අමානා බැංකුවේ 50 වැනි ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ විවෘත කෙරේ

Picture (LBN)

අමානා බැංකුව සිය 50 වන ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ විවෘත කළේය. නව මධ්‍යස්ථානයත් සමඟ අමානා බැංකුවේ පාරිභෝගික සේවා ස්ථාන ජාලය දැන් පූර්ණ සේවා ශාඛා 33 ක්ද ඇතුළුව ස්ථාන 83 ක් දක්වා පුළුල් වී තිබේ. අමානා බැංකුව 15 වැනි සංවත්සරය සමරන වසරේදී එහි 50 වැනි ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානයද විවෘත කිරීම විශේෂත්වයකි.

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා විසින් නව ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කරන ලදි. එම අවස්ථාවට අමානා බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රධාන අනුකූලතා නිලධාරී අජ්මාල් නලීර්, ජ්‍යෙෂ්ඨ උප සභාපති (ව්‍යාපාරික බැංකුකරණ) ඉර්ෂාඩ් ඉක්බාල් සහ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.




ග්‍රෑන්ඩ්පාස් යනු ව්‍යාපාරික කටයුතු බහුලව සිදුවන ප්‍රදේශයකි. එවැනි ප්‍රදේශයක ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීම විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම සාමාන්‍ය ගනුදෙනුකරුවන්ටද සුවිශාල පහසුවක් වනු ඇත. මෙම මධ්‍යස්ථානය මඟින් සෑම දිනකම පැය 24 පුරා මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ලබාගැනීම, චෙක්පත් තැන්පත් කිරීම සහ බිල්පත් ගෙවීම වැනි අත්‍යවශ්‍ය බැංකු සේවාවන් රැසක් පහසුවෙන් ලබාගත හැකි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසීය:

“අපගේ 15 වැනි සංවත්සර වසරේදී 50 වැනි ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානයද විවෘත කිරීමට ලැබීම සුවිශේෂී අත්දැකීමක්. පසුගිය වසර පහක කාලය තුළ අපගේ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන ජාලය ක්‍රමානුකූලව පුළුල් කිරීමට අප පියවර ගත්තා.  ඒ හරහා වැඩි පිරිසක් වෙත අත්‍යවශ්‍ය බැංකු සේවාවන් සමීප කරවීමටත්, ස්වයං සේවා පහසුකම් සඳහා ගනුදෙනුකරුවන් අතර වර්ධනය වෙමින් පවතින ඉල්ලුම සපුරාලීමටත් අපට හැකි වී තිබෙනවා. අපගේ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන ජාලය මෙතරම් සාර්ථක වීම නිසා, අප අනුගමනය කරන සංවර්ධනය කේන්ද්‍ර කරගත්, මානුෂ-හිතවාදී බැංකුකරණ ක්‍රමවේදය රට පුරා ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දීම වඩාත් පහසුවී තිබෙනවා. ග්‍රෑන්ඩ්පාස් යනු ව්‍යාපාර කටයුතු බහුලව සිදුවන, විශාල ජනගහනයක් වෙසෙන ප්‍රදේශයක්. එවැනි ප්‍රදේශයක අපගේ 50 වැනි ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව