අලූත් කාලෙට අලූත් තාලෙට ගැලපෙන්න Daraz දැන් අලූත් වෙලා – වෙනස් වෙලා

PR cover pic - new daraz (1)

 

2022 ජනවාරි 20 වැනිදා, කොළඹදී,

දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ වෙබ් අඩවිය ලෙස පාරිභෝගික විශ්වාසය දිනාගත් Daraz  සාම්ප‍්‍රදායික අන්තර්ජාල සාප්පු සවාරියක ඒකාකාරීත්වයට ක‍්‍රියාශීලී නව අරුතක් එක් කරමින් 2021 වසරේ අත් කරගත් අතිසාර්ථකත්වය ඉදිරියටත් රැගෙන යාම සංකේතවත් කරමින් නව සන්නාමයක් හඳුන්වා දී තිබේ. විද්‍යුත් වාණිජ වෙබ් අඩවියක් හරහා පාරිභෝගිකයන් වෙත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් භෞතිකව සමීප කෙරෙන ආකාරය Daraz නව සන්නාමයේ නිරූපිතය. නව සන්නාමය මධ්‍යයේ ඇති ඊතල හිස මගින් සාර්ථකත්වය අරමුණුකොටගෙන ඉදිරියටම ගමන් කිරීමත් Daraz සතු වේගවත් බෙදාහැරීමේ ක‍්‍රමවේදයත් නිරූපණය කෙරෙන අතර එය “play button” එකක් ලෙසද සංකේතවත් කිරීම හරහා සාම්ප‍්‍රදායික විද්‍යුත් වාණිජ ගනුදෙනු ක‍්‍රියාවලියට එහාගිය ක‍්‍රියාශීලී හා වින්දනාත්මක අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත ලබාදීම සංකේතවත් කෙරේ. Daraz නව සන්නාමය සමග මෙතෙක් Daraz වෙතින් ඉදිරිපත් කළ සියළු ආයතනික සන්නාම එක් ප‍්‍රධාන සන්නාමයක් යටතේ ඉදිරිපත් කිරීම ද සිදුවේ.

Daraz සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී බ්කාර්කේ මිකෙල්සෙන් මහතා Daraz නව සන්නාමය පිළිබඳ අදහස් දක්වමින් “පහුගිය අවුරුදු 7 තිස්සේ Daraz වෙනස් වෙන පාරිභෝගික අවශ්‍යතා හඳුනාගනිමින් පාරිභෝගිකයන්ගේ තෘප්තිය වෙනුවෙන් බොහෝ දේ සිදු කළා. හොඳම තත්ත්වයේ පාරිභෝගික භාණ්ඩ ලබාදෙමින් දීප ව්‍යාප්ත සීඝ‍්‍රගාමී බෙදාහැරීම් ක‍්‍රමවේදයක්, පාරිභෝගික අවශ්‍යතා ඉටු කරන ගුණාත්මක පාරිභෝගික සේවාවක් අප පවත්වාගෙන තිබෙනවා. අප සමග එක්ව සිටින සුවහසක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, දෙස් විදෙස් දැවැන්ත සමාගම් ඇතුළු සියළු ව්‍යාපාරිකයන්ට විද්‍යුත් වාණිජ අවකාශයක භාණ්ඩ විකිර්‍ණමට පහසුකම් සැලසීමෙන් එහාට ගිය පුළුල් සේවාවක් වගේම භාණ්ඩ මිලදීගැනීමකට වඩා පුළුල් වූ පාරිභෝගික අත්දැකීම් සමුදායක් ලබාදෙන්නට අපි නිරන්තරයෙන් අලූත් අලූත් දේ හඳුන්වා දුන්නා, වෙනස්කම් රැසක් සිදු කළා. අලූත් සන්නාමය මගින් Daraz අඛණ්ඩ වර්ධනය, නව්‍යකරණය, විමර්ෂණශීලීත්වය හා ගවේෂණය වගේම පාරිභෝගිකයන්ට සජීවී, වින්දනාත්මක සාප්පු සවාරියක් ලබාදීම සංකේතවත් කරන්නට අප අදහස් කළා.” යැයි පැවසීය.

Daraz ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ රඛීල් ප‍්‍රනාන්දු මහතා විසින් 2016 වසරේ Daraz ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ඇරඹීමත්, වසරින් වසර ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව Daraz සන්නාමය වටා එකමුතු වූ ආකාරයත් එය ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාණිජ අවකාශය බවට කෙටිකාලයක් ඇතුලත පත්වීමත්             ශ්‍රී ලාංකීය ජන ජීවිතය හා බද්ධ වූ ජනතා සන්නාමයක් ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම උදෙසා Daraz සිදු කළ මෙහෙවරත් සිහිපත් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රනාන්දු මහතා “Daraz නව සන්නාමය දවසෙන් දවස අලූත් වෙන වෙනස් වෙන ලෝකයේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය වී තිබෙනවා. අලූත් වෙච්ච Daraz සන්නාමයත් එක්ක අප සමග රැඳී සිටින               ශ්‍රී ලාංකික වෙළෙඳ ප‍්‍රජාවටත් පාරිභෝගික ජනතාවටත් නව ජවයකින් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකර දෙන අතර අප විසින් ක‍්‍රියාත්මක කරගෙන යන සමාජ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙනයන්නට අපේක්ෂා කරනවා.” යැයි පැවසීය.

පකිස්ථානය, බංගලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය සහ මියන්මාරය යන දකුණු ආසියානු රටවල් 5 කේන්ද්‍ර කරගත් නව විද්‍යුත් වාණිජ සංස්කෘතියක් නිර්මාණය කොට අන්තර්ජාලය ආශ‍්‍රිත විකුණුම් – මිලදීගැනීම් වඩාත් දිරිගන්වමින් විද්‍යුත් වාණිජ ගනුදෙනු ඒ ඒ රටවල් වල එදිනෙදා ජන ජීවිතයේ කොටසක් බවට පත් කිරීම Daraz කණ්ඩායමේ අපේක්ෂාව වේ. Daraz විසින් හඳුන්වා දුන් Daraz.com නව වෙබ් අඩවිය මගින් දකුණු ආසියානු කලාපය තුළ Daraz විද්‍යුත් වාණිජ මෙහෙවර හා සමාජ වගකීම් ඉටුකිරීම පිළිබඳ නිරූපණය වේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව