එයාර්ටෙල් ශ‍්‍රී ලංකාවේ වැඩිම වේගය වාර්තා කරමින් නවතම 5G ජාලය අත්හදා බැලීම අරඹයි

Airtel

 



 

 

 

එයාර්ටෙල් ලංකා සමාගම මෙරට තුළ වාර්තා වූ ඉහළම අන්තර්ජාල වේගය වාර්තා කරමින් වාණිජ ජාලයක් හරහා සජීවී 5G අත්හදා බැලීම් සිදු කරන ලදී. 1.9 Gbps කට වඩා වැඩි වේගයක් තුළින් 5G වෙනුවෙන් වන සිය සූදානම ප‍්‍රදර්ශනය කිරීමට එයාර්ටෙල් ලංකා සමාගමට හැකි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා මහතා සඳහන් කර සිටියේ ‘‘ශ‍්‍රී ලංකාව නව්‍ය තාක්ෂණයන් භාවිත කරනු ලබන වෙළෙඳපොළක් ලෙස පෙන්වා දිය හැකි අතර අපගේ 5G හැකියාවන් ඉහළ නැංවීම වෙනුවෙන් අප සිදු කරන ආයෝජනයන් ශ‍්‍රී ලංකාවේ මීළග වර්ධනීය පරිච්ෙඡ්දයේ ඩිජිටල් පදනම සකස් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් ශ‍්‍රී ලංකාව තුළ ඉහළම අන්තර්ජාල වේගය වාර්තා කිරීමට හැකි වූ බව අපට අද දැක ගැනීමට හැකි වූ අතරම අනාගතය වෙත අප යන ගමනේදී අඛණ්ඩව වාර්තා බිඳ දමමින් ඉදිරියටම ගමන් කිරීමට අප අපේක්ෂා කරනවා.’’ යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අශීෂ් චන්ද්‍රා මහතා ‘‘අපගේ මෙම අධිවේගී ජාලය හරහා එයාර්ටෙල් පාරිභෝගිකයන් සවිබල ගැන්වීම තුළින් ඔවුන්ගේ ජීවිතවලට සුවිසල් බලපෑමක් ඇති කරනවා. එය රටේ සෑම පුරවැසියකුටම වඩාත්ම දැරිය හැකි මිලකට ජාත්‍යන්තර මට්ටමේ ජාලයක් ලබා දීමේ අපගේ දැක්මට අනුකූල වන අතරම එය එයාර්ටෙල්හි සෑම පාරිභෝගියකුටම අභිමානවත් අවස්ථාවක් වනු නිසැකයි.’’ යනුවෙන් පැවසුවේය.

දැනට පවතින තාක්ෂණයන්ට සාපේක්ෂව එයාර්ටෙල් 5G දස ගුණයක වැඩි වේගයක්, දස ගුණයකින් අඩු latency හැකියාව මෙන්ම සිය ගුණයකින් එකවර වැඩ කිහිපයක් කරගැනීමේ හැකියාව ආදියෙන් සමන්විතය. ජාල වැඩි දියුණු කිරීම් වෙනුවෙන් වන සමාගමේ සැලකිය යුතු ආයෝජන ඉහළ නැංවීම හේතුවෙන් 5G අත්හදා බැලීම් ආරම්භ කිරීම තුළින් එයාර්ටෙල් ලොව නවෝත්පාදන ජංගම හා ජාල නවෝත්පාදනයන් අතරට එක් වනු ඇත.

මේ සම්බන්ධයෙන් එයාර්ටෙල් නිවේදනය කර සිටියේ දිවයින වටා ඇති ජාත්‍යන්තර මට්ටමේ 4G සඳහා වන යටිතල පහසුකම් 5G සඳහා සූදානම් කිරීම තුළින් ඊළඟ පරම්පරාවේ ජාලකරණයට බාධාවකින් තොරව සංක‍්‍රමණය වීමේ හැකියාව උදාවන බවයි. එසේම මෙය ක‍්‍රියාත්මක කිරීමට හැකි වූයේ NSA (Non Stand Alone) ජාල තාක්ෂණය හරහා 3500 MHz ක් වන කලාපයේ Trial Network සංඛ්‍යාත පරාසයන් සමඟ බව එයාර්ටෙල් නිවේදනය කරන ලදී.

මේ තුළින් සියලූම domains හරහා එයාර්ටෙල් ජාලයේ 5G සඳහා ඇති සූදානම ද මනාව ඔප්පු කර ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව