අලියාන්ස් ලංකා වාර්ෂික සම්මාන උළෙලේදී විකුණුම් අංශයේ විශිෂ්ටයන් රැසකට සම්මාන

Allianz




ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගම් අතරින් එකක් මෙන්ම ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන උළෙල 2022 අගෝස්තු 16 දින “Wings of Growth” යන තේමාව යටතේ Monarch Imperial හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. මෙහිදී 2021 වසර තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ, සමාගමේ විකුණුම් අංශයේ සාමාජික සාමාජිකාවන් පිරිසකට සම්මාන ප්‍රදානය කිරීම සිදු විය. අලියාන්ස් වාර්ෂික සම්මාන උළෙල යනු අලියාන්ස් ඉන්ෂුවරන්ස් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන උත්සව අතරින් ප්‍රමුඛතම උත්සවයක් වන අතර, සමාගමේ ඉහළ කළමනාකාරීත්වයට අමතරව අලියාන්ස් සමූහයේ ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන පෙළේ නියෝජිතයන්ද එයට සහභාගී වෙති.

මෙවර සම්මාන උළෙලේදී අලියාන්ස් ලංකා සමාගමේ විකුණුම් අංශයේ විශිෂ්ටයන් 157 දෙනෙකුට සම්මාන, සහතික සහ මුදල් ත්‍යාග හිමි විය. මෙහි ශූරතා සම්මානයන් හිමි කර ගැනීමට  නිහාල් ෂෙරීඩන් ප්‍රනාන්දු (ජීවිත රක්ෂණ) සහ විනෝග කේශව සභානායක (සාමාන්‍ය රක්ෂණ) සමත් විය. අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි සභාපති ඇලන් ස්මී සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, විකිණුම් කළමනාකරණ, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව සහ නායකත්වය කණ්ඩායම් වල සාමාජික සාමාජිකාවෝ රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සම්මාන උළෙල ඇමතූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ “අද දිනයේ අපි අපගේ විකුණුම් කණ්ඩායම් හි විශිෂ්ටතම සාමාජික සාමාජිකාවන්ගේ දක්ෂතා මෙලෙස ඇගයීමට ලක් කරනවා.  ගෝලීය මට්ටමේ වසංගත තත්ත්වයක් හේතුවෙන් බරපතළ අභියෝග වලට මුහුණ දීමට වසරක් වූ 2021 වසර තුළදී ඔවුන් පෙන්නුම් කළ උනන්දුව හා කැපවීම මෙලෙස ඇගයීමට ලක් කිරීමට හැකිවීම මහත් සතුටක්. ඒ උනන්දුව හා කැපවීම අප හදවතින්ම අගය කළ යුතුයි. තම වගකීම් විශිෂ්ට ලෙස ඉටුකරමින් ඔවුන් අලියාන්ස් සමාගම ශ්‍රී ලංකාවේ අංක එකේ රක්ෂණ සමාගම් අතර රැඳවීමට කටයුතු කළා. මෙම ජයග්‍රහණයන් වෙනුවෙන් ඔවුන්ට සුබ පැතීමටත්, ඔවුන් ආදර්ශයට ගනිමින් සෑම විටම විශිෂ්ටත්වය හඹා යාමට අපගේ සාමාජික සාමාජිකාවන් සියලුම දෙනා දිරිගැන්වීමටත් මා මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙනි.

එමෙන්ම සම්මාන උළෙල ඇමතූ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “COVID-19 රෝග ව්‍යාප්තිය නිසා 2021 වසරේදී අපට අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වුණා. ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන අතර පාරිභෝගික තෘප්තිය සහතික කිරීම සඳහා, එළඹෙන තත්ත්වයන්ට අනුකූලව හැඩගැසීමට අපට සිදු වුණා. එහෙත් අපගේ කණ්ඩායමේ විශිෂ්ටත්වය නිසා, අපගේ ව්‍යාපාර කටයුතු පෙරටත් වඩා දියුණු කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. ඔවුන්ගේ උද්‍යෝගීමත් බව නිසා, බාධාවන් අවස්ථාවන් බවට පරිවර්තනය කර ගැනීමට අපට හැකි වුණා. දැන් අප 2022 වසරේ ආර්ථික අර්බුදය තුළින් පැනනගින අභියෝග ජයගැනීමටත් හොඳින් සූදානම්. එකට එක්වී, ගරුත්වය හා කැපවීම පෙරදැරිව, ජීවිතයේ වටිනාම දේ වලට රැකවරණය ලබාදීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා.” යනුවෙනි.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට මහෝපකාරී වී තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + 12 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව