අමානා බැංකුව විසින් මහල් නිවාස මිල දී ගැනීම සඳහා මූල්‍ය පහසුකම් පිරිනැමීමට හැව්ලොක් සිටි පුද්ගලික සමාගම සමග අත්වැල් බැඳගනී

Supun_Jayawardane

අමානා බැංකුව, සිය මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් මගින් සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා විශේෂ හවුල්කාරීත්වයකට එළඹීම පසුගියදා සිදු විය. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපෘතියක් වූ හැව්ලොක් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වල නිරත වූ, ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත දේපළ සංවර්ධන සමාගමක්  ලෙස සැලකෙන Overseas Reality සමග අනුබද්ධිත Mireka Homes (පුද්.) සමාගම සමග මෙම හවුල්කාරීත්වය ඇතිකරගන්නා ලදි. මෙමගින් සහනදායී මූල්‍ය පහසුකම් මගින් නවීන පන්නයේ ජීවන රටාවන්ට ගැළපෙන සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

 




 

හැව්ලොක් සිටි ව්‍යාපෘතියේ තෙවන සහ සිව්වන අදියරවල, පදිංචියට සූදානම් කර ඇති සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීම සඳහා මෙම මූල්‍ය පහසුකම් භාවිතා කළ හැකි වේ. අක්කර 18 ක හරිත භූමිභාගයක ඉදි වී ඇති මෙම මහල් නිවාස, ජාත්‍යන්තර තලයේ සාප්පු සංකීර්ණයකට සහ අතිනවීන කාර්යාල සංකීර්ණයකට යාබදව පිහිටා ඇත. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මූල්‍ය පහසුකම් සැලසුම් කර දීමටත්, එම මූල්‍ය පහසුකම් සඳහා රාජකාරි දින 3 ක් ඇතුළත අනුමැතිය ලබාදීමටත් අමානා බැංකුව සූදානමින් සිටී. එමෙන්ම කිසිදු අමතරව ගාස්තුවකින් තොරව තම මූල්‍ය පහසුකමට අදාළ මුළු මුදල කල්තබා පියවා අවසන් කිරීමට අවස්ථාව සලසා දී තිබීම, අමානා බැංකුවේ මානුෂ හිතවාදී බැංකුකරණ ප්‍රවේශයට තවත් සාක්ෂියකි.

මෙම හවුල්කාරීත්වය සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර්, පාරිභෝගික මූල්‍ය පහසුකම් ප්‍රධානී රියාස් නූර්, Mireka Homes හි අධ්‍යක්ෂ රැල්ෆ් ද ලැනරෝල්, එහි සාමාන්‍යාධිකාරී (විකුණුම්) නිරූපා පීරිස් සහ නීති ප්‍රධානී ලක්නාදී පෙරේරා යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

“ශ්‍රී ලංකාවේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන සුඛෝපභෝගී මහල් නිවාස වෙළඳපොළ තුළ දේපළ ආයෝජනයන්ට අවස්ථාව සලසා දීමේ උත්සාහයේ එක් පියවරක් වශයෙන් මේ ආකාරයට හැව්ලොක් සිටි සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ ඔස්සේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන්ට අනුව සකස් කළ මූල්‍ය පහසුකම් පිරිනමමින්, ඔවුන්ට වඩාත් ඉක්මනින් නවීන මහල් නිවාසයක් හිමිකර ගැනීමට අවස්ථාව සලසා දීමට අප බලාපොරොත්තු වෙනවා. තවද මෙහිදී විශේෂත්වයක් වන්නේ මෙම මූල්‍ය පහසුකම් නියමිත කාලයට පෙර ගෙවා අවසන් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීමය. මෙය ඔවුන්ට අපගේ මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් භාවිතා කරමින් තම සිහින සැබෑ කරගැනීමට ලැබෙන අනගි අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්.” අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා පැවසී ය.

“අමානා බැංකුව සමග එක්ව, පොලී රහිත මූල්‍ය පහසුකම් හරහා අපගේ සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට  අවස්ථාව සලසා දීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය සෑම දෙනාටම සහනදායී ලෙස සුඛෝපභෝගී ජීවන රටාවකට උරුමකම් කීමට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස අප දකිනවා.” Mireka Homes හි අධ්‍යක්ෂ රැල්ෆ් ද ලැනරෝල් මහතා පැවසී ය.

අමනා බැංකුවේ මහල් නිවාස මූල්‍ය පහසුකම් පිළිබඳව වැඩිදුර තොරතුරු www.amanabank.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 7 756 756 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි වේ.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව