අමානා බැංකුව ෆිච් ශ්‍රේණිගත කිරීම් වලදී නැවතත් BB+ මට්ටම තහවුරු කරගනී.

Fitch Rating (1)

ෆිච් රේටිංස් ශ්‍රී ලංකා ආයතනය (Fitch Ratings Sri Lanka) 2020 ඔක්තෝබර් මස සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් වලදී අමනා බැංකුව සතු ජාතික දීර්ඝකාලීන BB+ ශ්‍රේණිය (National Long Term Rating at BB+) නැවත වරක් තහවුරු කර තිබේ. මෙම වසරේ ජූනි මාසයේදී, ඊට පෙර ලබා දී තිබූ මට්ටමේ සිට පියවරක් ඉහළ නංවමින් අමානා බැංකුව වෙත BB+ ශ්‍රේණිය පිරිනැමීමට ෆිච් රේටිංස් ශ්‍රී ලංකා ආයතනය කටයුතු කළේ ය. අපේක්ෂිත ශ්‍රේණිගත කිරීම් දිශානතිය (Rating Outlook) අඛණ්ඩව ස්ථාවර ලෙස පවතී.

ඉදිරියේදී ශ්‍රේණිගත කිරීම් වල ප්‍රගතිය සඳහා බලපාන සාධක කිහිපයක් අවධාරණය කිරීමටද ෆිච් රේටිංස් ආයතනය කටයුතු කර ඇත. මෙහිදී විශේෂයෙන්ම බැංකුවේ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කිරීමට අමතරව එහි මූල්‍ය සේවාවන්හි සිදුකරන ලද වැඩිදියුණු කිරීම් අඛණ්ඩව පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.

 




 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. “බැංකු ක්ෂේත්‍රය තුළ පැවති අභියෝගකාරී තත්ත්වයන් COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ තවදුරටත් දරුණු වී ඇති පසුබිමක, අපට හිමි ෆිච් ශ්‍රේණිය නැවත වරක් තහවුරු කරගැනීමට හැකිවීම අපට සතුටක්. පසුගිය මාස 18 තුළදී මුහුණදීමට සිදුවූ අනපේක්ෂිත බාධක වලට ශක්තිමත්ව හා සාර්ථක ලෙස මුහුණ දීමට අමානා බැංකුව සතුව තිබූ හැකියාව මෙමගින් නැවතත් සනාථ වෙනවා. ක්ෂේත්‍රයේ සාමාන්‍ය මට්ටමට සාපේක්ෂව, ගෙවීම් ප්‍රමාද වූ ණය අඩු ප්‍රමාණයක් පැවතීම නිසා වඩාත් හොඳ වත්කම් තත්ත්වයක් පවත්වා ගැනීමට බැංකුව දිගින් දිගටම සමත් වුණා. මේ සාධකය වගේම, බැංකුවේ තිරසාර වර්ධනයට බලපෑ අනෙකුත් සාධකත්, අමානා බැංකුවේ සුවිශේෂී බැංකුකරණ ආකෘතිය සඳහා ජනතාව අතර පුළුල් මට්ටමේ පිළිගැනීමක් ඇතිවී තිබෙන බවට පැහැදිලි සාක්ෂි ලෙස ගෙනහැර දක්වන්නට පුළුවන්.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

 

 



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව