අමානා බැංකුව කාන්තාවන් සඳහාම වෙන්වූ ජංගම ගිණුමක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. ව්‍යවසායක කාන්තාවන්ගේ ඉදිරි ගමනට සුවිශේෂී අත්වැලක් සැපයීමේ අරමුණින් මෙම හඳුන්වා දීම සිදුකර තිබේ. මෙමගින් ලැබෙන ප්රතිලාභ අතරට පළමු චෙක්පොත නොමිලේ ලබාදීම, නොමිලේ ඩෙබිට් කාඩ්පතක්, විශේෂ පාරිභෝගික සම්බන්ධතා සේවාවන්, කාන්තාවන්ටම වෙන්වූ බැංකුකරණ ඒකක භාවිතා කිරීමේ හැකියාව, තැන්පතු ස්ථාන 900 කට අධික සංඛ්‍යාවකින් සමන්විත දිවයිනේ විශාලතම මුදල් තැන්පතු ජාලය භාවිතා කිරීමේ අවස්ථාව, අන්තර්ජාල බැංකුකරණ සේවාව, SMS දැනුම්දීම් සේවාව සහ විද්‍යුත් ගිණුම් ප්‍රකාශ සේවාව ඇතුළු ප්රතිලාභ රාශියක් ඇතුළත් වී ඇත. අමානා බැංකුවේ කාන්තා ජංගම ගිණුම මගින් කාන්තාවන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීම සඳහා පූර්ණ අවධානය ලබාදෙන අතරම බැංකු ගනුදෙනු කටයුතු ඉතාමත් පහසුවෙන් ඉටුකරගැනීමට හැකියාව ලැබේ.
අමානා බැංකුවේ කාන්තා ජංගම ගිණුම හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින්, එම බැංකුවේ තැන්පතු අංශයේ ප්‍රධානී අර්ෂාඩ් ජමාල්ඩීන් මහතා මෙසේ පැවසී ය. “මෑත කාලයේදී තම නිවෙස් වල සිටම සුළු පරිමාණයෙන් ව්‍යාපාර ආරම්භ කිරීමට කාන්තාවන් වැඩි වශයෙන් පෙලඹීමේ ප්රවනතාවක් අපට දකින්නට ලැබුණා. අපගේ කාන්තා ජංගම ගිණුම ඔවුන්ට තම උනන්දුව තම වෘත්තිය බවට පරිවර්තනය කරමින්, ව්‍යාපාර කටයුතු ක්‍රමානුකූලව දියුණු කරගැනීමට මනා අත්වැලක් වේවි කියා අප සිතනවා.”
අමානා බැංකුවේ කාන්තා ජංගම ගිණුමක් විවෘත කිරීමට කැමති කාන්තාවන්ට අමානා බැංකුවේ ශාඛා 32 හෝ කාන්තාවන්ටම වෙන්වූ බැංකුකරණ ඒකක 8 අතරින් කැමති ස්ථානයක් වෙත පැමිණීමෙන් ගිණුමක් විවෘත කළ හැකි වේ. මීට අමතරව 011 7 756 756 අංකයෙන් අමානා බැංකුවේ පාරිභෝගික මධ්‍යස්ථානය ඇමතීම මගින් වැඩිදුර තොරතුරු ලබාගත හැක.
අමානා බැංකුව යනු ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින, පොලිය රහිත සහ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට පූර්ණ වශයෙන් අනුගතව මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙරට තුළ බලපත්‍ර හිමි ප්‍රථම සහ එකම පෞද්ගලික බැංකුවයි. ‘සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක්’ඉලක්ක කරගත් එම බැංකුව මේ වනවිට ක්‍රමයෙන් වර්ධනය වන ශාඛා හා ස්වයං බැංකුකරණ සේවා ජාලයක් ඔස්සේ ජනතාවට සේවය සලසන අතර එහි ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර 4500 කට අධික සංඛ්‍යාවක් සහ, ක්ෂණික තැන්පතු සඳහා Pay&Go යන්ත්‍ර 850 කට අධික සංඛ්‍යාවක් භාවිතා කිරීමට අවස්ථාව හිමි වී තිබේ. තවද අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ පහසුකම්, පැය 24 පුරා ක්‍රියාත්මක මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර සහ කාන්තාවන් සඳහා වෙනම බැංකුකරණ ඒකක වැනි පහසුකම්ද පිරිනැමීමට අමානා බැංකුව මේ වනවිට පියවර ගෙන ඇත.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත