අමානා බැංකුව වෙතින් ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම්ලාභී කාලීඩ් ඔෂ්මාන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීමට අනුග්‍රහය.

Khalid Oshman

ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම්ලාභී කාලීඩ් ඔෂ්මාන්ට අමානා බැංකුව විසින් විසින් ලබා දී ඇති අනුග්‍රහය තවදුරටත් දීර්ඝ කිරීමට එම බැංකුව පසුගියදා පියවර ගත්තේ ය. කාලීඩ් ඔෂ්මාන් යනු බාධා රැසක් පසු කර යමින් ජයග්‍රහණයන් කරා ලඟා වූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට වටිනා ආදර්ශයක් සැපයූ දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෙකි. 2022 වසරේදී කාලීඩ් ඔෂ්මාන්ගේ පුහුණු කටයුතු සඳහා අනුග්‍රාහක බවට පත් වූ අමානා බැංකුව තවදුරටත් ඔහුට අනුග්‍රහය දැක්වීමට තීරණය කර ඇත්තේ මළල ක්‍රීඩාව සඳහා ඔහු පෙන්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙනි.

 



 
දෙමාපිය රැකවරණය අහිමි දරුවෙකු ලෙස හැදී වැඩුණු කාලීඩ් ඔෂ්මාන් වයස අවුරුදු 26 දී දෘශ්‍යාබාධිත තත්වයට පත් විය. කෙතරම් බාධක පැමිණියද උත්සාහය අත් නොහැරි ඔහු, දිගින් දිගටම ක්‍රීඩාවේ යෙදෙමින් ඉසව් රැසකදී ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. 2024 වසරේ ආබාධ සහිත වූවන්ගේ ජාතික ක්‍රීඩා තරගවලියේදී මීටර් 100 දිවීම ඉසව්වේ රන් පදක්කම, දෘශ්‍යාබාධිත බොක්සින් ඉසව්වේ රන් පදක්කම සහ ඉන්දියාවේදී පැවති 4 වන ජාත්‍යන්තර දකුණු ආසියානු තරගාවලියේදී කිලෝමීටර් 5 ධාවන ඉසව්වේ රන් පදක්කම ආදිය එම ජයග්‍රහණ අතරින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම වියට්නාමය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල Ironman 70.3 තරගාවලි සඳහා සහභාගී වූ ඔහු, ජාතික හා ජාත්‍යන්තර මැරතන් තරග රැසකට සහභාගී වෙමින් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කර තිබේ. මීට අමතරව ඔහු 2017 සහ 2022 දෘශ්‍යාබාධිත T20 ලෝක කුසලාන තරගාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ය.

මෙම අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් අමානා බැංකුවට සිය කෘතඥතාව පළකරමින් කාලීඩ් ඔෂ්මාන් මෙසේ පැවසී ය. “මගේ පුහුණුවීම් අනුග්‍රාහක ලෙස අමානා බැංකුව ලබාදෙන දැවැන්ත සහයෝගයට මා අතිශයින් කෘතඥ වෙනවා. ඔවුන්ගේ මේ අත්වැල මගේ ඉදිරි ගමනට සුවිශාල ශක්තියක් වුණා. එමගින් මට මගේ පුහුණු කටයුතුවලට වැඩි අවධානයක් යොමුකරමින් ඉහළම මට්ටමේ තරගවලට සහභාගී වීමට හැකියාව ලැබුණා. බාධා ජයගනිමින් මගේ ඉලක්ක වෙත ළඟා වීම සඳහා මට අවශ්‍ය ස්ථාවරත්වය හා දිරිගැන්වීම අමානා බැංකුව වෙතින් ලැබී තිබෙනවා. මෙය හුදෙක් මූල්‍යමය සහය ඉලක්ක කරගත් අනුග්‍රාහකත්වයක් නොව, මගේ හැකියාව මෙන්ම සාමූහිකව යහපත් වෙනසක් ඇතිකිරීමේ හැකියාව පිළිබඳව විශ්වාසය තැබීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. දෙමාපිය රැකවරණය අහිමි දරුවෙකු ලෙස හැදී වැඩුණු නිසා මම එබඳු දරුවන් මුහුණ දෙන අභියෝග හොඳින් දන්නවා. ඒ අතින් එවැනි දරුවන්ට නිරන්තර සහය දක්වමින් OrphanCare වැඩසටහනේ ආරම්භක-අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කරන අමානා බැංකුව මට විශාල අත්වැලක් විය.”

අමානා බැංකුවේ අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන ප්‍රධානී අසීම් රාලි මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “කාලීඩ් ඔෂ්මාන්ගේ ජයග්‍රහණ සියැසින් දුටු කෙනෙකු වශයෙන්, ඔහුගේ මේ ගමන සැබවින්ම උත්සාහය සහ අධිෂ්ඨානය ඔස්සේ පැමිණි ගමනක් බව මට කියන්නට පුළුවන්. ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ තවතවත් ජයග්‍රහණ සනිටුහන් කරන්නට ඔහු දරන මේ උත්සාහය තුළ යළිත් වරක් ඔහු සමග අත්වැල් බැඳගනීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. එමෙන්ම තමන්ගේ ජීවන අත්දැකීම්වලට සමාන මෙහෙවරක් වෙනුවෙන් කැපවුණු OrphanCare වැඩසටහනට ඔහුගෙන් විශාල සහයෝගයක් හිමි වීමත් අපට මහත් සතුටක්. මේ හවුල්කාරීත්වය, යහපත් වෙනස්කම් සඳහා පෙරමුණ ගැනීමේ හැකියාව ඇති පුද්ගලයන් සවිබල ගැන්වීම සඳහා අප දක්වන කැපවීම මැනැවින් නිරූපණය කරන දෙයක් බව මා සිතනවා. කාලීඩ් ඔෂ්මාන්ගේ ඉදිරි ගමනට අප අපගේ උණුසුම් සුබපැතුම් එක්කර සිටිනවා”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව