කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි

Amila Gold House (LBN)

 



 

 

ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛයෙකු වන දකුණු පළාතේ ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා ක්‍රියාත්මක වන අමිල ගෝල්ඩ් හවුස් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ස්වර්ණාභරණ නිෂ්පාදන කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන උළෙලේදී අමිල ගෝල්ඩ් හවුස් අධිපති අමිල ඉඳුනිල් ද සිල්වා මහතා වෙත රන් සම්මානය පිරිනමන ලදී. මීට පෙරද දකුණු පළාත් විශිෂ්ටම ව්‍යාවසායකයා සම්මානය ඇතුලු සම්මාන රැසකින් අමිල ඉඳුනිල් ද සිල්වා මහතා පිදුම් ලබා ඇත. 2019දී දකුණු පළාතේ ප්‍රථම වරට ස්වර්ණාභරණ ව්‍යාපාරයක් සඳහා ISO 9001 – 2015 තත්ත්ව සහතිකය හිමි කර ගත්තේද අමිල ගෝල්ඩ් හවුස් වීම සුවිශේෂත්වයකි.

කැරට් 22 ප්‍රමිතිය සහතික කරන ලද අලංකාර මෝස්තරවලින් සපිරි මංගලාභරණ අමිල ගෝල්ඩ් හවුස් වෙතින් විශ්වාසවන්තව මිලට ගත හැකිය. ඊට අමතරව රත්රන් තත්ත්ව පරීක්ෂා කිරීම, රන් ආභරණවල රන් ආලේප කිරීම, රන් ආභරණවල අකුරු කැටයම් කිරීම, කණ්ණාඩි රාමු පෑස්සීම ආදී සේවා රැසක්ද සිදු කරවා ගත හැකිය. අමිල ගෝල්ඩ් හවුස් ප්‍රධාන ශාඛාව අංක 117, වක්වැල්ල පාර, ගාල්ල ලිපිනයේත් අනෙකුත් ශාඛා කොළඹ පාර, කළුවැල්ල සහ අනගාරික ධර්මපාල මාවත, මාතර යන ලිපිනවලත් පිහිටා ඇත.

“විශ්වාසය, උසස් ප්‍රමිතිය සහ ඉහළ ගුණාත්මකභාවය යන සාධක ස්වර්ණාභරණ ව්‍යාපාරයක සාර්ථකත්වයට දැඩි ලෙස බලපානවා. එම නිසා අපගේ ආයතනය සෑම විටම පියවර කිහිපයක් ඉදිරියෙන් සිට අති නවීන යන්ත්‍ර භාවිත කර අනර්ඝ නිමාවෙන් හා නවීන මෝස්තරවලින් සමන්විත උසස් ප්‍රමිතියේ රන් භාණ්ඩ ජීවිත කාලය පුරා පවතින වගකීමක් සහිතව පාරිභෝගිකයන්ට සපයනවා. මෙම ජයග්‍රහණයට දායකත්වය දැක්වූ අපගේ ගෞරවනීය පාරිභෝගිකයන්ට සහ කාර්ය මණ්ඩලයට මාගේ කෘතවේදීත්වය පිරිනමනවා.” අමිල ඉඳුනිල් ද සිල්වා මහතා පැවසීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව