අයිඩියල් මෝටර්ස් පංචිකාවත්ත අලෙවි සැල පළමු සංවත්සරය සමරයි

IMG_3851

මහින්ද්‍රා රථ වාහන සඳහා විශ්වාසවන්ත අමතර කොටස් සැපයීමෙහි නම් දැරූ, අයිඩියල් මෝටර්ස් හි පංචිකාවත්ත අමතර කොටස් අලෙවි සැල මේ වසරේ සිය පළමු සංවත්සරය සමරයි. ඉකුත් වසර පුරාම පාරිභෝගිකයන් වෙත ආකර්ෂණීය සේවාවක් සපයන අතරෙහි වාහන අමතර කොටස් වෙළෙඳ පොළ තුළ ඉතාමත් කඩිනමින් ස්ථාපිත වීමට ඊට හැකිව තිබීම විශේෂත්වයකි.

2018  ඔක්තෝබර් මස 17 වැනි දින වාහන අමතර කොටස් සම්බන්ධයෙන් ලංකාවෙහිම වඩාත් ප්‍රකට ස්ථානය වන පංචිකාවත්තේ අයිඩියල් මෝටර්ස් අමතර කොටස් අලෙවි ශාකාව ලෙසින් එම අලෙවි සල පිහිටුවා ගැනිණි. එදා සිට මේ දක්වා ගෙවුණු වසර තිස්සේම එහි සේවාව ව්‍යාප්ත කර තිබෙන්නේ, මහින්ද්‍රා ත්‍රී රෝද රථයේ සිට, ලොකු කුඩා සෑම වාහනයකටම විශ්වාසවන්ත අමතර කොටස් නිසි පරිදි ලබා දීමේ හැකියාවද ප්‍රකට කරමිනි.

ඒ හැරුණු විට, කුරියර් සේවාව මගින් වාහන අමතර කොටස් බෙදා හැරීමේදී, අයිඩියල් මෝටර්ස් අමතර කොටස් අලෙවිසැල මගින්, පාරිභෝගිකයින් වෙත කිසිදු අමතර කොටස් අලෙවිකරුවකු මෙතෙක් ඉටු නොකළ අන්දමේ විශිෂ්ට පහසුකමක් සලසයි. එනම් ලංකාවේ ඕනෑම පළාතකට යැවෙන අයිඩියල් මෝටර්ස් අමතර කොටස් කුරියර් මගින් නොමිලයේ බෙදා හැරීමේ පහසුකමයි. මේ පහසුකම සමගින් දුරබැහැර ප්‍රදේශවල සිටිනා පාරිභෝගිකයින්ට පංචිකාවත්තේ අයිඩියල් මෝටර්ස් අලෙවි සල වෙත දුරකතන අමතුමක් ලබා දීමෙන් තමන්ට අවශ්‍ය අමතර කොටස් ඇණවුම් කර, කුරියර් මගින් ගෙන්වා ගැනීමට හැකි වේ.

පාරිභෝගිකයින් හට නියම අමතර කොටස් ලබා දීමේ අපේක්ෂාව ඇති අයිඩියල් මෝටර්ස්, දැන් වාහන අමතර කොටස් විශ්වාසවන්ත ලෙසින් පාරිභෝගිකයින් අතට පත් කිරීම සඳහා, ඒවා නිකුත් කරන්නේ මහින්ද්‍රා නියම අමතර කොටස් බව සහතික කෙරෙන ‘හොලෝග්‍රෑම් ̓  ස්ටිකරයක්ද සහිතවය. අයිඩියල් මෝටර්ස් හි රත්මලාන ශාකාව තුළදී එම ස්ටිකර අමතර කොටස් ඇසුරුමේ අලවනු ලබන අතර, ස්ටිකරය පරීක්ෂා කර බැලීමෙන් ඉක්බිති තමන් ලබා ගන්නා අමතර කොටස් සියයට සියයක් නියම අමතර කොටස් යැයි සහතික කර ගැනීමට පාරිභෝගකයින්ට හැකි වේ.

අයිඩියල් මෝටර්ස් හි පංචිකාවත්ත අමතර කොටස් අලෙවි සල පළමු සංවත්සරය සමරන මේ වසරේ, ඒ නිමිත්තෙන් ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා, පාරිභෝගිකයින් හට විශේෂ වට්ටම්ද සමගින් අමතර කොටස් මිලදී ගැනීමේ හැකියාව පවතී.

ගත වූ වසර තුළ අයිඩියල් මෝටර්ස්, රට පුරා ව්‍යාප්ත වී තිබුණේ, ලංකාවම ආවරණය වන පරිදි 400 කට අධික අලෙවිකරුවන් ජාලයක් හා රත්මලාන, මාතර, තිස්සමහාරාමය, අනුරාධපුර, යාපනය හා මොණරාගල ආදී ප්‍රදේශවල පැතිරුණු ශාකා රැසක්ද සමගිනි. එහි අලුත්ම අලෙවි ශාකාව එළඹෙන නොවැම්බර් මාසයේදී  මහනුවරදී විවෘත කිරීමටද නියමිතය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 11 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව