අමානා බැංකුව සහ බාටා එක්වී ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට වට්ටම් පිරිනමයි

Amana Bank & Bata partners to offer discounts for Childr

 




 

අමානා බැංකුව සහ බාටා එක්වී, අමානා බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට වට්ටම් පිරිනැමීම සඳහා සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන යටතේ ‘B.first’ සන්නාමය යටතේ එන පාවහන් මිලදී ගන්නා අමානා බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට 15% ක වට්ටමක් හිමිවනු ඇත. COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් මාස 5 කට අධික කාලයක් වසා තිබූ පාසල් යළි විවෘත කිරීමට සමගාමීව මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

මෙම විශේෂ දීමනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ හා අලෙවි) සිද්දීක් අක්බාර් මහතා මෙසේ පැවසී ය. “බාටා සමග අප ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, පාසල් නැවත විවෘත කිරීමට සමගාමීව ගත් කාලෝචිත පියවරක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ ආකාරයට වට්ටම් පිරිනැමීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මා බාටා ශ්‍රී ලංකා වෙත මගේ ස්තූතිය පළකරනවා. මෙම දීමනාව අපගේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.”

බාටා ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ/දේශීය කළමනාකරු ක්ලයිව් රොඩ්රිගෝ මහතා මෙසේ සිය අදහස් දැක්වී ය. “අමානා බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට වට්ටම් පිරිනැමීම සඳහා මෙසේ එම බැංකුව සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම අපට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස අප දකිනවා. බාටා ශ්‍රී ලංකා යනු 1950 දශකයේ සිටම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සේවය සලසන නාමයක්. එම පාරිභෝගිකයන්ට උසස්ම තත්ත්වයේ පාවහන් පිරිනැමීම කවදත් අප සතු වගකීමක් බව අපගේ අදහසයි.”

පාරිභෝගිකයන්ට විවිධාකාර ප්‍රතිලාභ පිරිනමන අමානා බැංකුවේ සුවිශේෂී ගිණුමක් වන අමානා ළමා ඉතුරුම් ගිණුම වෙතින්, දරුවන් කුඩා කල සිටම ඉතිරි කිරීම වෙත යොමු කරවීමට දෙමාපියන් දිරිගැන්වීම සඳහා විශේෂ ප්‍රතිලාභ රැසක් පිරිනමනු ලැබේ. මේ යටතේ වයස අවුරුදු 2 ට අඩු දරුවෙකු වෙනුවෙන් ගිණුමක් විවෘත කිරීමේදී රු. 1,000 ක මුදලක් බැංකුව මගින් එම ගිණුම වෙත බැර කරනු ලබන අතර, ස්ථාවර නියෝග ඔස්සේ මාසිකව ළමා ගිණුම් වෙත මුදල් බැර කිරීමේදී, එම ස්ථාවර නියෝග අනුව වසර අවසානයේදී රු. 10,000 ක් දක්වා බෝනස් මුදලක්ද පිරිනමයි.

අලංකාරය, සුවපහසුව සහ කල්පැවැත්ම වැනි ගුණාංග හේතුවෙන් මෙරට පාසල් සිසුන් අතර අතිශයින් ජනප්‍රිය වී ඇති ‘B.first’ පාවහන් කළු හා සුදු වර්ණ වලින් සහ ලේස් හෝ වෙල්ක්‍රෝ පටි සහිත වර්ග වලින් ලබාගත හැකි වේ.

අමානා බැංකුව යනු ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින, පොලිය රහිත සහ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට පූර්ණ වශයෙන් අනුගතව මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙරට තුළ බලපත්‍ර හිමි ප්‍රථම සහ එකම පෞද්ගලික බැංකුවයි. ‘සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක්’ ඉලක්ක කරගත් එම බැංකුව මේ වනවිට ක්‍රමයෙන් වර්ධනය වන ශාඛා හා ස්වයං බැංකුකරණ සේවා ජාලයක් ඔස්සේ ජනතාවට සේවය සලසන අතර එහි ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර 4500 කට අධික සංඛ්‍යාවක් සහ, ක්ෂණික තැන්පතු සඳහා Pay&Go යන්ත්‍ර 850 කට අධික සංඛ්‍යාවක් භාවිතා කිරීමට අවස්ථාව හිමි වී තිබේ. තවද අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ පහසුකම්, පැය 24 පුරා ක්‍රියාත්මක මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර සහ කාන්තාවන් සඳහා වෙනම බැංකුකරණ ඒකක වැනි පහසුකම්ද පිරිනැමීමට අමානා බැංකුව මේ වනවිට පියවර ගෙන ඇත.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයාර්’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව