ඔඩීලියා නවතම සුපිරි මහල් නිවාස ව්‍යාපෘතිය පානදුර වෙරළ තීරය මත ‘ඕෂනීස්ටා‘ නමින් දියත් කරයි

WhatsApp Image 2024-10-08 at 10.45.13_c722b46d (LBN)

සුඛෝපභෝගී නිවාස හඳුන්වාදීමෙන් විශ්වාසනීය නමක් දිනූ ඔඩීලියා රෙසිඩෙන්සීස් පුද්ගලික සමාගම පානදුර සුප්‍රසිද්ධ වෙරළ තීරය මත ඉදි කිරීමට යෝජිත ‘ඕෂනීස්ටා රෙසිඩෙන්සීස්‘ එක් පසෙකින් සුන්දර මුහුදු තීරය ද, අනෙක් පසෙන් බොල්ගොඩ ගඟෙහි අසිරිය ද විඳ ගනිමින්, අලංකාරත්වය හා සුවපහසුව එකට මිශ්‍ර වූ හැඟීම් සමුදායකින් යුතුව ජීවිතය විඳගත හැකිය.
 



 
ඕෂනීස්ටා රෙසිඩෙන්සීස් මහල් 9කින් සමන්විත නිවාස 24කට පමණක් සීමා වීම තුළින් අසමසම පෞද්ගලිකත්වයක්ද ඔබට සහතික කරයි. එපමණක් නොව මෙම නිවාස 24 ම වෙරළ තීරයට මුහුණලා තිබීම විශේෂත්වයකි. මෙම නිවාස සංකීර්ණය පිහිටා ඇත්තේ උදෑසන හිරු උදාවේ සිට සන්ධ්‍යාවේ  හිරු බැසීම තෙක් ස්වභාවධර්මයේ අසිරියෙන් ඔබේ මනස ප්‍රබෝධමත් කරවනසුලු අපූරු පරිසරයකය.

පිළීගත් ඉංජිනේරු මඬුල්ලකගේ දායකත්වයෙන් හා නවීන ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම අනුව සැලසුම් කර ඇති මෙම මහල් නිවාස සංකීර්ණය දේශීය හා විදේශීය සංචාරකයන් දෙඅංශයටම සුවිශේෂී ගමනාන්තයක් වන පානදුර මුහුදු වෙරළේ පිහිටා ඇති අතර, එතැන් සිට බොල්ගොඩ ගං තීරයට ඇත්තේ මීටර් 50 ක දුරක් පමණි. කොළඹ – මාතර අධිවේගී මාර්ගයට ප්‍රවේශ විය හැකි ගැලනිගම අන්තර් හුවමාරුවට කිලෝමීටර් කිහිපයකි. සුපිරි වෙළෙඳසැල්, අවන්හල්, රෝහල් සහ විවිධ අත්‍යවශ්‍ය සේවා සඳහා ඉක්මනින් ළඟාවීමේ පහසුව නිතැතින්ම ලැබෙනු ඇත.

නිදන කාමර එකකින්, දෙකකින් හෝ තුනකින් යුතු නිවාස ඒකක අතුරින් ඔබේ මනසට සරිලන ආකාරයෙන් තෝරාගැනීමට හැකිය. සෑම නිවාස ඒකකයක්ම ආලින්දය, කෑම කාමරය, නවීන පන්නයේ මුළුතැන්ගෙය, නාන කාමරය සහ නිල්වන් මුහුදු තීරය වඩාත් හොඳින් දිස්වෙන ඉහළ මහලේ පිහිනුම් තටාකය, කායවර්ධන මධ්‍යස්ථානය සහ සමාජ ශාලාවලින් සුඛෝපභෝගී ජීවන අත්දැකීමක් ඔබට හිමිවනු ඇත.

මෙම අතිවිශිෂ්ට ව්‍යාපෘතිය සම්බන්ධව තවත් තොරතුරු දැනගැනීමට හෝ ඔබේ නිවස වෙන්කරවා ගැනීමට 0710 999 666 දුරකතන අංකයට අමතන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව