අමානා බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ‘Breaking the Bias’ යන තේමාව යටතේ විශේෂ අන්තර්ජාල සාකච්ඡාවක් සංවිධානය කළේ ය. කාන්තා කළමනාකරණ ආයතනයේ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය සහ CIMA Sri Lanka ආයතනයේ මෙරට කළමනාකාරිනී ස(z)හරා අන්සාරි මහත්මිය මෙම සංවාදයට එක්වූහ. ව්‍යාපාර ලෝකය තුළ කාන්තාවන්ගේ වර්තමාන හා අනාගත භූමිකාවන් සහ ඒවායෙහි වැදගත්කම මතුකර දැක්වීම ඉලක්ක කරගත් මෙම සංවාදය තුළදී, ලොව පුරා සාධනීය වෙනස්කම් වලට මුලපුරමින්, වඩාත් තිරසාර ආර්ථිකයන් නිර්මාණය කිරීම සඳහා කාන්තාවන් ලබාදෙන දායකත්වය ඇගයීමට ලක්කරන ලදි. මෙම සංවාදය මෙහෙයවන ලද්දේ අමානා බැංකුවේ සහකාර කළමනාකාරිනී (කාඩ්පත් ව්‍යාපාර සහ අගය එකතු කළ සේවාවන්) මුහාරා රසා(za)ක් මහත්මිය විසිනි.
“කාන්තාවන් වුවත් පිරිමින් වුවත් නායකත්වය යනු කුසලතාවක් වන අතර නායකත්වය සම්බන්ධයෙන් ගත් විට සැලකිය යුතු මට්ටමේ ස්ත්‍රී පුරුෂ භේදයක් එහි නැහැ. මෙය අවධාරණය කිරීම සඳහා මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මා අමානා බැංකුවට ස්තූතිවන්ත වෙනවා.” ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය පැවසුවා ය.
“පක්ෂග්‍රාහීත්වයෙන්, ඒකාකෘතිවලින් සහ වෙනස් කොට සැලකීම්වලින් තොර ලෝකයක් යනු විවිධත්වය, අන්තර්කරණය සහ සමානාත්මතාව සහිත ස්ථානයක්. අප වෙනස්කම් වලට නිසි වටිනාකම හා පිළිගැනීම ලබාදිය යුතු අතර, අප සෑම කෙනෙකුම සෑම දිනකම අපගේ චින්තනයෙන් සහ ක්‍රියාකාරකම් පිළිබඳ වගකීම දැරිය යුතුයි. එවිට අපට සාමූහිකව අපගේ ප්‍රජාවන්, රැකියා ස්ථාන, පාසල් සහ විශ්ව විද්‍යාල වල ආදියෙහි පවතින සියලුම පක්ෂග්‍රාහීත්වයන් පිටුදැකීමට හැකි වනවා. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අමානා බැංකුව සංවිධානය කළ මේ සාකච්ඡාවට සහභාගී වීමට ලැබීම සහ ඒ ඔස්සේ බැංකුවේ සේවය කරන තරුණ කාන්තාවන් තවදුරටත් දිරිගැන්වීමට හැකි වීම මට මහත් සතුටක්. ඔබ සියලු දෙනාට මා සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා.” (z)සහරා අන්සාරි මහත්මිය පැවසුවා ය.
“සමාජයේ හා ආර්ථිකයේ යහපත වෙනුවෙන් කාන්තාවන් ඉටුකරන භූමිකාව අප හොඳින් හඳුනනවා. මේ සාකච්ඡාවට එක් වූ, සමාජයේ කැපීපෙනෙන කාන්තාවන් තම ජීවිත වල සාර්ථකත්වය ළඟා කරගත් ආකාරය තරුණ පරපුරට ආදර්ශයක් වනු ඇතැයි කියා අප කල්පනා කළා. මීට සහභාගී වූ සියලුම දෙනාට අපගේ ස්තූතිය හිමි වනවා.” අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා පැවසී ය.
එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 5 වන ඉලක්කය වන ස්ත්‍රී පුරුෂ සමානත්වයට සමගාමීව, කාන්තාවන් සඳහා විශේෂ වූ සේවාවන් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ එකම බැංකුව වන්නේ අමානා බැංකුවයි. මේ වනවිට අමානා බැංකුවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුළ කාන්තාවන් සඳහාම කැපවූ ශාඛාවක් පිහිටුවා ඇති අතර, තෝරාගත් ශාඛා වල වෙනම කාන්තා සේවා ඒකක පිහිටුවා තිබේ. එමෙන්ම අමානා බැංකුව කාන්තා ඉතුරුම් ගිණුම්, කාන්තා ජංගම ගිණුම්, ව්‍යවසායිකාවන් සඳහා විශේෂ මූල්‍ය පහසුකම් සහ, මාර්ගගත ගනුදෙනු වලදී වසර පුරා දීමනා පිරිනමන විශේෂ කාන්තා ඩෙබිට් කාඩ්පතක් ඇතුළුව කාන්තාවන්ට විශේෂ වූ සේවාවන් රැසක්ද හඳුන්වා දී ඇත.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සංස්ථාපිත ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි 2021 සැප්තැම්බර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.