ඔරියන්ට් FD Plus වෙතින් අසාද්‍ය රෝග ආවරණයක් සහිත විශේෂ ජීවිත රක්ෂණාවරණයක්

Representatives of the sales team at Orient Finance Head office (LBN Fill)

 



 

 

 

ජනශක්ති සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන ඔරියන්ට් ෆිනෑන්ස් පී. එල්. සී විසින් අසාද්‍ය රෝග ආවරණයක් සමඟින් ජීවිත රක්ෂණාවරණයක් සහිත ස්ථාවර තැන්පතුවක්  FD Plus නමින් හඳුන්වා දීමට මෑතක දී කටයුතු කෙරිණි.  එමෙන් ම ඊට සමගාමීව, මෙම ස්ථාවර තැන්පතුව මගින් ලබා දෙන සුවිශේෂී ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ඔරියෙන්ට් ෆිනෑන්ස් සමාගමේ විකුණුම් කණ්ඩායමේ සහභාගිත්වයෙන් දීප ව්‍යප්තව පැවැත්විණි.  මෙම නව්‍ය මූල්‍ය විසඳුම මඟින් ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව මෙන් ම  ජීවිත ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමු කරන අතර, එය දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි ද මනා අවබෝධයකින් යුතුව නිර්මාණය කර ඇති බව පැවසිය යුතු ම ය. ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම දියත් කළ දැනුවත් කිරීමේ වැඩසටහන් තුළින් ද ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්‍යතා පිළිබඳව දැනුවත් වෙමින්, ඔවුන්ගේ එම අවශ්‍යතාවලට සරිලන පරිදි මෙම ආයෝජන සැළසුම අභිරුචිකරණය කිරීමට හැකි වීම ද විශේෂිතය. ඔරියන්ට් FD Plus ස්ථාවර තැන්පතු ගිණුමේ තැන්පතුවල මුළු වටිනාකම මත පදනම්ව, රක්ෂණාවරණයේ වටිනාකම තීරණය කරනු ලබන අතර, සුදුසුකම් ලබන ගිණුම් හිමියන්ට විශේෂයෙන් නිර්මාණය කරන ලද සම සන්නාම සහිත රක්ෂණ කාඩ්පතක් ද ලබා දෙයි.

මෙම නවතම ස්ථාවර තැන්පතු ගිණුම  පිළිබඳව අදහස් දක්වමින් ඔරියන්ට් ෆිනෑන්ස් පී. එල්. සී සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කේ. එම්. එම්. ජාබීර් මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි. ” වර්තමානයේ පවතින අභියෝගාත්මක කාලවකවානුව තුළ අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට සහයෝගය ලබා දීම වෙනුවෙන් අපි මෙම සුවිශේෂී ස්ථාවර තැන්පතු ගිණුම හඳුන්වා දීමට කටයුතු කළා. ඔරියන්ට් FD Plus කියන්නෙ අසාද්‍ය රෝග ආවරණයක් සමඟ ජීවිත රක්ෂණාවරණයක් ලබා දෙන සුවිශේෂී ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමයක්.  මෙම ස්ථාවර තැන්පතුව හරහා අපි අපගේ ගනුදෙනුකරුවන්ට ඉහළ ප්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කරනවා.”

ඔරියන්ට් ෆිනෑන්ස් පී. එල්. සී සමාගම,  තැන්පතු, ඉතුරුම් ගිණුම්, කල් බදු (ලීසිං) , කුලී මිලදී ගැනීම්, ප්‍රතිඥා ණය, ෆැක්ටරිං, ආන්තික වෙළෙඳාම්, උකස්, කාරක ප්‍රාග්ධන හා ආයතනික මූල්‍යකරණය ආදී මුල්‍ය සේවාවන් රැසක් ලබා දෙන ආයතනයකි. එමෙන් ම විවිධ රැකියා හා ආදායම් මට්ටම්වල ගනුදෙනුකරුවන්  ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම සමඟ අත්වැල් බැඳගෙන සිටින බව ද පැවසිය යුතු ම කරුණකි. ඔරියන්ට් FD Plus ස්ථාවර තැන්පතුව  පිළිබඳ වැඩි විස්තර ළඟම ඇති ඔරියන්ට් ෆිනෑන්ස් ශාඛාවෙන් හෝ +94 (0) 11 757 7577 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් ලබා ගත හැකිය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව