ඉන්දියානු වාණිජ මණ්ඩලයෙන් කොමර්ෂල් බැංකුවට සම්මාන ත්‍රිත්වයක්

ICC Awards 2025

ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද 3 වන ආසියාවේ නැඟී එන බැංකු සමුළුව සහ සම්මාන උළෙල 2025 හිදී කොමර්ෂල් බැංකුව සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීය.

මෙහිදී ශ්‍රී ලංකාවේ හොඳම කාර්යසාධන වර්ධනය සඳහා වූ සම්මානය, ශ්‍රී ලංකාවේ හොඳම ලාභදායිතා කාර්ය සාධනයට හිමි සම්මානය සහ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස අනුශූරතාවය ද බැංකුව විිසින් දිනා ගන්නා ලදි.

භූතානය, ශ්‍රී ලංකාව, නේපාලය, මියන්මාරය, බංග්ලාදේශය මෙන්ම ඉන්දියාව පුරා මූල්‍ය ආයතන වල  සහභාගීත්වයෙන් මෙම සම්මාන  ප්‍රදානෝත්සවය ඉන්දියාවේ නවදිල්ලි නුවර, ද  මෙරිඩියන් හෝටලයේදී පැවැත්වුණු අතර කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය රාමචන්ද්‍රන් සිවඥානම් මහතා බැංකුව නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී විය.
 



 

PricewaterhouseCoopers (PwC) සහ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයන්ගෙන් සමන්විත ජූරි සභාවක් විසින් මෙම සම්මාන ඇගයීම සිදු කළ අතර ආයතනයන් හි ලාභදායි බව, වර්ධනය සහ වත්කම්වල ගුණාත්මකභාවය වැනි ප්‍රධාන මූල්‍ය දර්ශකයන්හි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සාධක ද්විත්වයම මෙහි දී සලකනු ලැබේ.

ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව