අමානා බැංකුව අඛණ්ඩව 7 වන වරටත් සිය කොටස් හිමියන් සඳහා ඉහළ ලාභාංශයක් ප්‍රකාශයට පත්කරයි

Chairman - Asgi Akbarally
  • අමානා බැංකුව මෙතෙක් සිදු කළ ඉහළම ලාභාංශ ගෙවීම

අමානා බැංකුව අඛණ්ඩව 7 වන වරටත් සිය වාර්ෂික ලාභාංශ ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර ගෙවනු ලබන ලාභාංශවල වටිනාකම රු. මිලියන 661 ක් වන අතර, එය අමානා බැංකුව සිය ඉතිහාසයේ සිදු කළ ඉහළම ලාභාංශ ගෙවීම ලෙස සටහන් වනු  ඇත. තවද මෙය 2023 වසරේ ගෙවූ ලාභාංශවල වටිනාකම මෙන් දෙගුණයකට ආසන්න වීම විශේෂත්වයකි. මෙවර ලාභාංශ ගෙවීම කොටසකට රු 1.20 බැගින් වන අන්තර්වාර මුදල් ලාභාංශ ගෙවීමක් වන අතර, ඒ සඳහා නොබෝදා කොළඹ කොටස් වෙළඳපොළ වෙත සිදුකරන ලද දැනුම් දීමත් සමගම, අමානා බැංකුව 2018 වසරේ සිට මේ දක්වා ගෙවා ඇති ලාභාංශවල මුළු වටිනාකම රු. බිලියන 2 ඉක්මවා ඇත. 2024 සැප්තැම්බර් 30 දින වන විට බැංකුව මගින් නිකුත් කර තිබූ මුළු සාමාන්‍ය කොටස් ගණන 551,125,746 කි.
 



 
“2023 වසරේදී අපට ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරගැනීමට හැකි වූ අතර එම ප්‍රවණතාව 2024 වර්ෂයේ ප්‍රථම භාගයේදීත් පැවතුණා. මෙවන් පසුබිමක් තුළ අඛණ්ඩව 7 වන වරටත් ලාභාංශ ප්‍රකාශයට පත්කරමින් අපගේ කොටස් හිමියන්ට මෙලෙස ප්‍රතිලාභ පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්. ඉදිරියේදී මෙම සාර්ථක ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගන්නා අතරම නව අවස්ථා ගවේෂණය කරමින්,  අපගේ කොටස් හිමිකරුවන්ට වැඩි වැඩියෙන් ප්‍රතිලාභ පිරිනැමීම අපගේ බලාපොරොත්තුවයි.” අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා පැවසී ය.

“අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් දිගින් දිගටම යහපත් කාර්ය සාධනයක් වාර්තා කරගැනීමට හැකි වීම නිසා අපට අඛණ්ඩව 7 වන වරටත් ලාභාංශ ප්‍රකාශයට පත්කරමින්, අපගේ කොටස් හිමිකරුවන්ට උපරිමයෙන් වටිනාකම් තිළිණ කිරීමට හැකියාව ලැබුණා. පසුගිය වසරට සාපේක්ෂව මෙවර ලාභාංශ ගෙවීම දෙගුණයකට ආසන්න වී තිබීම තවත් විශේෂත්වයක්. එමෙන්ම මෑතකදී අප BBB-(lka) ආයෝජන ශ්‍රේණියට උසස් කරනු ලැබීමත් සමග අපට බලාපොරොත්තු තැබිය හැකි වර්ධන අවස්ථා රාශියක් උදා වී තිබෙනවා. මේ ශක්තිමත් වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින් අපගේ කොටස් හිමිකරුවන්ට අඛණ්ඩව ප්‍රතිලාභ පිරිනැමීමට හැකි වනු ඇති බව අපට විශ්වාසයි.” අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.

2024 වසරේ ප්‍රථම අර්ධය තුළ රු. බිලියන 1.35 ක බදු-පෙර ලාභයක් වාර්තා කරගැනීමට අමානා බැංකුව සමත් වූ අතර, එය පසුගිය වසර සාපේක්ෂව 68% ක වර්ධනයකි. පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ රු. මිලියන 419.6 ක් වූ බැංකුවේ බදු-පසු ලාභය 82% කින් වර්ධනය වී රු. මිලියන 763.4 ක් ලෙස වාර්තා වී තිබේ. Fitch Ratings ආයතනය ආමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිය BB+(lka) සිට, ආයෝජන ශ්‍රේණියක් වන BBB-(lka) දක්වා ඉහල දැමීමටද මෑතකදී කටයුතු කළේ ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව