ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය

JAAF Logo

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන 2025 අප්‍රේල් මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 15.14% ක වැඩිවීමකි. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇමරිකා එක්සත් ජනපදය (6.83% කින් ඉහළ යාම), යුරෝපා සංගමය (එක්සත් රාජධානිය හැර) (27.04% කින් ඉහළ යාම) සහ එක්සත් රාජධානිය (7.45% කින් ඉහළ යාම) වැනි ප්‍රධාන වෙළඳපොළවලින් ලැබුණු දැඩි ඉල්ලුමයි. අනෙකුත් රටවල් වෙත සිදු කෙරුණු අපනයන ද මෙම මාසය තුළ 21.18% කින් ඉහළ ගියේය.

2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා සමස්ත කාර්යසාධනය දෙස බලන විට මුළු ඇඟලුම් අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 1.66 ක් වූ අතර එය 2024 වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 12.4% ක වැඩිවීමකි. මෙම පරිච්ඡේදය තුළ යුරෝපා සංගමයට අපනයන 18.13% කින්, ඇමරිකා එක්සත් ජනපදයට 10.06% කින්, අනෙකුත් වෙළඳපොළවල් 13.56% කින් සහ එක්සත් රාජධානියට 6.26% කින් වර්ධනය විය.




ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තරඟකාරිත්වය මෙම ප්‍රතිඵල මගින් පෙන්නුම් කරයි. මේ සමඟ යොමු කරනු ලබන ලේඛනයේ පසුගිය වසර පහ සඳහා අමතර තොරතුරු සහ දත්ත පිළිබඳ ඇතුලත්ව ඇත.

Home  Facebook

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව