
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධාංගීකරණය වූ පාර්ෂවකරුවන්, වෘත්තීය පුහුණු ආයතන,සමාජ සේවා දේපාර්තමේන්තුව ,වෘත්තීය පුහුණු අධිකාරිය,තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සහ සේව්‍ය සම්මේලනයේ ආබාධිත පුද්ගලයින්ගේ සම්පත් මධ්‍යස්ථානය, ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර සංවර්ධන ආයතනයන්ගේ සහභාගීත්වයෙන් එන් .එච් කලෙක්ෂන් හි පැවති වැඩමුලුවක දී ආබාධිත පුද්ගලයින් සඳහා ඇඟලුම් නිෂ්පාදනයට අදාල නව විශය නිර්දේශයක් හඳුන්වා දෙන ලදි.
Inclusive Threads ලෙස හැඳින්වෙන ආබාධ සහිත පුද්ගලයින් සඳහා වෘත්තීය පුහුණු ආයතනයන් හි ක්‍රියාත්මක කෙරෙන ඇඟලුම් විෂය නිර්දේශය මෙරට ආබාධ සහිත පුද්ගලයින් සවිබල ගැන්වීම සඳහා වන සන්ධිස්ථානයක් වන අතර මෙම වැඩමුලුව සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනුග්‍රහය දක්වන ලදි.මීට ඉහතදී භාවිතා කළ විෂය නිර්දේශය සඳහා වෙනස්කම් රැසක් මෙවර ඉදිරිපත් කරන ලද විෂය නිර්දේශයෙහි දක්නට ලැබෙන නිපුණතා සංවර්ධන සඳහා මෙහිදී අවධානය යොමු කළ අතර ආයතනික මහන මැෂින් ක්‍රියාකරවන්නියන් (ISMO) ඉලක්ක කරමින් පැවැත්වෙන ආයතනික පුහුණුව වඩාත් ප්‍රායෝගික සහ ආයතනයන් තුල ලබා දෙන පුහුණු අවස්ථාවන්ගෙන් සමන්විතය. මෙම අවස්ථාව මෙරට ඉහළම විදේශ විනිමය ලබා දෙන අපනයන ක්ෂේත්‍රය වෙත ලබා දුන් අගනා අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.
මෙම වැඩමුලුවෙහි පිලිගැනීමේ කථාව සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න විසින් සිදු කළ අතර ඇයගේ පිලිගැනීමේ කථාව තුළ සංවෘත්ත විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ගැන සඳහන් කළාය. “කුසලතා සහිත පුහුණුව නව අවස්ථාවන් අපට ලබා දෙනවා. ආබාධ සහිත පුද්ගලයින්ට ඇඟලුම් ක්ෂේත්‍රයට ඇතුළු වීම පහසු කරවන පාඨමාලාවන් තුළින් ඔවුන්ගේ ජීවිත පරීවර්තනීය මාර්ගයකට ගෙනයමින් තිරසාර ජීවන තත්වයකට මග විවර වෙනවා” යනුවෙන් පැවසුවාය.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජිත ඉන්දික ලියනහේවගේ මහතා මෙම ක්ෂේත්‍රය සඳහා ඇඟලුම් කර්මාන්තයේ දායකත්වය ලබා දියයුත්තේ ඇයිද යන්න පිලිබඳව අවධාරණ කරන ලදි. “ගෝලිය තරගකාරීත්වය තුල මෙරට ඇඟලුම් කර්මාන්තය පැවැත්ම තහවුරු කරගැනීමට නම් කිසිවකු අතහැර යාම කල නොහැකි අතර සියලු දෙනා මේ ගමනේ කොටස්කරුවන් කර ගත යුතු වෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ මෙම විෂය නිර්දේශය තුළින් ගෝලීය වශයෙන් අප විසින් වර්ධනය කර ගත යුතු කුසලතා සඳහා නැඹුරු වීමට ඔවුන්ට හැකියාව ලබා දෙන අතර අනාගතය සඳහා අවශ්‍ය ශ්‍රම සම්පත් ගොඩනැංවීම සඳහා විශාල සහායක් ලබා දෙනවා. මිලියනයකට ආසන්න ශ්‍රී ලාංකිකයින්ගේ ජීවනෝපාය රැඳුනු කර්මාන්තයක් ලෙස රටක වර්ධනය හැමදෙනා මතම රැඳි ඇති බව මගේ අදහසයි. ආබාධ සහිත පුද්ගලයින් විෂයෙහි හඳුන්වාදුන් මෙම ඇඟලුම් විෂය නිර්දේශය මගින් නව අවස්ථා උත්පාදනය කරන පුද්ගලයින් අතර ආර්ථික අසමානතා අවම කරන ශක්තිමත් පියවරක් වනු ඇති බව මගේ විශ්වාසයයි.’’
මෙම නව විෂය නිර්දේශය සකස් කිරීමේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් විශේෂ තාක්ෂණික උපදෙස් හා සහාය ලබා දෙමින් වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී. ජාත්‍යන්තර කම්කරු සංවිධානය නියෝජනය කරමින් එහි බාහිර විශේෂඥවරියක වන මනෝජා පොල්වත්ත මහත්මිය මෙම වැඩමුළුවට සහභාගී වූවාය. ඇය සිය ඉදිරිපත් කිරීමේදී ආයතනික මහන මැෂින් ක්‍රියාකරවන්නියන් (ISMO) සඳහා පැවැත්වෙන ආයතනික පුහුණුවට සිදු කරන ලද වෙනස්කම් පිළිබඳව පැහැදිලි කළාය. මෙයට ආබාධ සහිත පුද්ගලයින් ඇතුළුව සියලුම හැකියාවන් සඳහා ඉගැන්වීමේ ක්‍රම, ආබාධ සහිත ඉගෙන ගන්නන් සඳහා සුදුසු නව උපකරණ සහ සිසුන්ගේ ප්‍රගතියට උපකාර කිරීම සඳහා ව්‍යුහගත ඉගෙනුම් මාර්ග ඇතුළත් විය.
ඉන් පසුව, මේ සඳහා සහභාගීවූවන් කණ්ඩායම් සාකච්ඡාවලට සහභාගී වූ අතර එහිදී පුහුණුකරුවන්, ඇඟලුම් කර්මාන්තයේ වෘත්තිකයන් සහ අදාළ ආයතනවල නියෝජිතයින් එක්ව මෙම විෂය නිර්දේශය නිල වශයෙන් හඳුන්වා දීමට හෝ ක්‍රියාත්මක කිරීමට පෙර එය තවදුරටත් වැඩිදියුණු කිරීමට හරවත්, ප්‍රායෝගික අදහස් හා යෝජනා බෙදාහදා ගත්තේය. මීට අමතරව වෘත්තීය පුහුණු ආයතනයේ (VTI) නියෝජිතයින් ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කරමින් ඉදිරියේදී තෝරාගත් ස්ථාන හරහා මෙම ආයතනික මහන මැෂින් ක්‍රියාකරවන්නියන් සඳහා පැවැත්වෙන ආයතනික පුහුණුව ඉක්මනින් හඳුන්වා දීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මෙම වැඩමුළුව අවසන් වූයේ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළුව සැමට සමාන අවස්ථා ලබා දීම ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන සැලසුම්වල වැදගත් අංගයක් බව පිළිගනිමින් මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාමට සියලු දෙනා කැපවන බවට පොරොන්දු වීමෙනි.