එමිරේට්ස් සහ ෆ්ලයිඩුබායි හි, සම්මානනීය ලෝයල්ටි වැඩසටහන වන ස්කයිවර්ඞ්ස් විසින් ඩුබායි හි නිවාඩුවක් ගත කරන අවස්ථාවේදී එහි සාමාජිකයින්ට සැතපුම් 5000 ක් දක්වා රැස්කර ගැනීමට අවස්ථාව ලබාදෙන “Mile-A-Minute” (විනාඩියකට සැතපුමක්) විශේෂ වැඩසටහන දියත් කර තිබේ.
එමිරේට්ස් ගුවන් සමාගමේ මධ්‍යස්ථානය වන ඩුබායි විසින් Expo 2020 පැවැත්වීමට සමගාමීව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය විසින් සිය රන් ජුබිලිය සැමරීමට සමගාමීව මෙම විශේෂ ප්‍රතිලාභය ලබාදීමට සමාගම තීරණය කර ඇත. 2021 අගෝස්තු 01 වනදා සිට 2022 මාර්තු 31 වනදා දක්වා මිලදීගෙන 2021 ඔක්තෝම්බර් 01 වනදා සිට 2022 මාර්තු 31 වනදා දක්වා සංචාරය සඳහා වලංගු වන එමිරේට්ස් ගුවන් ටිකට් පත් සඳහා මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වන බව එමිරේට්ස් සඳහන් කරයි.
2022 මාර්තු 31 වනදාට පෙර මෙම වැඩසටහනේ ලියාපදිංචි වන දැනට සිටින සහ නව එමිරේට්ස් ස්කයිවර්ඞ්ස් සාමාජිකයින්ට මෙහි ප්රතිලාභ emirates.com වෙතින් ලබාගත හැක. ඔවුනට දැන් තම ගුවන් ටිකට් පත් වෙන්කර ගත හැකි අතර ඩුබාහි රැඳී සිටින කාලය තුළදී ස්කයිවර්ඞ්ස් සැතපුම් 5000 ක් දක්වා රැස්කර ගැනීමේ අවස්ථාව ඉන් උදාකර ගත හැකිවේ.
ඩුබායි වෙත පිවිසෙන්න
පසුගිය වසරේ සිට ජාත්‍යන්තර සංචාරකයින්ට ඉතාමත් ආරක්ෂාකාරීව විවෘත කිරීමෙන් පසුව ඩුබායි වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් ලෙස මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව තිබේ. සුවිශේෂී කැපී පෙනෙන ස්ථාන, ජාත්‍යන්තර තලයේ සංචාරක හෝටල් සහ සුන්දර වෙරළ තීර වලින් ඩුබායි නගරය විචිත්‍රවත් වී ඇත. වර්ල්ඞ් ට්‍රැවල් ඇන්ඞ් ටුවරිසම් කවුන්සිල් (WTTC) මගින් ආරක්ෂාකාරී ගමන් සහතිකය ලබාගත් ලෝකයේ පළමු නගරය ඩුබායි වූ අතර එමගින් ඩුබායි විසින් පවත්වාගෙන යන පුළුල් සහ සාර්ථක සෞඛ්‍ය සහ ආරක්ෂිත ක්‍රියා මාර්ග සහතික කර තිබේ.
2021 ඔක්තෝම්බර් 01 වනදා සිට 2022 මාර්තු 31 වනදා දක්වා Expo 2020 පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී, මගීන්ට වඩාත් ආරක්ෂිතව විනෝදාස්වාද සැණකෙළි, සංස්කෘතිකමය උත්සව, සූපවේදී අත්දැකීම් සහ ජීවිතයට ජීවය දෙන වැඩමුළු වලට එක්විය හැකිවේ. මෙම ගෝලීය වැඩසටහන සඳහා ලෝකය පුරා රටවල් 190 කට වැඩි ගණනකින් අමුත්තන් මිලියන 25 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරයි.
එමිරේට්ස් ගුවන් සමාගම විසින් සිය පුළුල් ජාලය පදනම් කරගනිමින් මේ වනවිට ගමනාන්ත 120 කට වැඩි ප්‍රමාණයකට සිය සේවාව ව්‍යාප්ත කර ඇත. ගමනේ සෑම අදියරකදීම මගීන්ට උපරිම ආරක්ෂාවක් ලබාදීම සඳහා එමිරේට්ස් සමාගම ගුවන් යානා තුළදී මෙන්ම ගොඩබිමදී දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කර තිබේ.