අමානා බැංකුව තම 32 වැනි ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා කුලියාපිටිය එලබඩගම ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙම අවස්ථාවට අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල්, සහකාර උප සභාපති (තැන්පතු සහ ඩිජිටල් නවෝත්පාදන) අර්ශාඩ් ජමාල්ඩීන් සහ අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන ප්‍රධානී අසීම් රාලි යන මහත්වරුන්, බැංකුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්, පාරිභෝගිකයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අංක 409/1, හම්සියාවත්ත, එලබඩගම, පන්නල යන ස්ථානයේ මෙම නව ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පිහිටා තිබේ. එමගින් පැය 24 පුරා මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ලබාගැනීම සහ බිල්පත් ගෙවීම සිදු කළ හැකි අතර, මෙය ප්‍රදේශයේ කුකුළු ගොවිපළ හිමියන්, පොල් වගාකරුවන් සහ වී ගොවීන් ඇතුළු සියලුම දෙනාට ඉමහත් පහසුවක් වනු නිසැක ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා මෙසේ පැවසී ය. “මෙම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙමගින් අපට මෙම ප්‍රදේශයේ කුකුළු ගොවිපළ හිමියන්, පොල් වගාකරුවන් සහ වී ගොවීන් ඇතුළු සියලුම දෙනාට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමටත්, අපගේ සුවිශේෂී බැංකුකරණ ආකෘතිය ඔවුන් වෙත හඳුන්වා දීමටත් හැකියාව ලැබෙනවා. මේ ජනතාවට තම පෞද්ගලික හා ව්‍යාපාරික දියුණුව ළඟා කරගැනීම සඳහා මූල්‍ය සේවා පහසුකම් ලබා දීමට අදහස් කරන අප, අපගේ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානයක් ඔවුන්ගේ ප්‍රදේශයේ පිහිටුවීම නිසා ඔවුන්ට දවස පුරා, ඉතාමත් පහසුවෙන් තම මූල්‍ය කටයුතු කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබේවි. ඉදිරියේදී රට පුරා විහිදී තවත් ප්‍රදේශ රැසක මෙවැනි ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන පිහිටුවමින්, ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීමට අත්වැලක් වීමට අප සූදානම්.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.