එස්. රෙන්ගනාදන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

S Renganathan 01

 



 

 

 

සිවක‍්‍රිෂ්ණරාජා රෙන්ගනාදන් (එස්. රෙන්ගනාදන්) මහතා 2022 මැයි 27 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති බව සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම නිවේදනය කර සිටී. මෙම නව පත්වීමත් සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂවරුන් 11 දෙනෙකුගෙන් හා විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් අට දෙනෙකුගෙන් සමන්විත වනු ඇත.

බැංකු ක්ෂේත‍්‍රයේ වසර 41ක හසළ අත්දැකීම් සමඟින් රෙන්ගනාදන් මහතා මෙරට කොමර්ෂල් බැංකුව ඇතුළු බංග්ලාදේශය හා මාලදිවයින වැනි ඉහළ පෙළේ දේශීය හා විදේශීය මූල්‍ය ආයතන කිහිපයක ප‍්‍රධාන නායකත්ව තනතුරුවල කටයුතු කර ඇත.

2003 දී, බංග්ලාදේශයේ Credit Agricole Indosuez හි බංග්ලාදේශ මෙහෙයුම් හි පළමු කලාපීය කළමනාකාරවරයා වශයෙන් ඔහුව පත් කෙරිණි. එය කොමර්ෂල් බැංකුවේ ප‍්‍රථම විදේශීය මෙහෙයුම වේ. ඔහු නැවත දිවයිනට පැමිණි පසු බැංකුවේ නායකත්ව තනතුරු ගණනාවක් දරමින් එහි සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබා දුන් අතර අවසානයේදී කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී යන ප‍්‍රධාන තනතුරට ඔහු පත් වීම විශේෂයෙන් කැපී පෙනුනි.

මේ වන විට ඔහු ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ උප සභාපති, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ විධායක සාමාජික, බි‍්‍රතාන්‍ය සමඟ ව්‍යාපාර සඳහා වන කවුන්සිලයේ විධායක සාමාජික, ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සාමාජික සහ ශ‍්‍රී ලංකා ඉන්දියානු සංගමයේ උප සභාපති සහ බි‍්‍රතාන්‍යය සමඟ ව්‍යාපාර සඳහා වූ කවුන්සිලයේ විධායක සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.

රෙන්ගනාදන් මහතා Lanka Financial Services Bureau Limited සහ අධ්‍යක්ෂවරයෙකු ලෙසද, ලංකා සේව්‍ය සම්මේලනයේ කවුන්සිල සාමාජිකයෙකු ලෙසද සේවය කර ඇත. තවද, ඔහු බංග්ලාදේශයේ බැංකුකරුවන්ගේ ආයතනයේ කවුන්සිල සාමාජිකයෙකු, ශ‍්‍රී ලංකා-බංග්ලාදේශ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති සහ බංග්ලාදේශයේ විදේශ ආයෝජකයින්ගේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ විධායක සාමාජිකයෙකු ද ලෙස කටයුතු කර ඇත. ඔහුගේ පුළුල් සමාජ සේවාව අගයමින් අධිකරණ අමාත්‍යාංශය විසින් ඔහුව මුළු දිවයිනටම සමාදාන විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කරන ලදී.

රෙන්ගනාදන් මහතා දේශීය සහ විදේශී වශයෙන් ලබා ගත් නායකත්වය, කළමනාකරණය සහ බැංකු පුහුණුව සමඟින් එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනය (FCMA), වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී (CGMA) තනතුර, London Institute of Banking & Finance, UK (FLIBF) සහ ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (FLIBF) වැනි ආයතතනවල ගෞරවනීය සාමාජිකයෙකි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව