අමානා බැංකුව සහ Daraz එක්ව ළමා ඉතුරු කිරීමේ ගිණුම් හිමියන් වෙනුවෙන් නවතම ත්‍යාග ක්‍රමයක් හඳුන්වා දෙයි

Amãna Bank and Daraz Agreement (LBN)

 



 

 

අමානා බැංකුව සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට ත්‍යාග පිරිනැමීමේ ක්‍රියාවලිය නැවුම් අත්දැකීමක් බවට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාණිජ සේවාවක් වන Daraz සමග අත්වැල් බැඳගැනීම පසුගියදා සිදු විය. මෙය ශ්‍රී ලංකාවේ ළමා ඉතුරු කිරීමේ ගිණුම් ක්ෂේත්‍රයේ පුරෝගාමී පියවරක් ලෙස හැඳින්විය හැක.

මෙම හවුල්කාරීත්වය යටතේ, ත්‍යාග සඳහා සුදුසුකම් ලබන අමානා බැංකු ඉතුරු කිරීමේ ගිණුම් හිමියන් හට ඔන්ලයින් තෑගි වවුචර්පත් පිරිනමනු ලැබේ. එම වවුචර භාවිතයෙන් ඔවුන්ට Daraz app හෝ Daraz වෙබ් අඩවිය වෙත පිවිස විවිධාකාර වූ භාණ්ඩ දහස් ගණනක් අතරින් තම අවශ්‍යතාවය මත තම ත්‍යාගයන් තෝරාගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයකි. සාමාන්‍යය ත්‍යාග ක්‍රමවලදී දරුවන්ට ලැබෙන සීමිත තෝරාගැනීම් වලට වඩා වෙනස් මෙම නව ක්‍රමවේදය, දරුවන්ට වඩාත් සුවිශේෂී අත්දැකීමක් ගෙන එනු ඇති බව නොඅනුමාන ය. එමෙන්ම මෙම ත්‍යාග ලබාගැනීම සඳහා දරුවන් අමානා බැංකු ශාඛා වෙත පැමිණීම අවශ්‍ය නොවීමත් Daraz ජාලය විසින් සියලු ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ගේ නිවෙස්වලටම අදාළ ත්‍යාග ගෙනැවිත් භාරදෙනු දීමට කටයුතු කිරීම මෙහි ඇති තවත් විශේෂත්වයක් වේ.

මෙම ක්‍රමය යටතේ රු. 1,000 සිට රු. 80,000 දක්වා ඉහල වටිනාකම්වලින් යුත් ත්‍යාග වවුචර පිරිනැමීමට අමානා බැංකුව මේ වන විටත් සැලසුම් කර තිබේ. එවැනි ත්‍යාග පදනම් වන්නේ දී ඇති කාලරාමුවක් තුළ ළමා ඉතුරුම් ගිණුම් හිමියන් නිශ්චිත ඉතුරුම් මුදල් සදහා ළඟා වීම මත වන අතර, සුදුසුකම් නිර්ණායක සැපිරූ පාරිභෝගිකයින්ට ඒ බව තනි තනිව SMS මගින් දැනුම් දෙනු ලැබේ.

අමානා බැංකුව සමග ඇති කරගත් මෙම නව හවුල්කාරීත්වය සම්බන්ධයෙන් Daraz හි කළමනාකාර අධ්‍යක්ෂ බාර්ට් වැන් ඩිජ්ක් මහතා මෙසේ අදහස් දැක්වී ය. “මෙම ත්‍යාග ක්‍රමය වෙනුවෙන් අමානා බැංකුව සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙමගින් ශ්‍රී ලංකාවේ දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුදු වර්ධනය කිරීමට සක්‍රීය ලෙස දායක වීමට අපට අවස්ථාව ලැබෙනවා. මෙය දරුවන්ට අමතක නොවන අත්දැකීමක් තිළිණ කරන අතරම, විද්‍යුත් වාණිජ සේවාවන් සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම සම්බන්ධයෙන් ඔවුන්ගේ උනන්දුව තවදුරටත් වර්ධනය කරවන පියවරක් බවට පත් වේවි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ත්‍යාග ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා පෙරමුණ ගැනීමට මෙම පුරෝගාමී පියවර වෙනුවෙන් අමානා බැංකුව අප සමග අත්වැල් බැඳගැනීම ප්‍රශංසනීයයි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයට දායක වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.”

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “මෙය දරුවන් අතර කුඩා කාලයේ සිටම ඉතිරි කිරීමේ පුරුදු වර්ධනය කිරීම සඳහා අප දරන උත්සාහයට මනා සාක්ෂියක්. එමෙන්ම මෙය දරුවන් වෙනුවෙන් ඉතිරි කරන දෙමාපියන්ට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් බවට පත්කරන පියවරක් ලෙසත් හැඳින්විය හැකියි. මේ වනවිට රට පුරා විද්‍යුත් වාණිජ සේවාවන් විශාල වශයෙන් ජනප්‍රිය වෙමින් පවතින නිසා, Daraz හරහා අපගේ ගිණුම් හිමියන්ට ත්‍යාග පිරිනැමීමට පියවර ගැනීම වඩාත් සුදුසු බව අපට පෙනී ගියා.”

අමනා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවි) සිද්දීක් අක්බාර් මහතා මෙසේ තම අදහස් පළකළේ ය. “Daraz සමග ඇතිකරගත් හවුල්කාරීත්වය අපගේ ළමා ඉතුරුම් ගිණුම්වලට නව මානයක් එක්කරන පියවරක් ලෙස හැඳින්විය හැකියි. අපගේ ළමා ඉතුරුම් ගිණුම් හිමි දරුවන් අතරින් බහුතරයක් Gen Z සහ Gen A පරම්පරාවලට අයත් අයයි. මේ මාර්ගගත ත්‍යාග ක්‍රමය මගින් ඔවුන්ට ඔවුන්ගේම තෝරාගැනීම් සඳහා අවස්ථා රාශියක් හිමි වනවා. මෙය සාම්ප්‍රදායික ත්‍යාග ක්‍රමවල සීමාවන් බිඳදමමින්, ඉතිරි කිරීම සහ ඒ වෙනුවෙන් තෑගි හිමි වීම වඩාත් කාර්යක්ෂම සහ තෘප්තිමත් අත්දැකීමක් බවට පත් කරන පියවරක් ලෙස අප දකිනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

2015 වසරේදී ආරම්භ වූ Daraz සමාගම පාකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය සහ මියන්මාරය යන රටවල් ඇතුළුව දකුණු ආසියානු කලාපයේ ප්‍රධානතම විද්‍යුත් වාණිජ සේවාවක් ලෙස සැලකේ. ජාත්‍යන්තර තලයේ මාර්ගගත වෙළඳපොළක් තුළ මිලියන 500 කට අධික පාරිභෝගික ප්‍රජාවක් වෙත තම නිෂ්පාදන අලෙවි කිරීමට එය විකිණුම්කරුවන් 200,000 කට අධික පිරිසකට අවස්ථාව සලසා දෙයි. Daraz Express සහ Daraz Pay හරහා එය වෙළඳපොළේ අතිශය කාර්යක්ෂම සහ ඩිජිටල්කරණය වූ කාර්ය සම්පාදන සහ ගෙවීම් යටිතල පහසුකම් රැසක් පවත්වාගෙන යයි. 2030 වසර වනවිට දකුණු ආසියාවේ මිලියන 50 කට අධික පාරිභෝගික සහ ව්‍යාපාරික ප්‍රජාවක් බලගන්වන ප්‍රමුඛයා බවට පත්වීම Daraz හි අරමුණයි. Daraz පිළිබඳ වැඩිදුර තොරතුරු  www.daraz.com වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව