අමානා බැංකුව සෞභාග්‍යා COVID-19 පුනරුද සහන ලෙස වෙනුවෙන් රු. බිලියන 1.8 ක් ලබාදෙයි

amanaaaa

ශ්‍රී ලංකාවේ පොලී රහිත බැංකුකරණයේ ප්‍රමුඛයා වන අමානා බැංකුව, සෞභාග්‍යා COVID-19 පුනරුද සහන යෝජනා ක්‍රමය වෙනුවෙන් රු. මිලියන 1,904 ක් වෙන්කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලබාගෙන තිබේ. මෙම සහන වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙතින් ඉල්ලීම් 180 කට අධික සංඛ්‍යාවක් බැංකුව වෙත ලැබී තිබිණි. එම ඉල්ලීම් අතරින් සුදුසුකම් සපිරූ අයදුම්කරුවන් 174 දෙනෙකු අතර, මෙම ප්‍රතිමූල්‍ය පහසුකම යටතේ රු. මිලියන 1,834 ක මුදලක් අමානා බැංකුව විසින් බෙදා දෙන ලදී.. COVID-19 වසංගත තත්ත්වය නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාරවලට අත්වැලක් වෙමින්, රටේ ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්කිරීම උත්සාහයට දායක වීම සඳහා එම ව්‍යාපාර වලට අවශ්‍ය ශක්තිය සැපයීම මෙම සහන යෝජනා ක්‍රමයේ අරමුණ වී ඇත.

සෞභාග්‍යා COVID-19 පුනරුද සහන වැඩසටහන වෙනුවෙන් අමානා බැංකුවේ දායකත්වය පිළිබඳව අදහස් දක්වමින් එහි උප සභාපති (ව්‍යාපාරික බැංකුකරණ) ඉර්ෂාඩ් ඉක්බාල් මහතා මෙසේ පැවසී ය. “සෞභාග්‍යා COVID-19 පුනරුද සහන යෝජනා ක්‍රමය හඳුන්වා දීම සහ පසුකාලීනව එය තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි. මේ දුෂ්කර කාලසීමාවේදී මෙම යෝජනා ක්‍රමය කුඩා පරිමාණ ව්‍යාපාර වලට ජීවනාලියක් වී ඇති බව අප සැබැවින්ම විශ්වාස කරනවා. මේ යෝජනා ක්‍රමය ඔස්සේ, විශේෂයෙන්ම දැනට පවතින අර්බුදයේ බලපෑමට ලක්වූ ව්‍යාපාර හා පුද්ගලයන් රැසකට තම ව්‍යාපාර ආරක්ෂා කරගෙන ඒවා තවදුරටත් වර්ධනය කරගැනීමටත්, ප්‍රජාවන්ට තම ජීවන තත්ත්වය උසස් කරගැනීමටත්, ස්වයං-වටිනාකම් ඉහළ නංවා ගැනීමටත් අත්වැලක් වීමට අපට හැකියාව ලැබුණා. අමානා බැංකුවේ උත්සහය වන්නේ ආර්ථික පිරමීඩයේ පහළින්ම සිටිනා ජනතාව වෙත මෙම යෝජනා ක්‍රමයේ වාසි සමීප කරවීමටයි. ඒ ඔස්සේ ඔවුන්ට තම ව්‍යාපා වර්ධනය හා ක්‍රියාකාරීත්වය ඉහළ නංවා ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් මූල්‍ය ජනනයක් සිදුකරගත හැකිවනු ඇති බවට විශ්වාස කරනවා .”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

 

 

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව