
ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වය සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් සහ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, 2025 අප්‍රේල් 25 වන දින සිට එහි කලාපීය ගුවන් ගමන් ජාලය සඳහා ව්‍යාපාරික පන්තිය හඳුන්වා දුන් බව නිවේදනය කරයි. මෙම හඳුන්වා දීම තුළින් FitsAir හි උපායමාර්ගික සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එමගින් දැරිය හැකි මිලකට සුවපහසුව සහ සුඛෝපභෝගී විශේෂාංගයන් සමඟින් විශ්වසනීයත්වය කැටිකොට ගත් ඉහළ සේවාවක් ලබා දෙනු ඇත.
FitsAir හි මෙම නව ව්‍යාපාරික පන්තිය, නූතන ව්‍යාපාරික සංචාරකයින් වෙනුවෙන්ම සුවිශේෂී ලෙස නිර්මාණය කර තිබෙන අතර, සෑම සේවාවකදීම ඔවුනට සුවපහසුවක් ලබා දීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව මගීන්ට ඉක්මණින් සිය ටිකට්පත් පරීක්ෂා කොට ප්‍රමුඛතා පිවිසුම හරහා පහසුවෙන් ගුවන් යානයට පිවිසීමේ හැකියාව සහ කඩිනමින් ගුවන් මළු ලබා ගැනීම යනාදී පහසුකම් සලසා දී තිබේ. එමෙන්ම ආසන නැවත වෙන්කරවා ගැනීම් සහ අවලංගු කිරීම් සඳහා නම්‍යශීලී හා පහසු විකල්පයන් හඳුන්වා දී ඇති අතර එමගින් පියාසර කරන මගීන්ගේ මානසික සුවපහසුවට පිටුවහලක් සැලසෙනු ඇත. මෙහිදී FitsAir සමාගම, ව්‍යාපාරික මගීන්ට තම ගුවන් ගමනට පෙර විවේකීව සිටීම සඳහා වෙන් කරන ලද විවේකාගාර වෙත ප්‍රවේශ වීමේ පහසුකම් ද ලබා දෙනු ඇත.
මේ අතර, මෙම මගීන් සඳහා කිලෝග්‍රෑම් 40ක ගමන් මලු දීමනාවක් හා කිලෝග්‍රෑම් 10 ක අත් ගමන් මලු දීමනාවක් සමඟින් ආසන වෙන් කර ගැනීමේ හැකියාව සහ ගුවන් විනෝදාස්වාදන පහසුකම් ඇතුළු තවත් බොහෝ විශේෂාංගයන් රැසක් භුක්ති විඳීමට FitsAir ගුවන් සමාගම අවස්ථාව උදා කර දී තිබේ.
ව්‍යාපාරික පන්තිය හඳුන්වා දීම සම්බන්ධයෙන් FitsAir ගුවන් සමාගමේ විධායක අධ්‍යක්ෂ Ammar Kassim මහතා මෙසේ අදහස් පළ කළේ ය. ‘‘අඩු පිරිවැය ගුවන් සේවයක් වශයෙන් අපගේ ඉලක්කය වන්නේ ගුවන් ගමන් පහසු කිරීමයි. ව්‍යපාරික පන්තිය හඳුන්වා දීම, අපගේ ගුවන් සේවාවේ තවත් එක් ඉදිරි පියවරක් සනිටුහන් කරන අතර, සාමාන්‍යයෙන් වියදම් පිළිබඳ සැලකිලිමත් වන ගුවන් මගීන්ට සැප පහසුකම් සහිත ඉහළ මට්ටමේ සේවාවක් භුක්ති විඳීමට හැකියාව පවතී. මේ සියල්ල තුළින් දැරිය හැකි මිලකට සුඛෝපභෝගී සේවාවක් යනු කවරක්ද යන්න සැබෑ ලෙසම අරුත් ගැන්වීමට FitsAir ගුවන් සමාගමට හැකිවීම පිළිබඳව සතුටට පත් වෙමි’’
නව ව්‍යාපාරික පන්තිය හඳුන්වා දීමත් සමඟ ගුවන් මගීන්ට දකුණු ආසියාව සහ මැදපෙරදිග කලාපය පුරා පියාසර කිරීමේ අත්දැකීම හිමි කරදීම තුළින්, FitsAir ගුවන් සමාගමේ සේවාව තවදුරටත් ඉහළ නැංවෙනු ඇත. මෙම සුවිශේෂී පියවර තුළින් ගුවන් මගීන්ට පුළුල් පරාසයක තෝරා ගැනීම් සහ වැඩිදියුණු කළ සේවාවක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන, කලාපයේ ප්‍රමුඛතම ගුවන් සේවාවක් ලෙස FitsAir ගුවන් සමාගම ශක්තිමත් වනු ඇත. ව්‍යාපාරික පන්තිය සඳහා ප්‍රවේශපත්‍ර, දැන් FitsAir වෙබ් අඩවියෙන් හෝ සංචාරක නියෝජිතයන්ගෙන් හෝ ගුවන් සේවයේ ඇමතුම් මධ්‍යස්ථානය හරහා ලබා ගත හැක.