ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලාංකික රෝගීන්ටත් ප්‍රෝටෝන ප්‍රතිකාර

Dr.Sapna Nangia Senior Consultant Radiation Oncology Apollo Proton Cancer Centre (LBN)

 



 

 

ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි නවීනතම පහසුකම්වලින් සමන්විත ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ටත් ප්‍රතිකාර ලබාගත හැකි බව එම මධ්‍යස්ථානය පසුගියදා නිවේදනය කළේය.

දකුණු ආසියාවේ සහ මැදපෙරදිග පළමු හා එකම ප්‍රෝටෝන ප්‍රතිකාර මධ්‍යස්ථානය වන ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයේ (APCC) නියෝජිතයන් කොළඹ හිල්ටන් කලම්බු රෙසිඩන්සී හි පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රෝටෝන ප්‍රතිකාරයේ ප්‍රතිඵල වැඩිදියුණු කිරිමේ වැදගත්කම, පිළිකා ප්‍රතිකාර සහ ජීවිත සුරැකීමේ එහි ගුණාත්මකභාවය පිළිබඳ පැහැදිලි කරමින් මේ බව කියා සිටියේය.

ඉන්දියාවේ පළමු JCI ජාත්‍යන්තර ප්‍රමිතිය ලැබූ පිළිකා රෝහල වන ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ එම පහසුකම් මගින් මෑතකදී ශ්‍රී ලාංකිකයකුට දුර්ලභ අක්මා පිළිකාවක් සඳහා සංකීර්ණ ප්‍රතිකාරයක් සිදු කළ බවය.

ජයන්ත පුෂ්පකුමාර ගමගේ නමැති 65 හැවිරිදි මේ රෝගියා හෙපටෝසෙලියුලර් පිළිකා තත්ත්වයට ලක් වී සිටි අතර, චෙන්නායි නුවර ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයේදී ඔහුට ඒ සඳහා intensity-modulated proton beam therapy (IMPT) ප්‍රතිකාරය සිදු කළ බව එහිදී අනාවරණය විය.

ඔහුට අන්ත්‍රාවරණ ප්‍රදේශයේ recurrent oligometastatic hepatocellular carcinoma  නමැති රෝග තත්ත්වයක් ඇති බව හඳුනා ගෙන තිබිණි. TACE, Lenvatinib සහ Regorafenib ප්‍රතිකාර සිදු කර තිබුණද එය අසාර්ථක වී තිබූ අතර, පසුව ප්‍රෝටෝන චිකිත්සාව සඳහා ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානය (APCC) වෙත යොමු කර තිබිණි. සවිස්තරාත්මක රෝග විනිශ්චයකින් පසු ඔහුට intensity-modulated ප්‍රෝටෝන චිකිත්සාව නිර්දේශ කර තිබූ අතර, මේ වන විට එය සාර්ථකව සිදු කර ඇත.

ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයේ විකිරණ ඔන්කොලොජි ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය සප්නා නන්ගියා සඳහන්  කරන්නේ  ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයේ සම්ප්‍රදායික විකිරණ ප්‍රතිකාරවලට වඩා ප්‍රෝටෝන චිකිත්සා ප්‍රතිකාරයේ සැලකිය යුතු වාසි ඇය අවබෝධ කරගත් බවය. අධි ශක්ති ප්‍රෝටෝනවලින් පිළිකා නිශ්චිතවම ඉලක්ක කර ගැනීමෙන් ඒ අවට නිරෝගී පටක ආරක්ෂා කරගැනීමට හැකියාව ඇති බවය. විශේෂයෙන් වැදගත් ඉන්ද්‍රීයයන් සහ සංවේදී ප්‍රදේශවලට සිදුවන හානිය හා ඇතිවිය හැකි අවදානම අවම කරගත හැකි බව ඇය සඳහන් කළාය. එමගින් පිළිකාව පාලනය කිරීමෙන් රෝගියාට වඩා හොඳ ප්‍රතිඵල අත්වන බවත්, අතුරු ආබාධ ඇතිවිමේ අවදානම අවම කිරීම හා රෝගියාගේ සාමාන්‍ය ජීවන රටාව වර්ධනය කළ හැකි බවත් ඇය හඳුනාගෙන ඇත.

