ඇල්ෆා ඇපරල්ස් ජාතික 2021 ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජයකෙහෙළි නංවයි

1- Alpha Apparels with Award

 



 

 

 

ශ්‍රී ලංකාවේ පොල්ගහවෙල ප්‍රදේශයේ සුන්දර නිසල පරිසරයක පිහිටි ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක්වන ඇල්ෆා ඇපරල්ස් ආයතනය නැවතත් සිය විශිෂ්ටත්වය සනාථ කරමින්, පසුගියදා පැවැති 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘නිෂ්පාදන – ඇඟලුම් රෙදිපිළි සහ සම්භාණ්ඩ‘ අංශයේ ජයග්‍රාහකයා බවට පත්විය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.

මෙම විශිෂ්ටතා සම්මානය, මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට සහ ආර්ථිකයට ඇල්ෆා ඇපරල්ස් ආයතනය මගින් ලැබෙන සුවිසල් දායකත්වයට මනා සාක්ෂියකි. මීට ඉහතදී 2019/20 වසර සඳහා වූ 24 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ද මධ්‍යම පරිමාණ කාණ්ඩයේ හොඳම ඇඟලුම් අපනයනකරු ලෙස සම්මාන දිනාගැනීමට ඇල්ෆා ඇපරල්ස් සමත්විය.

ඇල්ෆා ඇපරල්ස් සහ ඔමේගා ලයින් සමූහය පසුගිය වකවානුව තුළ දේශීය සහ අපනයන ආර්ථිකයට ලබාදී ඇති දායකත්වය ඉමහත් ය. වර්තමානය වනවිට සියලු අනුබද්ධිත ආයතන යටතේ 13,000කට අධික ශ්‍රම බලකායක් ද සමගින් විවිධ බාධක අභියෝග හමුවේ නොසැලී ශක්තිමත්ව ඉදිරියට යාමට ඇල්ෆා ඇපරල්ස් සහ ඔමේගා ලයින් සමූහයට හැකිව තිබේ.

වර්ෂ 2006 දී ආරම්භ වූ ඇල්ෆා ඇපරල්ස් ආයතනය මේ දක්වා 2,400කට වැඩි තරුණ පිරිසකට තම සැබෑ ශක්තිය හඳුනාගැනීමට මෙන්ම, සිහින හඹායාමටත් දිරිය දී තිබේ. එම නිසාම ‘සිහින සැබෑ කරගැනීමට ඇති හොඳම ස්ථානයක්’ ලෙස ද ඇල්ෆා ඇපරල්ස් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ පිළිගැනීමට ලක්වී ඇත.

″අපගේ සාමාජික සාමාජිකාවන් ඇතුළු සමාගමේ වටිනාකම් දාමයට ඇතුළත් සෑම පුද්ගලයෙකුම මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන්. විශේෂයෙන්ම අප සාමාජික සාමාජිකාවන් අපට සෑමවිටම විශාල ආදර්ශයක් මෙන්ම ශක්තියක් සපයනවා. අපගේ වටිනාම වත්කම වන්නේත් එම සාමාජික සාමාජිකාවන්. එම නිසා ඔවුන්ගේ සුබසිද්ධිය සහ සතුට වෙනුවෙන් යහපත් ප්‍රියමනාප පරිසරයක් පවත්වාගැනීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. රටට විදේශ විනිමය උපයා දෙන කර්මාන්තයක නියැළීමට හැකිවීමත් අපට විශාල ආඩම්බරයක්. ඒ වගේම, සියලු දෙනා සමඟ සහයෝගයෙන් සමානාත්මතාවයෙන් යුතුව ආර්ථික වර්ධනයක් ළඟාකරගැනීමටත්, දහස් ගණනකගේ ජීවිත ඉහළට ඔසවා තැබීමට හැකිවීමත් අපට විශාල සතුටක්″, යනුවෙන් ඇල්ෆා ඇපරල්ස් සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

ඇල්ෆා ඇපරල්ස් සමාගමේ වර්ධනයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ වටිනා මානව ප්‍රාග්ධනය යි. එහිදී ආයතන කළමනාකාරීත්වය විසින් නිරන්තරයෙන්ම සාමාජික සාමාජිකාවන් ඇගයීමටත්, ඔවුන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමටත් පියවර ගැනීම ද කැපී පෙනේ. උද්‍යෝගිමත්, ජවසම්පන්න සහ තරුණ ආයතන සාමාජික සාමාජිකාවන් අතිශය මිත්‍රශීලී සේවා පරිසරයක් තුළ තම රැකියාව ඉතා සතුටින් සිදුකරන අතර, අඛණ්ඩ ඉගෙනුම, පුහුණු වීම සහ වෘත්තීය පුහුණු අවස්ථා ලබාගැනීම තුළ සිය වෘත්තිය ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය ද වර්ධනය කරගැනීමට ඔවුහු සමත්ව සිටිති. ආයතනය ද සාමාජික සාමාජිකාවන්ගේ සුබසාධනය අරමුණු කරගනිමින් නොමිලේ ප්‍රවාහන පහසුකම්, නවාතැන් පහසුකම්, තම නිවාස හෝ වාහන සිහිනය සැබෑ කරගැනීමට සහන ණය පහසුකම්, වෘත්තීය මාර්ගෝපදේශනය සහ මනෝ උපදේශන සේවා ඇතුළු පහසුකම් සහ සේවා රැසක් පිරිනමයි.

පොල්ගහවෙල පිහිටි ඇල්ෆා ඇපරල්ස් ආයතනය ඉතාලියේ Calzedonia සමාගම යටතේ ක්‍රියාත්මක වේ. Calzedonia S.p.A යනු, කාන්තා යට ඇඳුම්, ස්ටොකින්ග්ස්, රාත්‍රී ඇඳුම්, මේස් සහ පිහිනුම් ඇඳුම් ආදිය සඳහා ප්‍රකට සමාගමක්වන අතර, Calzedonia, Intimissimi, Tezenis, Falconeri, Intimissimi Uomo, සහ Atelier Eme ආදී ලොව සුපතල සන්නාම යටතේ ලොව පුරා රටවල් 50කට වැඩි සංඛ්‍යාවක වෙළඳසැල් 5,200කට අධික ප්‍රමාණයක එම නිෂ්පාදන අලෙවි කෙරේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව