
ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයේ ස්නේහදාන පදනම, එම සමූහයටම අනුබද්ධිත ආයතනයක් වන ට්‍රොපිකල් ලයිෆ් ඉන්ටර්නැෂනල් සමාගම සමඟ එක්ව මීගමුව බණ්ඩාරනායක විද්‍යාලයේ සිසු දරුදැරියන්ට උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේය. ළමා මන්දපෝෂණය යනු දරුවන්ගේ සෞඛ්‍යයට මෙන්ම ඉගෙනුමට සහ වර්ධනයට ඍජු බලපෑමක් එල්ල කරන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සමාජ අභියෝගයකි. එවන් පසුබිමක මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම අතිශය කාලෝචිත පියවරකි.
ලෝක ළමා දිනයට සමගාමීව 2025 ඔක්තෝබර් මස 1 වැනිදා ආරම්භ කළ මෙම වැඩසටහන මගින් දිනපතා පාසල් සිසුන් 100කට වැඩි ප්‍රමාණයකට ආහාර සපයනු ලැබේ.මෙම වැඩසටහනේ තවත් විශේෂත්වයක් වන්නේ ස්නේහදාන පදනම සහ ට්‍රොපිකල් ලයිෆ් ඉන්ටර්නැෂනල් සමාගම මඟින්, ආහාර සැකසීමට අමුද්‍රව්‍ය ලබා දීමයි.තවද සිසු දරුවන්ගේ දෙමාපියන් විසින් ස්වේච්ඡා දායකත්වය යටතේ ආහාර පිළියෙළ කිරීමට පියවර ගෙන තිබීමයි.
වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනී එච්.ටී.අයි.එම්. පීරිස් මහත්මිය තම පාසලේ දරු දැරියන් කුසට නිසි ආහාරයක් නොමැතිව අධ්‍යාපනය ලබන අයුරු විස්තර කරමින්, ‘පෝෂණීය ආහාර වේලක් යනු වරප්‍රසාදයක් නොව සෑම දරුවෙකුගේම ඉගෙනීමට සහ වර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්’ බව පෙන්වා දුන්නාය.
මීට අමතරව, ට්‍රොපිකල් ලයිෆ් ඉන්ටර්නැෂනල් සමාගම විසින් පාසල් සිසුන්ට ආහාර ලබාදීමේ ප්‍රථම වැඩසටහන ආරම්භ කරන ලද්දේ 2023 වසරේ ජනවාරි මාසයේදී ය. ඒ හෙයියන්තුඩුව මහින්ද විද්‍යාලයෙනි. පුරා වසර දෙකකට වැඩි කාලයක් පුරා සාර්ථකව ක්‍රියාත්මක වන එම වැඩසටහන හරහා සෑම සතියකම උදෑසන ආහාර වේල් 400ක් පමණ සිසුන්ට ලබාදේ. එම වැඩසටහන මගින් සිසුන්ගේ ඉගෙනුමට ඇති අවධානය, පාසලට දිනපතා පැමිණීම මෙන්ම සමස්ත සුවතාව ද වර්ධනය වී ඇති බව ගුරුවරු සහ දෙමාපියන්ද නිරීක්ෂණය කර තිබේ.
‘ස්නේහදාන ප්‍රජා මුළුතැන්ගෙය‘ වැනි වැඩසටහන් ක්‍රියාවට නංවමින් වසර ගණනාවක් මුළුල්ලේ ජනතාවගේ පෝෂණය සහ සුවතාවය වෙනුවෙන් පෙනී සිටීමට ස්නේහදාන පදනම ක්‍රියාකර තිබේ.
ට්‍රොපිකල් ලයිෆ් ඉන්ටර්නැෂනල් සමාගමේ මෙහෙයවීම සහ ස්නේහදාන පදනමේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මකවන පාසල් සිසුන්ට ආහාර ලබාදීමේ වැඩසටහන ද ඒ සඳහා මහඟු උපකාරයකි.සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් සමාජයක් උදෙසා සක්‍රීය දායකත්වයක් ඇබර්ඩීන් සමූහය විසින් ඉටු කෙරෙන අතර එය ආයතනයේ ඉදිරි දැක්ම වෙනුවෙන් දරන ඒකාබද්ධ ප්රයත්නයක් ලෙසද හඳුන්වා දිය හැකිය.