වෘත්තීය සායනික උපදේශන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ගමගේ මහතා කියා සිටියේ පිළිකාව සඳහා ප්‍රතිකාර ලැබීමේ ක්‍රියාවලිය එතරම් පහසු නොවන බවය. එහෙත් ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයේ විස්මයජනක විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට ස්තූතිවන්ත වීමට ඔහුට නැවත ජීවත්වීමේ වාසනාව උදාවී ඇතැයි හැඟුණු බවය. අසාර්ථක ප්‍රතිකාර රැසකින් පසු ඔහුට අවසාන බලාපොරොත්තුව වූයේ ප්‍රෝටෝන චිකිස්තාව බවත්, එය සාර්ථක වීම ඔහුගේ විමතියට හේතුවූ බවත් ඔහු කියා සිටියේය. රෝහල් කාර්ය මණ්ඩලය එම ක්‍රියාවලිය පුරාවට ඇදහිය නොහැකි තරම් කාරුණිකභාවයක් සහ සහයෝගයක් ලබා දුන් බවත්, ඔවුන්ගේ කැපවීම හා ප්‍රවීණත්වය වෙනුවෙන් ස්තුතිය පුද කිරීමට ඔහුට වචන නැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අවම රෝග ලක්ෂණ පෙන්නුම් කළද, නැවත සාමාන්‍ය ජීවිතයට පිවිසීමට හැකිවීම පිළිබඳ තම කෘතඥතාව ඔවුන්ට පුද කරන බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රෝටෝන චිකිස්තා ප්‍රතිකාරය සිදු කිරීමේ ඇති ප්‍රධානතම වාසිය නම් රෝගියාගේ ශක්තිය තුළට එම ප්‍රෝටෝන ඇතුළු වී සිරුරට තවදුරටත් හානියක් නොවන පරිදි විකිරණවලින් වැඩි ප්‍රමාණයක් සෘජුවම පිළිකාව හටගත් ප්‍රදේශයේ තැන්පත් වීමය. එමගින් සෞඛ්‍ය සම්පන්න පටක හා අවයව කිසිදු සංකූලතාවයකින් තොරව පවත්වාගෙන යෑමට හැකි වීමය. හිස් කබල ප්‍රදේශය වැනි සිරුරේ වඩාත් දුෂ්කර ප්‍රදේශවල හටගන්නා විවිධ පිළිකා තත්ත්වයන් සඳහා ප්‍රෝටෝන චිකිත්සාව තුළින් අතිවිශිෂ්ට පාලනයක් සිදුවන බව පෙන්නුම් කර ඇත. අතිනවීන සියුම් ස්කෑන් පරීක්ෂණ ඇතුළු විවිධ තාක්ෂණික ක්‍රම ඔස්සේ එහි සාර්ථකත්වය තහවුරු කරගැනීමෙන් ලොව පුරා බොහෝ රෝහල් පද්ධතිවල එය භාවිත කිරීමට හේතු වී ඇත.

මොළයේ සහ කොඳු නාරටියේ පිළිකා, හිස කබල ආශ්‍රිත පිළිකා, මුඛ පිළිකා, ආමාශ ආන්ත්‍රික පිළිකා, අස්ථි හා මෘදු පටක පිළිකා, පියයුරු පිළිකා, පෙනහළු පිළිකා, පුරස්ථි ග්‍රන්ථයේ පිළිකා සහ දරුවන්ගේ රෝග ආශ්‍රිතව මූලික පිළිකා තත්ත්වයන් වශයෙන් ලියුකේමියාව හැර වෙනත් විවිධ පිළිකා සඳහා ප්‍රෝටෝන චිකිත්සාව දිරිගන්වනසුලු ප්‍රතිකාරයක් ලෙස භාවිත කෙරේ.

සංකීර්ණ සැත්කම් සඳහා නවීන තාක්ෂණ පද්ධති භාවිත කරමින් සියලු ආකාරයේ විශේෂිත සත්කාර සපයනු ලබන අතිනවීනතම පිළිකා ශල්‍ය ඒකකයක් ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයේ පිහිටා ඇත. එමගින් විශේෂිත රෝගීන් සම්බන්ධව ඉහළ කැපවීම සහතික කරමින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිකාර ලබාදීම සඳහා අතිනවීන විකල්ප ක්‍රම භාවිත කරයි.

පර්යේෂණ, නවෝත්පාදන සහ ලොව පුරා පිහිටි සෙසු ප්‍රමුඛතම පිළිකා ආයතන සමඟ සහයෝගයෙන් යුතුව රෝගීන්ගේ තත්ත්වයන් ඉහළ නැංවීමට මේ මධ්‍යස්ථානය කැපවී සිටී. ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානය රෝගීන්ට උසස් තත්ත්වයේ ප්‍රතිකාර ලැබෙන, සුවපහසු හා සනීපදායක පරිසරයක් තුළ කාරුණික සත්කාරකත්වය සැපයෙන පිළිකා ප්‍රතිකාර සඳහා ප්‍රමුඛතම ගමනාන්තයක් බවට පත් වී තිබේ.

ඉහළ දක්ෂතා ඇති වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් පිළිකා කළමනාකාරණ කණ්ඩායමකින් සමන්විත ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයේ සියලු සාමාජිකයන්ගේ ඉලක්කය වන්නේ සිය රෝගීන්ට හැකි උපරිම ප්‍රතිඵල අත්කර දීමය. මැතකදී එය ඉන්දියාවේ පළමු හා එකම  විශේෂිත ස්වයංක්‍රීය රොබෝ තාක්ෂණික ඔන්කොලොජි වැඩසටහන දියත් කළේය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව