනීම සඳහා පදනම දරන ප්‍රයත්නයට මනා සාක්ෂියකි.

පසුගිය වසරක කාලය තුළ අත්කරගත් ප්‍රගතියට අමතරව, සමාන ආකල්ප සහිත  විශාල පිරිසක් තම මෙහෙවර උදෙසා දායක කරගැනීමටද H.E.R Foundation සමත් වී ඇත. මෙම සාමූහික ප්‍රවේශය හේතුවෙන් H.E.R Foundation හි මෙහෙවර මෙන්ම එහි සමාජයීය බලපෑම තවදුරටත් ශක්තිමත් වී තිබේ.

Fems හි සහයෝගය සමගින් මෙවැනි ඵලදායී වැඩසටහන් ක්‍රියාවට නංවමින්, කාන්තාවන් සවිබල ගැන්වීමේ මෙහෙවර නොකඩවා ඉදිරියට ගෙන යාම H.E.R Foundation හි අරමුණ වී ඇත.

H.E.R Foundation සහ එහි වැඩසටහන් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා https://herfoundation.lk/ වෙබ් අඩවිය, https://www.facebook.com/profile.php?id=61559814167390 Facebook පිටුව සහ https://www.instagram.com/herfoundation.lk/ Instagram පිටුව වෙත පිවිසෙන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 20 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව