Microsoft 365 හි Generative AI ඔස්සේ බලගැන්වෙන Copilot හඳුන්වා දෙනු ලැබුවේ 2023 වසරේ තරම් මෑතකදී යැයි කීම විස්මය දනවන සුළු වේ. කෙසේ නමුත් සැබෑව වන්නේ, Microsoft 365 භාවිත කරන මිලියන 400ක් පමණ පුද්ගලයින්ගේ වැඩ කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින්, වඩාත් පහසු කරවමින්, කාර්යාලීය ක්‍රියාවලීන් වේගවත් කරමින්, වෘත්තිය වැඩකටයුතු පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමට Copilot සමත් වී තිබීමයි. සරලවම ඔබට, Copilot යනු, AI සඳහා වන User Interface එකක් (UI) ලෙසින් සැලකිය හැක.
Copilot මෙතෙක් ලබා ඇති සාර්ථකත්වය අනුව, Microsoft විසින් Copilot Wave 2 සමඟින් ඵලදායිතාවය ඉහළ නැංවීමට, කාර්ය සාධනය වඩාත් විධිමත් කිරීමට සහ අප වෘත්තිය හෝ කාර්යාලීය වැඩ කටයුතු කරන ආකාරය පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට නව සහ ප්‍රබල විශේෂාංග කිහිපයක් හඳුන්වා දී තිබේ.
මෙයින් අවධානය වැඩියෙන්ම දිනාගෙන ඇති විශේෂාංගය ලෙසින් Copilot Pages හඳුන්වා දිය හැක. මෙය ඔබගේ කණ්ඩායම හවුල්ව සිදු කරන ඕනෑම ව්‍යාපෘතියක් වඩාත් කාර්යක්ෂමව ඉටු කර ගැනීමට සහාය ලබා දෙන, AI ඔස්සේ බල ගැන්වෙන සාමූහික වැඩබිමක් ලෙසින් හැඳින්විය හැක. නිදසුනක් ලෙසට, ඔබට ව්‍යාපෘතියක් ආරම්භයේ සිට අවසන් වන තුරුම, අවශ්‍ය දත්ත සොයා දෙමින්, කණ්ඩායමේ කටයුතු කළමනාකරණය කරමින් සහාය වීමට Copilot සමත් වනු ඇත.
එසේම, Copilot Wave 2 හි කැපී පෙනෙන තවත් විශේෂත්වයක් වන්නේ, සියළුම Microsoft 365 යෙදුම් හා සංකලනය වී, ඒවාට අනුගතව කටයුතු කිරීමට Copilot වෙත ඇති හැකියාව වැඩිදියුණු කොට තිබීමයි. මෙය AI තාක්ෂණය උපයෝගී කර ගැනීමේ යෝධ පිම්මක් බව නොකිවමනායි. නිදසුනක් ලෙසට, Microsoft Excel සමඟින් වඩාත් ගැඹුරු දත්ත විශ්ලේෂණයන් ඉටු කර දීමට, නැතිනම් PowerPoint සමඟින් වඩාත් සාර්ථක ප්රකාශනයන් ඉදිරිපත් කිරීමට මෙන්ම Outlook හි ඔබේ කටයුතු කළමනාකරණය කොට දීමට ද Copilot බුද්ධිමත් වනු ඇත.
එසේම, Copilot Wave 2 හදුන්වා දෙන Copilot in Excel with Python විශේෂාංගය ඔස්සේ, Copilot හි හැකියාවන් Microsoft Excel තුළ ලෝකයේ ජනප්‍රියතම ක්‍රමලේඛන භාෂාවක් වන Python උපයෝගී කොට ගනිමින් දියුණු වී ඇත. මේ ඔස්සේ, සංකීර්ණ කේතනයන් භාවිතා නොකොට, Excel මත ක්‍රියාත්මක වන Copilot සහාය ඔස්සේ දත්ත මත පදනම් විවිධ අනාවැකි දැක්වීම්, සංකීර්ණ දත්ත විදහා දැක්වීම්, අවදානම් විශ්ලේෂණයන් වැනි සංකීර්ණ කටයුතු ඉටු කොට ගැනීමට හැකි වනු ඇත.
Copilot agents යනු Wave 2 සමඟින් හඳුන්වා දෙනු ලබන තවත් විශේෂාංගයකි. මෙයින් AI හැකියාවන් ව්‍යාපාරයකට අවශ්‍ය සුවිශේෂී අවශ්‍යතාවයන්ට හා ක්‍රියාවලීන්ට ගැලපෙන අන්දමට වෙනස් කර ගනිමින් භාවිතයට හැකියාව ලබා දෙනු ඇත. එනම්, ව්‍යාපාරයක හෝ ආයතනයක දත්ත මූලාශ්‍ර භාවිතා කරමින්, වඩාත් බුද්ධිමත් ආකාරයෙන් ව්‍යාපාරයේ හෝ ආයතනයේ විවිධ වැඩ කටයුතු සඳහා විශේෂ වන Copilot agents ලා ඔස්සේ, එම එක් එක් කාර්යයක්, කාර්යක්ෂමවත්, පහසුවෙනුත්, වඩාත් ඵලදායීවත් ඉටු කර ගත හැකි වනු ඇත.
එසේම Copilot Studio agent builder ඔස්සේ ඔබට අවශ්‍ය කාර්යයට උචිත ලෙසට Copilot agents වඩාත් පහසුවෙන් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබේ. මෙම AI ඔස්සේ බලගැන්වෙන Copilot “නියෝජිතයින්”, ඔබේ ව්‍යාපාරයේ බොහෝ කටයුතු ස්වයංක්‍රීයකරණය කරමින්, කණ්ඩායමේ AI වෙතින් බලගැන්වෙන සාමාජිකයෙකු ලෙසින් ක්‍රියාත්මක වෙමින්, වටිනා මිනිස් කාලය සහ ශ්‍රමය, මිනිස් මැදිහත්වීමකින් තොරව ඉටු කළ නොහැකි කාර්යයන් සඳහා ඉතිරි කර දෙනු ඇත.
එසේම, Copilot Wave 2 සමඟින්, Copilot සහාය, සියළුම Microsoft 365 යෙදුම් වෙත ගැඹුරින් ලබාදෙමින්, ඔබට වඩාත් පහසුවෙන් Microsoft යෙදුම් වල හැකියාවන් උපරිම වශයෙන් ලබා ගැනීමට මඟ පාදනු ඇත. නිදසුනක් ලෙසට, Microsoft යෙදුම් ඔස්සේ භාවිතා වන අන්තර්ගතයන් හුවමාරු කර ගැනීමේ මූලික පර්යන්තය ලෙසින් හැඳින්විය හැකි SharePoint බලගැන්වීම සඳහා Copilot agents භාවිතා කළ හැකි වනු ඇත. දිනපතා දත්ත ගොනු බිලියන 2.5 කට වඩා හුවමාරු වන SharePoint හි උපරිම හැකියාවන් -ඒ හරහා හුවමාරු වන දත්ත වල ආරක්ෂිත භාවයට කිසිදු හානියක් නොවන ලෙසින්- ලබා ගැනීමට Copilot Wave 2 හැකියාවන් ඉඩ හසර සලසා ඇත. එසේම, OneDrive සහ Teams තුළටද AI හැකියාවන් මේ ඔස්සේ ලැබෙනු ඇත.
අප ජීවත් වන AI යුගය තුළ, මිනිස් කටයුතු පහසු කරමින්, වටිනා කාලය ඉතිරි කර දෙමින්, මිනිසාගේ සැබෑ හැකියාවන්ගෙන් සහ නිර්මාණශීලීත්වයෙන් උපරිම ඵල ලබා ගැනීමට කටයුතු සකසා දෙන දැවැන්ත හැකියාවක් මෙතෙක් පෙන්නුම් කළ Copilot, එහි Wave 2 මුලපිරුම සමඟින් තවත් මංසලකුණක් නිර්මාණය කොට ඇත. කෙසේ නමුත්, මෙය ආරම්භය පමණකි. අනාගතයේදී තවත් විශිෂ්ට හැකියාවන් කරා පරිණාමය වෙමින්, පරිශීලකයින්ව සවිබල ගැන්වීම, Microsoft සහ Copilot අපේක්ෂාවයි.