ඔලිම්පික් වරම් දිනූ මව්බිමේ වීරයන්, තරුෂි, දිල්හානි, හා අරුණ ඇගයීමට රිට්ස්බරි වෙතින් රුපියල් මිලියනය බැගින්

Dilhani - Image

රිට්ස්බරි ‘මව්බිමට වීරයෙක්’ වැඩසටහන යටතේ, 2024 ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ තරුෂි කරුණාරත්න, දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රු. මිලියනය බැගින් ප්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින රිස්ට්බරි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින්,  ඔවුන් තවදුරටත් දිරිගැන්වීම වෙනුවෙන් මෙලෙස මුදල් ත්‍යාග පිරිනමනු ලැබීය.

 



 

ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා චෙක්පත් ප්‍රදානය CBL Foods International සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා විසින් සිදුකළ අතර, ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දීම සඳහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දරන උත්සාහය ඒ මහතාගේ පැසසුමට ලක් විය.

ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා රිස්ට්බරි පූර්ණ අනුග්‍රහක දායකත්වය වසර දොළහක් පුරා පිරිනමන අතර එමගින් තෝරා ගැනෙන පාසල් මට්ටමේ දක්ෂතම මලල ක්‍රීඩක ක්‍රීඩකාවන් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්ව පිරිනමින් රිස්ට්බරි ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තම දායකත්වය ලබා දෙයි.

රිස්ට්බරි ‘මව්බිමට වීරයෙක්’ වැඩසටහන,  2019 වසරේදී ආරම්භකරන ලද්දේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ශක්තියක් වීමේ අරමුණෙනි. මේ යටතේ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දේශීය හා ජාත්‍යන්තර තලයන් ජයගැනීම සඳහා අවශ්‍ය මූල්‍යමය සහයෝගය ලබාදෙන අතර, ගතවූ වසර 5කට ආසන්න කාලය තුළ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා කැපීපෙනෙන කාර්යභාරයක් රිස්ට්බරි ‘මව්බිමට වීරයෙක්’ මගින් ඉටුකර තිබේ.

තරුෂි කරුණාරත්න, දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනාම රිස්ට්බරි ‘මව්බිමට වීරයෙක්’ වැඩසටහනේ සාමාජික සාමාජිකවන් වන අතර සිය අධිෂ්ඨානය හා කැපවීම මත මේ වනවිට ඔවුහු මළල ක්‍රීඩාවේ ජාත්‍යන්තර තලයේ විශිෂ්ටයන් අතරට එක්ව සිටිති. ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කිරීම සඳහා ‘මව්බිමට වීරයෙක්’ වැඩසටහන හරහා රිට්ස්බරි දරන උත්සාහය අතිශයින් සාර්ථක එකක් බව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර  ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීම මගින් තහවුරු වෙයි.

2023 වසරේදී පැවැත්වුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර් 800 ඉසව්වෙන් නව වාර්තාවක්ද පිහිටුවමින් රන් පදක්කමක් හිමි කරගත් තරුෂි කරුණාරත්න, 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදීද මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට සමත් වූවා ය. මීට අමතරව දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශනද, ‘මව්බිමට වීරයෙක්’ වැඩසටහන තුළින් පන්නරය ලබමින් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූහ. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනාගේ සාර්ථකත්වය, නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද ඉතා හොඳ මග පෙන්වීමක් වනු නොඅනුමානය.

රිට්ස්බරි ‘මව්බිමට වීරයෙක්’ වැඩසටහන ඔස්සේ දිගින් දිගටම මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දේශීය හා ජාත්‍යන්තර තලය ජයගැනීමට අත්වැලක් වීම රිට්ස්බරි හි අපේක්ෂාව යි. ඔලිම්පික් තරග බිමට පිවිසෙන තරුෂි කරුණාරත්න, දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන වෙත රිට්ස්බරි ලබාදෙන මෙම සහයෝගය, නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුළ ක්‍රීඩාවේ සුබවාදී අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු දල්වන අතරම, රටේ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩාත් යහපත් හෙට දිනයක් උදාකර දීම සඳහා රිස්ට්බරි ඉටුකරමින් සිටින මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව