අඹේවෙල වෙතින් නවීනතම තාක්ෂණය හා නවෝත්පාදනය තුළින් උසස්ම ප්‍රමිතියෙන් යුතු කිරි නිෂ්පාදන පෙළක්

image 1 (LBN)

ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී වෙතින් එන අඹේවෙල කිරි නිෂ්පාදන, නැවුම් හා උසස්ම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන එකතුවක් ලෙස දොරින් දොර කියැවෙන නාමයක් බවට පත් වී තිබේ. ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල ගොවිපළවලින් ලබාගන්නා නැවුම් එළකිරිවලින්, ඉහළම තත්ත්වය හා රසය සුරැකෙන ආකාරයට අඹේවෙල කිරි නිෂ්පාදනය කරනු ලබයි. නැවුම් කිරි, චීස් සහ යෝගට් ඇතුළු නිෂ්පාදන වර්ග රාශියක් අඹේවෙල සන්නාමය යටතේ වෙළඳපොළට පැමිණෙන අතර, ගෙවන මිලට උපරිම වටිනාකමක් හිමි වන රසවත් කිරි නිෂ්පාදන එකතුවක් ලෙස ඒවා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ ආදරය දිනාගැනීමට සමත් වී තිබේ.

 




 

අඹේවෙල කිරි නිෂ්පාදන නිපදවනු ලබන්නේ ජාත්‍යන්තරව පිළිගත් නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූලව ය. එහිදී ගොවිපොළවලින් ලබාගන්නා කිරි ක්ෂණිකව සිසිල් කිරීම, නිසි පිරිදි ගබඩා කිරීම, සුරක්ෂිත ලෙස ප්‍රවාහනය කිරීම සහ නැවුම් බව ආරක්ෂා වන පරිදි ඇසුරුම් කිරීම සිදුකරනු ලැබේ. කිරි දෙවීමේ සිට ඇසුරුම් කිරීම දක්වා ක්‍රියාවලිය කඩිනමින් සිදුකෙරෙන අතර, ප්‍රමිතිය ආරක්ෂා කරගැනීම සඳහා එම සමස්ත ක්‍රියාවලිය නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් වේ. කිසියම් නිෂ්පාදන කාණ්ඩයක සුළු හෝ ගැටලුවක් ඇති බවක් රසායනාගාර පරීක්ෂණ මගින් පෙනී ගියහොත්, එම කාණ්ඩයම ප්‍රතික්ෂේප කරනු ලබන අතර, එහි අරමුණ වන්නේ සෑම විටම සියයට සියයක් නැවුම්, සුරක්ෂිත සහ පෝෂ්‍යදායී නිෂ්පාදන පමණක් පාරිභෝගිකයන් වෙත ලබාදීම ය.

අඹේවෙල නැවුම් කිරි නිෂ්පාදනයේදී ‘Ultra High Temperature’ (UHT) තාක්ෂණය භාවිතා කෙරෙන අතර, මෙහිදී කිරි තත්පර 4 ක් වැනි කෙටි කාලයක් පමණක් සෙල්සියස් අංශක 140 ට රත් කිරීම සිදු වේ. මෙමගින් කිරි ජීවානුහරණය කිරීමේදී ඇති වන පිලිස්සුණු රසය ඇතිවීම වළකින අතර, කිරිවල පෝෂ්‍ය පදාර්ථද මැනැවින් ආරක්ෂා වේ. අඹේවෙල කිරි සඳහා උසස්ම තත්වයේ ඇසුරුම් භාවිතා වන නිසා ඒවා කාමර උෂ්ණත්වය තුළ මාස 6 ක් දක්වා කල්තබාගත හැක. මේ ආකාරයට විද්‍යාත්මක ක්‍රමවේද සහ නවීනතම තාක්ෂණය භාවිතා කිරීම නිසා, ශ්‍රී ලංකාවේ ISO සහතික ලත් UHT කිරි කර්මාන්තශාලා අතර ප්‍රමුතම කර්මාන්තශාලාවක් බවට පත්වීමට අඹේවෙල සමත් වී තිබේ.

අඹේවෙල කිරිවල තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඒවාට කිරි පිටි හෝ වෙනත් බාහිර ද්‍රව්‍ය මිශ්‍ර නොකිරීමයි. අඹේවෙල නැවුම් කිරි තුළ ඇත්තේ ඉහළ මේද ප්‍රතිශතයක් සහ කිරි පෝෂ්‍ය පදාර්ථ සහිත පිරිසිදු නැවුම් එළකිරි පමණි. අඹේවෙල නිෂ්පාදන සඳහා භාවිතා කරනු ලබන්නේ, ඉහළ ප්‍රමිතියෙන් යුත් කිරි ලබාගැනීම සඳහාම අභිජනනය කර ඇති Friesian සහ Ayrshires වර්ගවලට අයත් දෙනුන්ගේ කිරි ය.

“ආරම්භයේ සිටම අප ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නගාසිටුවීමටත්, එය වැඩිදියුණු කිරීමටත් කැප වී කටයුතු කළා. කිරි යනු රටේ ජාතික අවශ්‍යතාවක් බව අප දන්නවා. කිරි ආනයනය අවම කිරීම සඳහා හැකි තාක් දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම අපගේ ඉලක්කයයි.” අඹේවෙල සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් පැවසී ය.

ඉදිරියටත් සෘජුවම තම ගොවිපොළවලින් ලබාගත්, උසස්ම ප්‍රමිතියෙන් යුත් අමිශ්‍ර නැවුම් කිරි පාරිභෝගිකයන් වෙත ලබාදීම අඹේවෙල සමාගමේ අරමුණ වී තිබේ.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව